ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/13 16 පි.
  • මොල්ලි තල්මසාගේ අවල් පත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මොල්ලි තල්මසාගේ අවල් පත
  • 2013 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සොබාදහමෙන් ගත හැකි පාඩම්
    2006 පිබිදෙව්!
  • මුල් නිර්මාණය කාගෙද?
    සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
  • මහ සයුරේ දැවැන්තයෝ
    2009 පිබිදෙව්!
  • පටුන
    2013 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 6/13 16 පි.

නිර්මාණයක්ද?

මොල්ලි තල්මසාගේ අවල් පත

වැඩුණ මොල්ලි තල්මසෙකු කිලෝග්‍රෑම් 30,000 විතර බරයි. එය බඩු පිරවූ ට්‍රක් රථයක බරට සමානයි. මේ තරම් බර වුණත් පහසුවෙන් නොනැමෙනසුලු ඇඟක් තිබුණත් ඌ ඕනෙ අතකට පිහිනන්නෙත් කිමිදෙන්නෙත් කිසිඳු ආයාසයකින් තොරවයි. රහස මොකක්ද? උගේ අවල් පතේ තියෙන ගැටිතියි.

මේ ගැන සිතන්න: තල්මසුන් වැනි සාගරයේ වෙසෙන ක්ෂීරපායි සතුන්ට අවල් පත් (Flipper) තියෙනවා. සාමාන්‍යයෙන් ඒවායේ ඉදිරි දාරය සුමටයි. ඒත් මොල්ලි තල්මසාගේ අවල් පත් ඊට වඩා වෙනස්. එහි ඉදිරි දාරයේ ගැටිති තියෙනවා. ඌ පිහිනන කොට ජල කඳ ඒ ගැටිතිවල වැදී කුඩා ජල බුබුළු තැනෙනවා. ඒ බුබුළු එකතු වෙලා සුළියක් හැදෙනවා. එතකොට සුමට අවල් පත් ඇති තල්මසුන්ට වඩා පහසුවෙන් මොල්ලි තල්මසා සුළිය තැනෙන දිශාවට තල්ලු වෙනවා. මෙම අමතර තල්ලුව නිසා උගේ වේගය අඩාල වෙන්නේ නෑ. අවල් පත් කොයි අතට ඇල කළත් උගේ ගමනට කිසි බාධාවක් වෙන්නෙත් නෑ. ඒ නිසා උගේ අවල් පත් උගේ ශරීරේ දිගෙන් තුනෙන් එකක් වුණත් ඒවා ඌට බාධාවක් නෙමෙයි.

මේ අවල් පත් අධ්‍යයනය කළ පර්යේෂකයන් වඩා කාර්යක්ෂම බෝට්ටු සුක්කානම්, ටර්බයින, සුළං මෝල් සහ හෙලිකොප්ටර් තටු නිපදවන්න උත්සාහ කරනවා.

ඔබේ නිගමනය කුමක්ද? මොල්ලි තල්මසාට මේ ගැටිති සහිත අවල් පත් ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න