පවුලේ සැමට
ආබ්‍රහම්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවද?
අපි අනිත් අයට ආදරෙන් සලකන්න ඕනෙද?
• පින්තූර පාට කරන්න. • සඳහන් කර ඇති බයිබල් පද කියවා ඒවා විස්තර කරමින් අවශ්‍ය තැන්වල දෙබස් ලියන්න. • මේවා සොයන්න. (1) හූණා, (2) පිහිය.
ආබ්‍රහම් අමුත්තන්ට ආදරෙන් සැලකුවේ කොහොමද?
හෝඩුවාව: උත්පත්ති 18:2, 4-5.
අනිත් අයට ආදරෙන් සලකන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?
හෝඩුවාව: රෝම 12:13.
ආබ්‍රහම්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
ඔයා මොනවාද හිතන්නේ?
අපි විශේෂයෙන්ම කාටද ආදරෙන් සලකන්න ඕනේ?
හෝඩුවාව: ගලාති 6:10.
එකතු කරන්න
බයිබල් චරිත 24 සැම්සන්
ප්‍රශ්න
- අ. ඔහුගේ තාත්තාගේ නම ․․․․․. 
- ආ. ගාසා නුවරදී සැම්සන් ඔහුගේ ශක්තිය පාවිච්චි කළේ මොකක් කරන්නද? 
- ඇ. සැම්සන්ව පාවලා දුන්නේ කවුද? 
තොරතුරු.
ඔහු අවුරුදු 20ක්ම ඊශ්‍රායෙල් දේශයේ විනිශ්චයකරුවෙක් විදිහට සේවය කළා. (විනිශ්චයකරුවෝ 15:20) ‘පිලිස්තිවරුන් යටතේ සිටි ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න’ දෙවි පාවිච්චි කළේ ඔහුවයි. (විනිශ්චයකරුවෝ 13:5) දෙවි සැම්සන්ට බලය දුන්න නිසා ඔහුට ලොකු ශක්තියක් ලැබුණා. යෙහෝවා දෙවි ගැන ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා.—හෙබ්‍රෙව් 11:32-34.
පිළිතුරු
- අ. මානෝවා.—විනිශ්චයකරුවෝ 13:8, 24. 
- ආ. නුවර දොරටුවේ අගුලු දමා තිබූ දොරවල් දෙක උළුවහු කණු දෙකත් එක්කම ගලවලා හෙබ්‍රොන් අසල පිහිටි කන්ද වෙනකම්ම කරේ තියාගෙන යන්න.—විනිශ්චයකරුවෝ 16:2, 3. 
- ඇ. දෙලීලා.—විනිශ්චයකරුවෝ 16:4, 5. 
ජාතීන් හා දේශ
අපේ නම් ලෙස්ලි, කැත්ලීන් සහ අලොන්ද්‍රා. අපේ වයස 10යි, අටයි, හතයි. අපි ජීවත් වෙන්නේ මෙක්සිකෝවේ. එහි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්නේ 2,95,400ක්ද, 4,55,000ක්ද නැත්නම් 7,24,700ක්ද?
සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.
සිඟිති ඔබට වැඩක්
මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.
- හූනා ඉන්නේ ආබ්‍රහම් අමුත්තන්ට සංග්‍රහ කරන පින්තූරෙයි. 
- පිහිය තියෙන්නේ කූඩාරම තියෙන පින්තූරෙයි. 
- 7,24,700. 
- 1.