ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/08 26 පි.
  • හූනාගේ පාදවල අරුමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හූනාගේ පාදවල අරුමය
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දෙවිගේ ප්‍රඥාව දැකගත හැකි නිර්මාණ
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සොබාදහමෙන් ගත හැකි පාඩම්
    2006 පිබිදෙව්!
  • පටුන
    2008 පිබිදෙව්!
  • මුල් නිර්මාණය කාගෙද?
    සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 4/08 26 පි.

නිර්මාණයක්ද?

හූනාගේ පාදවල අරුමය

◼ හූනාට ඉතාමත් සුමට පෘෂ්ඨයක නොලිස්සා යටිකුරුව එල්ලී සිටීමටත් සිවිලිමක් වැනි පෘෂ්ඨයක යටිකුරුව ඉතාමත් ඉක්මනින් ගමන් කිරීමටත් හැකියි. ඌට තිබෙන මේ හැකියාව ගැන විද්‍යාඥයන් පුදුම වෙනවා. මේ පුංචි හූනා මෙපමණ හපන්කමක් කරන්නේ කෙසේද?

“හූනා දෑත්වලින් එල්ලීගෙන” සිටියි කියා බයිබලයේද පවසා තිබෙනවා. (හිතෝපදේශ 30:28, නව ලොව පරිවර්තනය) උගේ පාදයේ ඇඟිලිවල යටි පැත්තේ ඉතාමත් සියුම් කෙඳි රාශියක් තිබෙනවා. මේ සියුම් කෙඳි තවත් කුඩා කෙඳි සිය ගණනකට බෙදී යනවා. මේවා පියවි ඇසට දැකගන්න බැහැ. කෙසේවෙතත් උන්ගේ පාදයේ ඇඟිලිවල යටි පැත්තේ ඇති කෙඳිවල තිබෙන අණුක ආකර්ෂණය නිසා ඌට යම් පෘෂ්ඨයක යටිකුරුව එල්ලී සිටිය හැකියි.

හූනාගේ පාදයේ මෙම ඇලෙනසුලු ස්වභාවයට අනුකූලව ඇලෙනසුලු ද්‍රව්‍යයන් නිපදවීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.a එක් සඟරාවක සඳහන් වූ ආකාරයට මෙය “බොහෝ වෛද්‍යමය කටයුතුවලදී ප්‍රයෝජනවත් වෙයි. තෙත් සහිත ස්වභාවයක් තිබියදී පවා එක තැන රැඳ විය හැකි වෙළුම් පටි ලෙසත් ශල්‍යකර්මයකදී මැහුම් දැමීම වෙනුවට භාවිත කළ හැකි ප්ලාස්ටරයක් ලෙසත් මේවා භාවිත කළ හැකි වෙයි.”—එම සඟරාව Science News.

හූනාට තිබෙන මේ පුදුමාකාර හැකියාව ගැන ඔබ සිතන්නේ කුමක්ද? එම හැකියාව අහම්බෙන් ලැබුණු දෙයක්ද? නැත්නම් එය නිර්මාණයක ප්‍රතිඵලයක්ද?

[පාදසටහන]

a තෙත පෘෂ්ඨයක පවා ඇලී සිටීමට හැකියාව ලබා දෙන මට්ටියාගෙන් ශ්‍රාවය වන ප්‍රෝටීන ගැනද විද්‍යාඥයන් විසින් පර්යේෂණය කරනු ලබනවා.

[26වන පිටුවේ පින්තූරය]

ටෝකේ වර්ගයේ හූනෙක්

[26වන පිටුවේ පින්තූරය]

හූනාගේ පාදයේ ඇති සියුම් කෙඳි අන්වීක්ෂයකින් බැලූ විට

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Gecko: Breck P. Kent; close-up: © Susumu Nishinaga/​Photo Researchers, Inc.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න