ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/13 14-15 පි.
  • ශරීර සෞඛ්‍යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශරීර සෞඛ්‍යය
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපේ ශරීරයට අපි සලකන විදිහ ගැන දෙවියන් සැලකිලිමත්ද?
  • ඇයි අපි ලෙඩ වෙන්නේ?
  • බෙහෙත් ගන්න එපා කියලා බයිබලයේ කියනවාද?
  • සියලු රෝගවලට නිමාවක්!
    2007 පිබිදෙව්!
  • ඔබේ සෞඛ්‍යය ගැන සමබරව සිතන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිරෝගීකම සැමගේ පැතුමයි!
    2007 පිබිදෙව්!
  • සැමට නිරෝගී සෞඛ්‍යයක්—ළඟදීම!
    2001 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 4/13 14-15 පි.

බයිබලයෙන් පිළිතුරක්

ශරීර සෞඛ්‍යය

අපේ ශරීරයට අපි සලකන විදිහ ගැන දෙවියන් සැලකිලිමත්ද?

“වයින්වලට ලොල් වූ අය සමඟවත් මස්වලට කෑදර වූ අය සමඟවත් එකතු නොවන්න.”—හිතෝපදේශ 23:20.

පිළිතුරු දැනගැනීම වැදගත්ද?

බයිබලය වෛද්‍ය අත්පොතක්වත් මිනිසුන්ගේ ජීවිතේ හැම පුංචි කාරණයක් ගැනම සඳහන් පොතක්වත් නෙමෙයි. ඒත් ශරීර සෞඛ්‍යය ගැන දෙවියන් හිතන විදිහ බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. ඒවා දැනගැනීමෙන් අපිට ප්‍රයෝජන ලබාගන්න පුළුවන්.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

අපි අපේ ශරිරයට දක්වන සැලකිල්ල ගැන දෙවියන්ද සැලකිලිමත් වෙනවා. ඒ ගැන බයිබලයේ විවිධ පදවලින් දැනගන්න පුළුවන්. උදාහරණෙකට බේබදුකම සහ කෑදරකම වගේ ශරීරයට හානියක් කරන පුරුදු බයිබලයේ හෙළා දකිනවා. (හිතෝපදේශ 23:20) ඈත අතීතයේ ජීවත් වූ ඊශ්‍රායෙල් ජාතියට දෙවියන් දුන් නීතිරීති නිසා රෝග පැතිරෙන එක මර්දනය කරන්නත් සමහර රෝගවලින් ආරක්ෂා වෙන්නත් පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අනතුරු වළක්වාගැනීමට ගන්න ඕනෙ පියවර ගැනත් ඒ නීතියේ තිබුණා. (ද්විතීය කතාව 22:8) ඒකෙන් පැහැදිලි වෙන්නේ අපේ ශරීරය ගැන සැලකිලිමත් වෙන එකත් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න යම් පියවර ගන්න එකත් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා කියන එකයි.

ඇයි අපි ලෙඩ වෙන්නේ?

“එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.”—රෝම 5:12.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

හුඟක් අය හිතනවා අපි ලෙඩ වෙන්නෙ කරුමෙ නිසා කියලා. තවත් සමහරු හිතන්නෙ භූත බලපෑම් නිසා කියලා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

අපි ලෙඩ වෙන්නේ අපේ මුල් දෙමව්පියන් වන ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණ නිසයි. (රෝම 5:12) එයාලා දෙවියන්ට අකීකරු වෙන්න කලින් කිසිම ලෙඩක් දුකක් නැතිව නිරෝගිමත් ජීවිතයක් භුක්ති වින්දා. එයාලා දැනගෙන හිටියා දෙවිගේ මඟ පෙන්වීම්වලට පිටුපෑවොත් තමයි මරණය අත් වෙන්නෙ කියලා. (උත්පත්ති 2:16, 17) ඒක දැන දැනත් එයාලා දෙවියන් එක්ක තිබුණ බැඳීම නැති කරගෙන පරිපූර්ණ නිරෝගී ජීවිතයක් ගත කරන්න තියෙන අවස්ථාව නැති කරගත්තා.

මුල් දෙමාපියන්ට උරුම වුණ දඬුවම අපිටත් උරුම වෙලා තියෙනවා. මිනිස්සු කොච්චර උත්සාහ කළත් ලෙඩ දුක්වලින් මිදෙන්න හැකියාවක් නෑ.

ඔබට කළ හැකිදේ.

දෙවියන්ගෙ නැණවත් ප්‍රතිපත්තිවලට කීකරු වෙලා ඔහුත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න. එතකොට නිරෝගී සෞඛ්‍යයක් ඇතුව සදහටම මේ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 33:24) දුක, වේදනාව සහ මරණය මේ ලෝකයෙන් තුරන් කරන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—එළිදරව් 21:3, 4.

බෙහෙත් ගන්න එපා කියලා බයිබලයේ කියනවාද?

“රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”—මතෙව් 9:12.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

බෙහෙත් ගන්නැතුව යාච්ඤා කරලා හරි සුව මෙහෙයන්වලට ගිහිල්ලා හරි ලෙඩ හොඳ කරගන්න පුළුවන්.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ඈත අතීතයේදීත් වෛද්‍ය සේවාවන් ලබාගන්න දෙවියන් ඉඩ දීලා තිබුණා. (උත්පත්ති 38:28; කොලොස්සි 4:14) වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඖෂධ පැළෑටි පාවිච්චිය, තෙල් ආලේපය, සමහර කෑම බීමවලින් වැළකීම වගේ දේවල් කරන එක වැරදියි කියලා දෙවියන් කියලා නැහැ. වතාවක් යේසුස් පවා මේ විදිහට කිව්වා. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”—මතෙව් 9:12.

ඒත් බයිබලයේ සෑම ප්‍රතිකාර ක්‍රමයක්ම අනුමත කරන්නෑ. උදාහරණෙකට සුව මෙහෙයන් වලට ගිහින් යාච්ඤා කිරීමෙන් හරි භූත බලයෙන් හරි ලෙඩ සුව කරන එක දෙවියන් අනුමත කරන්නෑ. (ගලාති 5:19-21) දෙවියන් හෙළා දකින එවැනි ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන්නේ නැතුව සුදුසු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාගන්න එක තමයි නැණවත්ම දේ.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න