ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/12 6-7 පි.
  • අවංක වීම ප්‍රයෝජනදායකයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවංක වීම ප්‍රයෝජනදායකයි
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විශ්වාසවන්ත වීමේ ඇති වටිනාකම
  • අවදානමක් නොගන්න
  • ආර්ථික බිඳ වැටීමකදී
  • වංකකමට දිරි දෙන සමාජයක්
    2012 පිබිදෙව්!
  • සෑමවිටම අවංකව කටයුතු කරමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • හැම කාරණයකදීම අවංක වෙන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • සැබෑ සාර්ථකත්වයට මඟ අවංකකමයි
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 1/12 6-7 පි.

අවංක වීම ප්‍රයෝජනදායකයි

“වංචාවෙන් උපයාගත් කෑම මිනිසෙකුට රසවත් වුවද පසු කලෙක ඔහුට ගල්කැට කන්න සිදු වෙයි.”—හිතෝපදේශ 20:17.

අවංකව කටයුතු කිරීමෙන් ව්‍යාපාරයක් සාර්ථක කරගත හැකියි. සාර්ථකත්වයට රහස නම් අවංක ව්‍යාපාරිකයෙක් ලෙස හොඳ නමක් දිනාගැනීමයි. නමුත් වංකව කටයුතු කිරීමෙන් බොහෝවිට සිදු වන්නේ අවාසියක්.

විශ්වාසවන්ත වීමේ ඇති වටිනාකම

කලින් ලිපියේ සඳහන් කළ ෆ්‍රාන්ස් මෙසේ පවසනවා. “වැඩ කරන්න පටන්ගත්ත මුල් කාලයේදී මම අවංකව හා විශ්වාසවන්තව වැඩ කරනවාද කියලා සමාගමේ නිලධාරීන් හොයලා බලලා තියෙනවා. හැබැයි මම ඒක දැනගෙන හිටියේ නැති වුණත් මම අවංකව වැඩ කළා. ඒක එයාලා දැක්ක නිසා මගේ වගකීම් වැඩි කළා. වැඩි නිදහසකුත් වෙනත් දීමනාත් මට ලැබුණා. මේ රැකියාව කරන්න මට වඩා සුදුසුකම් තියෙන අය හිටියත් මට මේ රැකියාවේ දිගටම ඉන්න පුළුවන් වුණේ මගේ විශ්වාසවන්තකම නිසයි.”

අවදානමක් නොගන්න

කලින් ලිපියේ සඳහන් කළ ඩේවිඩ් මෙසේ පවසනවා. “සමහර අය තාවකාලික වාසි ප්‍රයෝජන ලබාගන්න නීති උල්ලංගනය කරනවා. හැබැයි එයාලා කරන වැරදි වැඩවලට කවදාහරි දවසක ප්‍රතිඵල විඳින්න වෙනවා. අපි ඒක තේරුම් අරගෙන තියෙන නිසා වංක විදිහට කරන ව්‍යාපාර ගනුදෙනු අපි භාරගත්තේ නැහැ. ඒ නිසා අපි හුඟක් ප්‍රශ්නවලින් බේරුණා. නමුත් වංචා කරපු අයගේ ව්‍යාපාර වැඩිකල් තිබුණේ නැහැ. සමහර අයට උසාවි ගානේ රස්තියාදු වෙන්නත් සිද්ධ වුණා. අපේ ආයතනය බේරුණා.”

දකුණු අප්‍රිකාවේ කෙන් නමැති පුද්ගලයාගේ අද්දැකීම සලකා බලන්න. ඔහු ගොවිපොළක් ආරම්භ කිරීමට අදහස් කළා. නිලධාරීන්ට අල්ලස් දී ගොවිපොළට අවශ්‍ය දේවල් ඉක්මනින් හා තීරු බදු රහිතව ආනයනය කරගැනීමට ඔහුට හැකිකම තිබුණා. ඔහු මෙසේ පවසනවා. “අනික් අය නම් සාමාන්‍යයෙන් කරන්නේ ඒකයි. නමුත් අපි හැමදේම කළේ අවංකවයි. ඒ නිසා අපිට ගොවිපොළේ වැඩ පටන්ගන්න අවුරුදු දහයක් විතර ගියා. ඒත් මම ඒ ගැන දුක් වුණේ නැහැ. අල්ලස් දීපූ අයට වුණේ හැමදාමත් ඒ නිලධාරීන්ට පගා දිදී ඉන්නයි.”

ආර්ථික බිඳ වැටීමකදී

ව්‍යාපාරයක් පාඩු විඳින විට වංචනික ක්‍රියා කිරීමට තිබෙන පෙලඹීම වැඩියි. නමුත් එවැනි අවස්ථාවකදී පවා අවංකව කටයුතු කිරීම කොතරම් වටිනවාද කියා පහත සඳහන් උදාහරණයෙන් පැහැදිලි වෙනවා.

ඇමරිකාවේ ජීවත් වන බිල් නමැති පුද්ගලයාට ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපාරයක් තිබුණා. එම රටේ සිදු වූ ආර්ථික බිඳ වැටීම නිසා ඔහුගේ ව්‍යාපාරය අසාර්ථක වුණා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “අපේ හුඟක් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර බිඳ වැටුණු නිසා ඔවුන් අපිට ඩොලර් දහස් ගාණක් ණයයි. ඔවුන් ඒ ණය ගෙව්වේ නැති නිසා අපිට වුණේ ලොකු පාඩුවක්. ඊටපස්සේ මම තවත් ගොඩනැඟිලි ඉඳි කිරීමේ සමාගමකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා එහි අයිතිකරුවන්ගෙන් ඇහුවා. පැය 48ක් තරම් සුළු කාලයක් ඇතුළත මාවත් මගේ සමාගමේ සේවකයන් හුඟදෙනෙක්වත් ඒ සමාගම භාරගන්න කැමති වුණා. ඔවුන් ඒ වගේ තීරණයක් ගත්තේ මගේ සමාගම විශ්වාසවන්ත, හොඳ සේවාවන් සපයපු සමාගමක් හැටියට හොඳ නමක් දිනාගෙන තිබුණු නිසා කියලා එයාලා කිව්වා.”

ඉහත අදහස් දැක්වූ සියලුදෙනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඔවුන් තම ජීවිතයේ අනිකුත් කාරණාවලදී මෙන්ම ව්‍යාපාර කටයුතුවලදීද බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරනවා. ඔවුන්ගේ සාර්ථකත්වයට රහස අවංකකමයි.

වංකකමින් යම් වාසි ප්‍රයෝජන ලබා සාර්ථකත්වය අත් කරගැනීමට බොහෝ අවස්ථා තිබුණත් සාර්ථකත්වය කියන්නේ මුදල් පමණද?

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබ අවංක කෙනෙක් බවට හොඳ නමක් දිනාගෙන තිබෙනවා නම් එය සාර්ථකත්වයට මඟයි

[7වන පිටුවේ පින්තූරය]

“මගේ සමාගම විශ්වාසවන්ත, හොඳ සේවාවන් සපයපු සමාගමක් හැටියට හොඳ නමක් දිනාගෙන තිබුණා.”—ඇමරිකාවේ, බිල්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න