ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/11 29 පි.
  • හදට සුව දෙන සතුට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හදට සුව දෙන සතුට
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ‘ප්‍රඥාව දෙන්නේ යෙහෝවාය’
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ හදවත රැකගන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට ප්‍රිය හදවතක් ඇති කරගනිමු
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔබේ සිත ආරක්ෂා කරගන්න’
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 8/11 29 පි.

හදට සුව දෙන සතුට

“සන්සුන් මනසක් ගතට සුවයකි.”—හිතෝපදේශ 14:30.

“ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි.”—හිතෝපදේශ 17:22.

● ඉහත සඳහන් වදන් පැවසුවේ මීට වසර 3,000කට පමණ පෙර ඊශ්‍රායෙලයේ සිටි සලමොන් රජයි. ඇත්තටම ඒවා නිකන්ම නිකන් කියමන්ද? නැත්නම් ඒවායෙහි සත්‍යයතාව වෛද්‍ය විද්‍යාවෙන් සනාථ වී තිබෙනවාද?

එක් වෛද්‍ය සඟරාවක මෙසේ සඳහන් වුණා. “කෝපය හා වෛරය සිතේ තබාගැනීම, හෘද ආබාධ ඇති වීමට හේතු වෙනවා. ඒ නිසා හෘද ආබාධ වළක්වාගැනීමට හෝ ඊට ප්‍රතිකාර කිරීමට ඖෂධ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා කෝපය හා වෛරය සිතෙන් අයින් කරගැනීමත් අවශ්‍යයි.” බයිබලයේද පවසන්නේ සන්සුන් සිතක් ගතට සුවයක් කියායි.—එම සඟරාව Journal of the American College of Cardiology.

ප්‍රීතිය අපේ ශරීර සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන ස්කොට්ලන්තයේ වෛද්‍ය ඩෙරික් කොක්ස් BBC පුවත් සේවයට මෙසේ පැවසුවා. “සතුටින් ඉන්න කෙනෙකුට වඩා දුකෙන් ඉන්න කෙනෙකුට ලෙඩ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විශේෂයෙන්ම කෙනෙක් නිතරම සතුටින් ඉන්නවා නම් ඔහුට හෘද රෝග සහ අංශභාගය වැනි රෝගී තත්වයන් ඇති වීමට තිබෙන අවස්ථාව අඩුයි.”

සලමොන් රජ පැවසූ දෙය එතරම් නිවැරදි වීමට හේතුවද බයිබලයෙන්ම සොයාගත හැකියි. එහි පවසන්නේ “දෙවි, සලමොන් රජුට ප්‍රඥාවත් තේරුම්ගැනීමේ හැකියාවත් නොඅඩුව දුන්නේය” කියායි. (1 රාජාවලිය 4:29) ඊට අමතරව බයිබලයේ සඳහන් ප්‍රඥාවන්ත උපදෙස් ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත හැකි අතර එය ලබාගැනීමට කිසිම විදයමක් දැරීමට අවශ්‍ය වන්නෙත් නැහැ.

එවැනි ඥානවන්ත උපදෙස් ලබාගැනීම සඳහා ඔබ බයිබලය අධ්‍යයනය කරනවා නම් ඔබ ඉන් බොහෝ ප්‍රයෝජන ලබයි. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඔබ ප්‍රඥාව සිතට ගෙන දැනුමෙන් ප්‍රීතියක් ලබන්නේ නම් සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත. වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත.”—හිතෝපදේශ 2:10, 11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න