ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/11 8-9 පි.
  • 5—මානසික පෝෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 5—මානසික පෝෂණය
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?
    තවත් ලිපි
  • ශරීර සෞඛ්‍යය
    2019 පිබිදෙව්!
  • 1 | සෞඛ්‍ය රැකගන්න
    2022 පිබිදෙව්!
  • ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 3/11 8-9 පි.

5—මානසික පෝෂණය

‘සිහිකල්පනාව ඇති සියලුදෙනා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරයි.’ (හිතෝපදේශ 13:16) සෞඛ්‍ය පිළිබඳව හොඳ දැනුමක් තිබෙනවා නම් අවශ්‍ය විටෙක වෙනස්කම් කිරීම අපහසු නැහැ.

දැනුම. සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට පොත් පත් සහ විවිධ සෞඛ්‍ය සේවාවන් බොහොමයක් තිබෙනවා. ඒවායින් ප්‍රයෝජන ගන්න. ඔබ ලබාගන්නා දැනුම මගින් ඔබේ ශරීර සෞඛ්‍ය වඩා යහපත් අතට හරවාගැනීමට ඔබට හැකි වෙයි. ඒ වෙනුවෙන් යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය නම් ඒ ගැන දෙවරක් හිතන්න එපා.

ඔබ ළඟ ඇති යහපත් පුරුදු ඔබට පමණක් නොව ඔබේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙයි. උදාහරණයකට ඔබ පෝෂ්‍යදායි ආහාර, පිරිසිදුකම, විවේකය, ව්‍යායාම්, රෝග වළක්වාගැනීම වැනි දේ ගැන සැලකිලිමත් වෙනවා නම් ඔබ මෙන්ම ඔබේ දරුවන්ද නිරෝගීව සිටින අතර ඔවුන් ඔබේ ආදර්ශයද අනුගමනය කිරීමට පෙලඹෙයි.—හිතෝපදේශ 22:6.

අදාළ කරගැනීම. සමහර අයට බරපතළ සෞඛ්‍ය ගැටලු තිබුණත් ඔවුන් අවශ්‍ය වෙනස්කම් කරන්න පෙලඹෙන්නේ නැහැ. ඒ වගේම නරක පුරුද්දක් අත්හැරීම ලෙහෙසි දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය වෙනස්කම් කිරීමට ඒ ගැන සිතීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවට යම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි. එවැනි ක්‍රියාමාර්ග ගැනීමට ඔබව පොලඹවන්නේ කුමක්ද? ප්‍රේමයයි.

ඔබට, අන් අයට උපකාර කරන්න හැකි වන්නේ ඔබ නිරෝගීව සිටියොත් පමණයි. උදාහරණයකට විවාහක යුවළකට එකිනෙකාට උපකාර කිරීමට, දෙමාපියන්ට දරුවන්ට උපකාර කිරීමට, දරුවන්ට වයසක දෙමාපියන්ව රැකබලා ගැනීමට හැකි වන්නේ නිරෝගීව සිටියොත් පමණයි. එවැනි නිරෝගී කෙනෙක් සමාජයට දයාදයක් වෙනවා මිස කිසිවිටෙක සමාජයට බරක් වෙන්නේ නැහැ. මේ දේවල් කිරීමට නම් ඔබ ඔබටත් අන් අයටත් ප්‍රේම කිරීම අවශ්‍යයි.

ඒ සියල්ලටම වඩා ඔබ දෙවිට ප්‍රේම කරන කෙනෙක් නම් නිරෝගීව සිටීම ගැන මීටත් වඩා උනන්දු වෙනවා. ඊට හේතුව දෙවි දී තිබෙන ජීවිතය ඔබ ඉතා අගය කොට සැලකීමයි. (ගීතාවලිය 36:9) අනික් අතට ඔබ නිරෝගී කෙනෙක් නම් දෙවිට හොඳින් සේවය කිරීමටත් ඔබට හැකි වෙයි.

නිරෝගී දිවියක් භුක්ති විඳින්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න