ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/11 29 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විශ්වාසවන්ත මිත්‍රයන්ගේ හිඟයක්
  • කොකේන් පන්නන යාත්‍රා
  • පවුලක් ලෙස එකට ආහාර ගන්න ඇත්නම්
  • පවුලේ බැඳීම ශක්තිමත් කරගන්න කදිම අවස්ථාවක්
    2010 පිබිදෙව්!
  • දස දෙසින්
    2012 පිබිදෙව්!
  • කෑම පාර්සලයක් සාක්ෂිදරයි
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මත්ද්‍රව්‍ය ඔබේ දිවියට බලපාන අයුරු
    1999 පිබිදෙව්!
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 2/11 29 පි.

දස දෙසින්

අවුරුදු 40ට අඩු ජර්මන් ජාතිකයන්ගෙන් හතරෙන් එකක් පමණ කියා සිටියේ දරුවන් සමඟ එකට යාච්ඤා කිරීම හොඳ දෙයක් බවයි. නමුත් එය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකුවේ පල්ලි යන අයගෙන් දහයෙන් හතරක් පමණයි.—APOTHEKEN UMSCHAU, GERMANY.

හදවත් රෝගයකට හේතු වන ජාන විකෘතියක් තිබෙන පුද්ගලයෙක් පරිත්‍යාග කළ ශුක්‍රාණුවලින් දරුවන් 24දෙනෙක් බිහි වී තිබෙනවා. ඉන් නවදෙනෙකුටම එම රෝගය වැලඳුණා. එක දරුවෙක් වයස අවුරුදු දෙකෙන් මිය ගියා.—JAMA, U.S.A.

“දූෂණය වැළැක්විය නොහැකි බවත් එය සාමාන්‍ය දෙයක් බවත් රුසියානු වැසියන්ගෙන් සියයට 50ක් පිළිගන්නවා.”—RIA NOVOSTI, RUSSIA.

විශ්වාසවන්ත මිත්‍රයන්ගේ හිඟයක්

“සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හොඳ මිතුරන් සිටින්නේ තුන්දෙනෙක් පමණයි” කියා එක් පුවත්පතක සඳහන් වුණා. සමීක්ෂණයකට අනුව මිතුරන් අහිමි වීමට ප්‍රධාන හේතුව වන්නේ “කාර්යබහුල ජීවිතයයි.” එයට සහභාගි වූ අයගෙන් සියයට 43ක්ම පැවසුවේ ‘මත ගැටුම් නිසාත් මිතුරන්ගෙන් ඈත් වූ බවයි.’ තවත් පිරිසක් පැවසුවේ “ඔවුන්ට ළං වෙන්න කිසි කෙනෙක් නැති නිසා” රැකියා ස්ථානයේ සිටින අයට ළං වෙනවා කියායි. සමීක්ෂකයෙකුගේ අදහස වුණේ මෙයයි. “විශ්වාසවන්ත මිතුරෙක් වීම පහසු දෙයක් නෙවෙයි.”—එම පුවත්පත Daily Telegraph.

කොකේන් පන්නන යාත්‍රා

කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙක්සිකෝවට හා එක්සත් ජනපදයට හොර රහසේ කොකේන් ගෙන යනවා. ඒ සඳහා ඔවුන් භාවිත කරන සබ්මැරීන හා සමාන යාත්‍රා 42ක් කොලොම්බියාවේ බලධාරීන් විසින් අල්ලාගෙන තිබෙනවා. ඒවා නිෂ්පාදනය කරන ස්ථාන කිහිපයක්ද සොයාගත්තා. මෙම යාත්‍රා සබ්මැරීන නොවුණත් ඒවා රේඩාර් පද්ධතියට හසු වෙන්නේ නැහැ. සමහර ඒවාට කිලෝමීටර් 3,200ක් පමණ දුරක් යාත්‍රා කිරීමටත් කොකේන් ටොන් හයත් දහයත් අතර ප්‍රමාණයක් ප්‍රවාහණය කිරීමටත් හැකියි. එවැනි යාත්‍රාවක් සෑදීමට ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වෙනවා.

පවුලක් ලෙස එකට ආහාර ගන්න ඇත්නම්

අවුරුදු 14ත් 16ත් අතර වයසැති ෆින්ලන්ත දරුවන් පිරිසක්ව සමීක්ෂණයකට හවුල් කරගත්තා. පවුලක් හැටියට එකට ආහාර වේලක් ගෙන තිබුණේ ඔවුන්ගෙන් අඩකටත් වඩා අඩු පිරිසක් පමණයි. ඔවුන් දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඇසූ විට පැවසුවේ මෙයයි. “පවුලේ හැමෝම එකතු වෙලා සතුටින් ආහාර වේලක් ගැනීම, දෙමාපියන් අපිට සවන් දීම හා අපි එක්කත් ටිකක් කාලය ගත කිරීමයි.” මෙවැනි අවස්ථා දරුවන්ගේ මානසිකත්වයට යහපත් බලපෑමක් ඇති කරනවා. “පවුලේ අය සමඟ කාලය ගත කරන දරුවන් ඉගෙනීමට දක්ෂයි. ඔවුන් දුම්පානයට, මත්පැන්වලට හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවද අඩුයි.”—Helsingin Sanomat.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න