නිර්මාණයක්ද?
පුදුමාකාර දෘෂ්ටි විතානය
● මිනිස් ඇසේ ඇති එක් විශේෂ කොටසක් වන්නේ දෘෂ්ටි විතානයයි. එහි ආලෝක සංවේදී සෛල මිලියන 120ක් පමණ තිබෙනවා. මේවා මගින් සිදු වන්නේ ඇසට එන ආලෝක තරංග විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කිරීමයි. මෙම විද්‍යුත් සංඥා නිසා අපි දකින රූපය කුමක්ද කියා මොළය හඳුනාගන්නවා. නමුත් පරිණාමවාදීන් පවසන්නේ දෘෂ්ටි විතානය සැකසී තිබෙන ආකාරය නිසා එයට නිර්මාතෘ කෙනෙකු සිටිනවා කියා සිතන්න බැරි බවයි.
මේ ගැන සිතන්න. කොඳු ඇට පෙළ සහිත සතුන්ගේ ඇස්වල ආලෝක සංවේදී සෛල පිහිටා තිබෙන්නේ දෘෂ්ටි විතානයේ මතුපිට පෘෂ්ඨයේ නොවෙයි. ඒ නිසා ආලෝකයට, ආලෝක සංවේදී සෛල වෙත යෑමට, සෛල පටල හරහා ගමන් කිරීමට සිදු වෙනවා. පරිණාමවාදී ජීව විද්‍යාඥයෙක් වන කෙනත් මිලර් මෙවැනි දෙයක් පැවසුවා. “දෘෂ්ටි විතානයේ ආලෝක සංවේදී සෛල මේ ආකාරයට පිහිටා තිබීම අපේ පෙනීමට බාධාවක්.”
තවත් පරිණාමවාදී විද්‍යාඥයෙක් පැවසුවේ දෘෂ්ටි විතානය කාර්යක්ෂම නැහැ කියායි. ඒ නිසා පරිණාමවාදීන් කියා සිටින්නේ එය නිර්මාණ කළ දෙයක් නොව අහම්බෙන් ඇති වූ දෙයක් බවයි. නමුත් වැඩිදුර කරන ලද පර්යේෂණවලින් හෙළි වුණේ දෘෂ්ටි විතානය මේ ආකාරයට සැකසී තිබීමෙන් ආලෝක සංවේදී සෛල, වර්ණක සහිත අපිච්ඡදයට යාබදව පිහිටා ඇති බවයි. වර්ණක සහිත අපිච්ඡදය මගින් පැහැදිලි දෘෂ්ටියකට අවශ්‍ය ඔක්සිජන් හා පෝෂණය, ආලෝක සංවේදී සෛලවලට සපයනවා. ඒ ගැන ජීව විද්‍යාඥ ජෙරී බර්ග්මන් හා අක්ෂි විශේෂඥයෙක් වන ජොසෆ් කැල්කින්ස් මෙසේ පැවසුවා. “වර්ණක සහිත අපිච්ඡදය, දෘෂ්ටි විතානයේ මතුපිට පෘෂ්ඨයේ පිහිටා තිබුණා නම් එය අපේ පෙනීමට විශාල බාධාවක්.”
ස්වීඩනයේ එක් මහාචාර්යවරයෙක් වන රොනාල්ඩ් කෲගර් මෙසේ අදහස් දැක්වූවා. “පැහැදිලි රූප දකින්න නම් ඇසේ කාචයේ සිට ආලෝක සංවේදී සෛල අතර නිශ්චිත දුරක් තියෙන්න ඕනේ.”
තවත් කරුණක් වන්නේ මෙතරම් ස්නායු සෛල ප්‍රමාණයක් ආලෝක සංවේදී සෛලයට ඉතා ළඟින් තිබීම නිසා දකින දසුන් පිළිබඳ තොරතුරු යැවීම වේගවත් වගේම ඉතා නිවැරදි වීමයි.
ඔබේ නිගමනය කුමක්ද? මේ පුදුමාකාර දෘෂ්ටි විතානය ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවාද?
[15වන පිටුවේ රූප සටහන]
(මුද්‍රිත පිටපත බලන්න)
ආලෝක සංවේදී සෛල
ආලෝකය
වර්ණ සහිත අපිච්ඡදය
ආලෝකය
දෘෂ්ටි විතානය
දෘෂ්ටික ස්නායුව