ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/12 5 පි.
  • 2. පිරිසිදුකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2. පිරිසිදුකම
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කන බොන දේ ගැන ආයෙත් හිතලා බලන්න!
    තවත් ලිපි
  • කුස්සියේ විනෝදයක් ලැබිය හැක
    1997 පිබිදෙව්!
  • සුවබර දිවියකට යෝජනා පහක්
    2015 පිබිදෙව්!
  • ඔබේ සෞඛ්‍යය රැකගැනීමට ක්‍රම 6ක්
    2003 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 6/12 5 පි.

2. පිරිසිදුකම

සැත්කමකට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් තම අත් සෝදාගන්නා අතර උපකරණවල හා ශල්‍යාගාරයේ පිරිසිදුකම ගැන සොයා බලනවා. එසේ කරන්නේ තම රෝගියාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන නිසයි. ඒ හා සමානව ඔබේ පිරිසිදුකම ගැනත් මුළුතැන්ගෙයි හා ආහාරවල පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වීමෙන් ඔබේ පවුලේ අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගත හැකියි.

● අත් සෝදන්න.

“උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝ වන රෝග සියයට 80ක් පමණ පැතිර යන්නේ අත්වලින්” කියා කැනඩාවේ මහජන සෞඛ්‍ය ආයතනය වාර්තා කරනවා. ඒ නිසා කෑමට පෙර, වැසිකිළි භාවිතයෙන් පසු සහ ආහාර පිසීමට පෙර සබන් ගා අත් සෝදන්න.

● මුළුතැන්ගෙය පිරිසිදුව තබාගන්න.

වැඩියෙන්ම විෂබීජ තියෙන්නේ නාන කාමරයේ කියායි හුඟදෙනෙක් සිතන්නේ. එහෙත් එක් අධ්‍යයනයකදී හෙළි වුණේ “මුළුතැන්ගෙයි පිඟන් කෝප්ප සේදීමට ගන්නා ස්පොන්ජි වැනි දේවල, අසූචිවල ඇති බැක්ටීරියා බොහොමයක් තිබෙනවා” කියායි.

පිඟන් කෝප්ප පිසදැමීමට ගන්නා රෙදි නිතර නිතර මාරු කරන්න. මුළුතැන්ගෙයි මේස ආදිය විෂබීජ නාශක හෝ සබන් යෙදූ උණු වතුරෙන් පිසදමන්න. මෙය සෑමවිටම පහසු කාර්යයක් නොවෙයි. කලින් සඳහන් කළ බෝලාගේ නිවසේ ජලනළ පහසුකම් නැහැ. ඇය මෙසේ පවසනවා. “වතුර ගේන්න කොච්චර අමාරු වුණත් අපේ ගෙදර වතුරයි සබනුයි කොයි වෙලෙත් තිබුණා. ඒ නිසා ගේයි කුස්සියයි පිරිසිදුව තියාගන්න අපිට පුළුවන්.”

● හොඳින් සෝදන්න.

එළවළු සහ පලතුරු වෙළඳපොළට ගේන්න කලින් ඇසිරීමේදී හා ප්‍රවාහණයේදී නොයෙකුත් විෂබීජවලට නිරාවරණය වෙනවා. ඒ නිසා පොතු ඉවත් කර ආහාරයට ගන්නා පලතුරු හෝ එළවළු පවා හොඳින් සෝදන්න. මේ සඳහා කාලය වැය වෙයි. බ්‍රසීලයේ සිටින මවක් වන ඩයෑන් මෙසේ පවසනවා. “මම කලබලයෙන් සලාද හදන්නේ නැහැ. කාලය අරං කොළ වර්ග හොඳට සෝදනවා.”

● මස් වර්ග වෙන් කරන්න.

අනික් ආහාරවලට බැක්ටීරියා පැතිරීම වැළැක්වීමට මස්, මාළු වැනි දේ හොඳින් අසුරා තබන්න. මස්, මාළු කැපීමට වෙනම ලෑල්ලක් සහ පිහියක් භාවිත කරන්න. එසේ නැතහොත් එවැනි ආහාර කැපූ පසු සබන් දා උණු වතුරෙන් ලෑල්ල සහ පිහිය සෝදන්න.

දැන් ඔබත් මුළුතැන්ගෙයි උපකරණත් පිසීමට ගන්නා ආහාරත් පිරිසිදුයි. ආහාර වේල පිරිසිදුවට පිළියෙල කරගන්නේ කෙසේද කියා ඊළඟට සලකා බලමු.

[5වන පිටුවේ කොටුව]

දරුවන්ව පුහුණු කරන්න: “කන්න කලින් අත් සෝදන්නත් කෑමක් බිම වැටුණොත් ඒක සෝදලා කන්න නැත්නම් විසි කරන්න කියලත් අපි ළමයින්ට කියලා දිලා තියෙනවා.”—හොං කොංහි හොයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න