ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/12 2-3 පි.
  • සාර්ථක විය හැකියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාර්ථක විය හැකියි
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • තනි වූ මව්වරුන් සහ පියවරුන් ගැන සැලකිලිමත් වෙමු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තනි වූ නමුත් තනිකම නොදැනෙන මාපියෝ
    2002 පිබිදෙව්!
  • දිනෙන් දින සංඛ්‍යාවෙන් ඉහළ යන තනි මාපිය පවුල්
    2002 පිබිදෙව්!
  • තනි-මාපිය පවුල්වලට සාර්ථක විය හැක!
    පවුලේ සන්තෝෂයට රහස
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 11/12 2-3 පි.

සාර්ථක විය හැකියි

“මගේ දූලා දෙන්නා මාව බදාගෙන මට ආදරෙයි කියද්දී මට ලොකු සතුටක් දැනෙනවා.”—තනිවම දරුවන් හදා වඩා ගන්නා මවක් වන පෝලන්තයේ ආනා.

“මං දරුවන් වෙනුවෙන් කරන දේ එයාලා අගය කරලා, පුංචි චිත්‍ර වගේ දේවල් ඇඳලා මට තෑගි කරනකොට ඒගොල්ලන් වෙනුවෙන් වෙන මහන්සිය මට අමතක වෙනවා.”—තනිවම දරුවන් හදා වඩා ගන්නා පියෙක් වන ඉතාලියේ මාස්සිමෝ.

“මම දුකෙන් ඉන්න වෙලාවට මගේ පුතාලා දෙන්නගෙන් කෙනෙක් ඇවිල්ලා මගේ කරට අත දාලා ‘අම්මේ මං ඔයාට හුඟක් ආදරෙයි’ කියලා කියනවා.”—තනිවම දරුවන් හදා වඩා ගන්නා මවක් වන දකුණු අප්‍රිකාවේ යාස්මින්.

මෙම ලිපි මාලාවේ සාකච්ඡා කරන්නේ තනිවම දරුවන්ව හදා වඩා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන මව්වරුන් සහ පියවරුන් ගැනයි. මෙහි දැක්වෙන්නේ පිබිදෙව්! සඟරාව ජාත්‍යන්තර මට්ටමෙන් කළ සමීක්ෂණයකදී ලබාගත් අදහස් කිහිපයක්. එම මව්වරුන් සහ පියවරුන් කියා සිටියේ තම සහකරුගේ හෝ සහකාරියගේ උපකාරය ලැබුණා නම් මොන තරම් සහනයක්ද කියායි. කෙසේවෙතත් ඔවුන් එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ඔවුන්ගේ අදහස්වලින් පැහැදිලියි.a

ඇත්තෙන්ම තනිවම දරුවන්ව හදා වඩා ගැනීම මේ කාලයේදී විශාල අභියෝගයක්.b එවැනි මව්වරුන්ට සහ පියවරුන්ට සාර්ථක වීමට උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද කියා ඊළඟ ලිපිවලින් සාකච්ඡා කරනවා. ඔබත් තනිවම දරුවන් හදා වඩා ගන්නා මවක් හෝ පියෙක් නම් ඔවුන්ගේ අවංක අදහස් ඔබටත් ප්‍රයෝජනවත් වෙයි.

මෙම ලිපි මාලාවේ වැදගත් කාරණා හයක් සාකච්ඡා කරනවා.

  1. උපකාර ලබාගන්න

  2. හොඳින් අදහස් හුවමාරු කරන්න

  3. මුල් තැන දිය යුතු දේවල් හඳුනාගන්න

  4. සීමා තහංචි පැහැදිලි කර දෙන්න

  5. සාරධර්ම කියා දෙන්න

  6. දෙවිගෙන් උපකාර පතන්න

a ලොව වටා වැඩියෙන්ම තනිවම දරුවන්ව හදා වඩා ගන්නේ මව්වරුනුයි. ඒ නිසා මෙම ලිපි මාලාවේ කතා කරන්නේ මව්වරුන් ගැනයි.

b මෙම ලිපිවල පළ කර ඇති බොහෝ අදහස් මව සහ පියා යන දෙදෙනාම සිටින පවුල්වලටත් ප්‍රයෝජනවත් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න