ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/10 12 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රතිදේහ තවමත් ක්‍රියාශීලියි
  • දෙවිගෙන් ප්‍රශ්න කරන ශිෂ්‍යයන්
  • ශාරීරික ආබාධ විවාහකයන්ව ළං කරවයි
  • වෛරස් උණෙන් ආරක්ෂා වෙමු!
    2010 පිබිදෙව්!
  • ඔබේ ශරීර සෞඛ්‍යයට ආරක්ෂාව සලසන පද්ධතියක්
    2001 පිබිදෙව්!
  • රුධිරය ශරීරගත කිරීමේ අනතුරක් තිබේද?
    2008 පිබිදෙව්!
2010 පිබිදෙව්!
g 1/10 12 පි.

දස දෙසින්

“ඇමරිකාවේ දෙවියන්ව අදහන ජනයා තවමත් සිටියත් මෑතක සිට දේශපාලන හා සංස්කෘතික කටයුතුවලදී ඔවුන් දෙවිගේ පිහිට පතන්නේ ඉතාමත් සුළු වශයෙනුයි.”—NEWSWEEK, U.S.A.

“ආර්ථික අර්බුදවල තවත් ප්‍රතිඵලයක්: දික්කසාද වීමට අවශ්‍ය වුණත් ඒ සඳහා වැය කිරීමට තරම් වත්කමක් තමන්ට නැති නිසා දෙන්නට දෙන්නා රුස්සන්නේ නැති වුණත් එකට ජීවත් වීම වාසිදායක බව බොහෝදෙනා තේරුම්ගෙන තිබෙනවා.”—THE WALL STREET JOURNAL, U.S.A.

ජර්මනියේ වෙසෙන සෑම මව්වරු තුන්දෙනෙකුගෙන් එක් අයෙකු විලාසිතා ගැන, මිතුරන් ඇති කරගැනීම ගැන, ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන ආකාරය ගැන හෝ තමන් සම්බන්ධයෙන් හොඳ ආකල්පයක් ඇති කරගන්නා ආකාරය ගැන ඉගෙනගන්නේ තම දියණියගෙන් බව වාර්තා වෙනවා.—BERLINER MORGENPOST, GERMANY.

ප්‍රතිදේහ තවමත් ක්‍රියාශීලියි

වර්ෂ 1918දී පැතිර ගිය මාරාන්තික ස්පාඤ්ඤ උණ රෝගය තුරන් වී දැනට වසර 90ක් ගත වී හමාරයි. ඒ වුණත් ඉන් බේරුණු අයගේ ශරීර තුළ එම වෛරසයෙන් ආරක්ෂා වීමට නිපදවුණු ප්‍රතිදේහ තවමත් ඔවුන්ගේ රුධිරයේ තිබෙනවා. අපගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය මොන තරම් පුදුමාකාරද කියා එයින් පැහැදිලි වන බව එක් පුවත්පතක සඳහන් වුණා. එදා එම වෛරසයෙන් තම ජීවිත ගලවාගත් දැන් මහලු වියේ පසුවන අයගේ රුධිරය පරීක්ෂා කිරීමෙන් හෙළි වුණේ “මාරාන්තික වෛරසය ඔවුන්ගේ ශරීරයේ තිබෙනවාද කියා සොයමින් එම ප්‍රතිදේහ ඔවුන්ගේ ශරීර තුළ තවමත් සැරිසරන බවයි.” එම ප්‍රතිදේහ උපයෝගී කරගෙන පර්යේෂකයන් එන්නතක් නිපදවා ඇති අතර ඉහත කී වෛරසය වැලඳුණු මීයෙකුට එය ලබා දීමෙන් පසු ඌ සුව වූ බව වාර්තා වෙනවා. අපගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය සතු මතකය ගැන පර්යේෂකයන් පුදුමයට පත් වෙනවා. ඒ ගැන ඉන් එක් අයෙක් මෙසේ පැවසුවා. “අපගේ ජීවිත කාලයටම සරිලන ප්‍රතිශක්තිකරන පද්ධතියක් දෙවි අපට ලබා දී තිබෙන නිසා මාරාන්තික රෝගයකට වුණත් ඔරොත්තු දෙන්න අපට පුළුවන්.”—එම පුවත්පත International Herald Tribune.

දෙවිගෙන් ප්‍රශ්න කරන ශිෂ්‍යයන්

ස්වීඩනයේ පාසැල් ශිෂ්‍යයන්ට දෙවිගෙන් ප්‍රශ්න අසන්න අවස්ථාවක් ලැබුණොත් ඔවුන් මුලින්ම අසන්නේ “යහපත් අය දුක් විඳින්නේ ඇයි” කියායි. එමෙන්ම “අපේ ජීවිතයේ අරමුණ කුමක්ද” සහ “මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද” යන ප්‍රශ්නද ඔවුන්ට ඇති බව සමීක්ෂණයකින් හෙළි වුණා. එරටේ බොහෝදෙනා ආගම ගැන එතරම් උනන්දුවක් නොදැක්වුවත් “ඇත්තෙන්ම ඔවුන් එවැනි ප්‍රශ්න ගැන කල්පනා කරනවා” කියා එම සමීක්ෂණය සිදු කළ අයගෙන් කෙනෙක් පැවසුවා.

ශාරීරික ආබාධ විවාහකයන්ව ළං කරවයි

විවාහකයන් කුමන වයසක පසු වුණත් යම් ශාරීරික ආබාධයකට ලක් වූ පසු ඔවුන්ගේ විවාහ ජීවිතයේ ප්‍රීතිය වැඩි වී තිබෙන බව එක් වාර්තාවක සඳහන් වෙනවා. යම් ආබාධ නිසා එදිනෙදා වැඩකටයුතු කරගැනීමට නොහැකි වීම කලකිරීමට හේතුවක් බව ඇත්තයි. ඒ වුණත් එය ඔවුන් දෙදෙනාගේ බැඳීම ශක්තිමත් කිරීමට දායක වෙනවා. ඒ කෙසේද? වැඩිහිටි ස්වාමිපුරුෂයන් සමඟ කළ සමීක්ෂණයකින් හෙළි වුණේ එවන් ආබාධිත තත්වයන් නිසා ඔවුන්ට තම භාර්යාවන් සමඟ අර්ථවත් කාලයක් ගත කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි. ඒ ගැන එක් පර්යේෂණ ආයතනයක අධ්‍යක්ෂවරයෙක් මෙසේ පැවසුවා. “ඔවුන් තම භාර්යාවන්ව බලාගැනීමට හෝ වගකීම් ඉටු කිරීමට වැඩි අවධානයක් දීමට පටන්ගෙන ඇති නිසා එකිනෙකා සමඟ පෙරට වඩා වැඩි කාලයක් ගත කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. ඒ නිසා දෙදෙනා අතර ඇති බැඳීම අගය කරන්නත් ඔවුන් පටන්ගෙන තිබෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න