ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/12 10 පි.
  • 6 දෙවිගෙන් උපකාර පතන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 6 දෙවිගෙන් උපකාර පතන්න
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දෙවියන් ඔයාට ඇහුම්කන් දෙන්න නම් යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • තනි-මාපිය පවුල්වලට සාර්ථක විය හැක!
    පවුලේ සන්තෝෂයට රහස
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 11/12 10 පි.

6 දෙවිගෙන් උපකාර පතන්න

“මගේ මහත්තයා අපිව දාලා ගියාම අපි අසරණ වුණා. මම දෙවිට යාච්ඤා කරලා උපකාර ඉල්ලුවා. එදා ඉඳන් දෙවි අපිව බලාගන්නවා. යෙහෝවා දෙවිගේ උපකාරයත් මඟ පෙන්වීමත් අපිට ලැබුණා.”—ජපානයේ මාකි.

අද බොහෝදෙනෙක් කාලය යොදවන්නේ මුදල් සොයන්නයි. ඒ නිසා දෙවියන් ගැන සෙවීමට ඔවුන්ට කාලය නැහැ. ඒත් අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් අපි ගැන සැලකිලිමත් නිසා ඔහුට අවශ්‍ය වෙන්නේ අපේ ජීවිත සාර්ථක වෙනවා දකින්නයි. ඔහු දී තිබෙන පොරොන්දුවක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘භය නොවන්න. මන්ද මම ඔබ සමඟ සිටින්නෙමි. ඔබට පිහිට වන්නෙමි.’—යෙසායා 41:10.

කලින් ලිපියේ සලකා බැලුවේ දෙවියන් බයිබලය මාර්ගයෙන් අපට මඟ පෙන්වන ආකාරයයි. (2 තිමෝති 3:16) නමුත් එහි සඳහන් වන්නේ මඟ පෙන්වීම් පමණක් නොවෙයි. දෙවිගේ ගුණාංග ගැනත් අප කෙරෙහි ඔහුට ඇති ප්‍රේමය ගැනත් එහි සඳහන් වෙනවා. බොහෝ ක්‍රිස්තියානි දෙමාපියන් එහි ඇති උපදෙස් ජීවිතයට අදාළ කරගැනීමෙන් දෙවිගේ යහපත්කම අද්දැක තිබෙනවා.

ඔස්ට්‍රියාවේ රොබට්: “යෙහෝවා දෙවි තමයි කෙනෙකුට ඉන්න පුළුවන් හොඳම අම්මා හරි, තාත්තා හරි. අපේ දරුවන්ට අවශ්‍ය දේත් එයාලව ආරක්ෂා කරන්න ඕනේ කොහොමද කියලත් දන්නේ දෙවියි. ඒ නිසා මම නිතරම මගේ දුවත් එක්ක එකතු වෙලා දෙවියන්ට යාච්ඤා කරනවා.”

ජපානයේ ආයූසා: “මොනවා හරි ප්‍රශ්නයක් වුණාම ‘භය වෙන්න එපා, යෙහෝවා දෙවියන් අපිත් එක්ක ඉන්නවනෙ’ කියලා පුතා ලොකු විශ්වාසයකින් කියද්දී මට දැනෙන්නේ පුදුම සතුටක්.”

ඉතාලියේ ක්‍රිස්ටිනා: “මට ප්‍රශ්නයක් විසඳගන්න බැරි වෙද්දී මම ඒක යෙහෝවා දෙවියන්ට භාර දෙනවා. ඒක මට ලොකු සහනයක්. මම දන්නවා දෙවියන් ඒක හොඳම විදිහට විසඳනවා කියලා.”

ප්‍රංශයේ ලොරාන්ටින්: “මට ස්ථීරයෙන්ම කියන්න පුළුවන් දරුවන්ව තනියම හදාගන්න යෙහෝවා දෙවියන් මට හුඟක් උදව් කරලා තියෙනවා කියලා. දෙවියන් ඇත්තටම පීඩිතයන්ටත් අම්මා හරි තාත්තා හරි නැති දරුවන්ටත් උපකාර කරනවා කියලා විශ්වාසයි.”

ජපානයේ කෙයිකෝ: “අම්මයි තාත්තයි දෙන්නම ඉන්න පවුල්වලටත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්න පවුල්වලටත් යෙහෝවා දෙවි ආශීර්වාද කරන්නේ එකම විදිහටයි.”—ක්‍රියා 10:34.

යෙහෝවා දෙවියන්ගේ දයාව යේසුස් පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. ‘වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙක් නිසා ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.’ (මතෙව් 11:28-30) යෙහෝවා දෙවියන් මෙන්ම යේසුස්ද කැමති ඔවුන්ගේ ප්‍රේමණීය රැකවරණය අප ලබනවාටයි. අපට අවශ්‍ය දේ හොඳින්ම දන්නේ දෙවියි. අපේ ජීවිතයේ සාර්ථකත්වයට දෙවියන් දෙන මඟ පෙන්වීම් අවශ්‍යයි කියා අප තේරුම්ගන්නවාට ඔහු කැමතියි. යෙහෝවා දෙවියන් අපට කරන ආරාධනය නම් ඔහු “යහපත් බව රස බලා දැනගන්න” කියායි. (ගීතාවලිය 34:8) ඔබ ඒ ආරාධනය පිළිගන්න කැමතිද?

අම්මාගේ ආදර්ශය

අම්මා කොච්චර මහන්සි වෙලා හිටියත්, කොච්චර වැඩ තිබුණත් ඒ ඔක්කොම දාලා ඇවිත් මාත් එක්ක යාච්ඤා කරනවා. යෙහෝවා දෙවියන්ට ගොඩාක් කිට්ටු වෙන්න මට පුළුවන් කියලා තේරුම්ගන්න අම්මා කරපු ඒ යාච්ඤා මට උදව් වුණා.—ඇමරිකාවේ අමැන්ඩා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න