ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/12 3 පි.
  • සම්බන්ධතා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සම්බන්ධතා!
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සැබෑ නමස්කාරයට අතහිත දුන් නාතන්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සෝතැවුල් මැද තෘප්තිමත් ජීවිතයක්
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හොඳ යාළුවෝ කවදාවත් යාළුකම අත්හරින්නේ නැහැ
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අවංක පසුතැවිල්ලට සමාව දෙන දෙවි
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 2/12 3 පි.

සම්බන්ධතා!

● සෑම්, 1900 ගණන්වල එක්සත් ජනපදයේ ගම්බද පළාතක ජීවත් වූ කෙනෙක්. ඔහු නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරන්න අකමැති වූ නිසා බොහෝදෙනෙක් ඔහුව හැඳින්නුවේ පරණ තාලේ කෙනෙක් ලෙසයි. නමුත් ඔහුගේ දරුවන් ඇතුළු අනික් අය නවීන ක්‍රමවලට කැමැත්තක් දැක්වුවා. ඔහු තම 16හැවිරිදි දියණියට දිනක් මෙසේ පැවසුවා. “මුහුණට මුහුණ බලලා කතා කරන එක ඉක්මනින්ම නැතුව යයි වගේ.”

ඒත් කාලයකින් මුණගැසී නැති සහ කතා කිරීමට අවස්ථාවක් නොලැබුණු අය කොතරම් සිටිනවාද කියා සෑම්ට සිතුණා. ඒ විතරක් නොවෙයි කතා කරන්න බැරි තරමට පවුලේ අය කාර්යබහුලව සිටින බවත් ඔහු තේරුම්ගත්තා. ‘මට මේ හැමෝම එක්ක සම්බන්ධයක් තියාගන්න නම් මට අලුත් තාලෙට හැඩගැහෙන්න වෙයි’ කියා ඔහු සිතුවා. අවසානයේදී සෑම් දුරකථනයක් මිල දී ගන්න තීරණය කළා.

දැන් 2012 වර්ෂයයි. සෑම්ගේ මුනුපුරා වන නේතන් දුර ඈත රටක වෙසෙන තම මිතුරන් දෙදෙනෙක් වන රොබෙටෝ සහ ඇන්ජලා සමඟ දුරකථනයෙන් කතා කරනවා. නේතන්ගේ මිතුරන් දුර රටකට ගියේ මීට වසර දහයකට පෙරයි.

පසුගිය කාලය පුරාම නේතන් මිතුරන් සමඟත් තම නෑදෑ හිතමිතුරන් සමඟත් ඉඳහිට දුරකථනයෙන් කතාබහ කිරීමෙන් ඔහු සෑහීමට පත් වුණා. නමුත් ඔහුගේ දරුවන් ඇතුළු බොහෝදෙනෙක් ඒ සඳහා යොදාගන්නේ මිතුරු සමාජ වෙබි අඩවියි (social network).

නේතන්ද නවීන තාක්ෂණය භාවිත කිරීමට අදිමදි කළ නිසා මිනිසුන් ඔහුව හැඳින්නුවේ පරණ තාලේ කෙනෙකු ලෙසයි. ඔහු මෙසේ පැවසුවා. “මට හිතෙන්නේ මිනිසුන්ගේ කටහඬ ඇහෙන කාලයත් ළඟදීම නැති වෙයි කියලයි.” නමුත් දැන් නේතන් හිතන විදිහ වෙනස්. ඔහු මෙසේ කල්පනා කරනවා. ‘හැමෝම එක්ක සම්බන්ධයක් තියාගන්න නම් මටත් අලුත් ක්‍රමවලට හුරු වෙන්න වෙයි.’

ඔබටත් එසේ සිතෙනවාද? සාමාන්‍යයෙන් අන් අය සමඟ අදහස් හුවමාරු කරගැනීම මිනිස් අවශ්‍යතාවක්. (උත්පත්ති 2:18; හිතෝපදේශ 17:17) ඒ සඳහා බොහෝදෙනෙක් නවීන ක්‍රමයක් වන මිතුරු සමාජ වෙබ් අඩවි යොදාගන්නවා. එම නවීන ක්‍රමය ගැන ඔබ දැනගත යුත්තේ කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න