ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/09 3 පි.
  • පීඩනයට ලක් වූ දරුවෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩනයට ලක් වූ දරුවෝ
  • 2009 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • “ඔබට බොහොම ස්තුතියි!”
    2011 පිබිදෙව්!
  • යෞවනයෙනි, යෙහෝවා ඔබේ වැඩ අමතක කරන්නේ නැහැ!
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ දුව ඉන්නේ පීඩනයකින් නම් . . .
    2014 පිබිදෙව්!
  • දෙමාපියනි ඔබේ දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 4/09 3 පි.

පීඩනයට ලක් වූ දරුවෝ

පාසැල් ශිෂ්‍යයාවක් වන ජෙනිෆර්ගේ වයස අවුරුදු දහහතයි. ඇය පන්තියේ සිටි දක්ෂ ශිෂ්‍යාවක්. ඇය ඉගෙනීමට පමණක් නොව බාහිර ක්‍රියාකාරකම්වලටද කැපීපෙනෙන දස්කම් පෙන්නුවා. ඒ නිසා ඇයට ගුරුවරුන්ගේ ආදරය දිනාගැනීමට හැකි වුණා. නමුත් උසස් පෙළ විභාගයට පෙර වසරේදී ඇය අසනීප වුණේ හිටිහැටියේමයි. ඒ වගේම නිතර නිතර වමනය යෑමෙන්ද දරුණු හිසරදයකින්ද පීඩාවින්දා. ඊට හේතුව අධ්‍යාපන කටයුතුවල වැඩි කාලයක් නියැලීමත් හරිහැටි විවේකයක් නොගැනීමත් කියායි ඇය සිතන්නේ.

මේ තත්වයට ගොදුරු වී සිටින්නේ ඇය පමණක් නොවෙයි. බොහෝ දරුදැරියන් අධ්‍යාපන කටයුතු නිසා දැඩි පීඩනයකට හසු වී සිටිනවා. සමහර දරුවන්ට ප්‍රතිකාර ලබා දීමට පවා සිදු වී තිබෙනවා. මේ හේතුව නිසා ඇමරිකාවේ අධ්‍යාපනවේදීන් පිරිසක් පාසැලේ ඉගෙනීමේ කටයුතුවලින් එල්ල වන පීඩනය අඩු කිරීමට යම් වැඩසටහනක් දියත් කර තිබෙනවා. එම වැඩසටහන හඳුන්වන්නේ අභියෝග ජය ගන්න ආකාරය කියායි.

ජෙනිෆර් මෙන් ඔබත් පාසැල් ශිෂ්‍යාවක් නම් පාසැලේ අධික වැඩ කටයුතු නිසා යම් පීඩනයක් අද්දකිනවා විය හැකියි. එසේ නැතහොත් ඔබ දෙමාපියෙකු නම් ඔබේ දුව හෝ පුතා අධ්‍යාපනයෙන් සාර්ථකත්වයක් අත් කරගැනීමට වෙහෙසෙන අයුරු දැක ඇති. දරුවන්ටත් දෙමාපියන්ටත් මෙම පීඩනයෙන් මිදීමට යම් උපකාරයක් ලබාගත හැකිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න