ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/13 10-11 පි.
  • යේසුස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කියන්නේ දෙවියන්ටද?
  • යේසුස් ඉපදුණේ කවදාද?
  • ඇත්තටම යේසුස් මරණින් පස්සේ නැවත නැගිට්ටද?
  • යේසුස් ඉපදුණේ දෙසැම්බර් මාසයේද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යේසුස්ගේ උපත සිදු වුණේ කවදාද?
    2008 පිබිදෙව්!
  • යේසුස් ක්‍රිස්තුස් ගැන සත්‍යය
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 12/13 10-11 පි.

බයිබලයෙන් පිළිතුරක්

යේසුස්

යේසුස් කියන්නේ දෙවියන්ටද?

“කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.”—යොහන් 1:18.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

යේසුස්, දෙවියන් නෙවෙයි කියලා විශ්වාස කරන හුඟදෙනෙක් ඉන්නවා. ඒත් සමහර බයිබල් පදවලට යොමු දක්වමින් යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් කියලා හිතන අයත් ඉන්නවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

යේසුස්, සියලු බලැති දෙවියන් කියලවත් යේසුස් සහ දෙවියන් එක් කෙනෙක් කියලවත් බයිබලයේ සඳහන් වී නැහැ. ඒ වෙනුවට දෙවියන් යේසුස්ට වඩා උතුම් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන යේසුස්ම කිව්වේ “පියාණන් මට වඩා උතුම්” කියලයි. (යොහන් 14:28) ඒ වගේම “කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත” කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 1:18) නමුත් යේසුස්ව මිනිසුන් දැකලා තියෙනවා. එහෙමනම් යේසුස්, දෙවියන් වෙන්න බැහැ.

යේසුස්ගේ මුල් ගෝලයන් කිසිම අවස්ථාවක යේසුස්ව දෙවියන් කියලා හැඳින්නුවේ නැහැ. උදාහරණයකට යොහන් තම සුවිශේෂයේ සඳහන් කළේ මෙහෙමයි. “මේ දේවල් ලියා තිබෙන්නේ යේසුස් දෙවිගේ පුත්‍රයා බවත් ක්‍රිස්තුස් බවත් ඔබට විශ්වාස කිරීමට හැකි වීම සඳහාය.”—යොහන් 20:31.a

යේසුස් ඉපදුණේ කවදාද?

“එඬේරු රාත්‍රියේ එළිමහනේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළවල් රැකබලා ගනිමින් සිටියහ.”—ලූක් 2:8.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා කියලා හිතන අය එදාට නත්තල සමරනවා. තවත් සමහර අය යේසුස්ගේ උපත සමරන්නේ ජනවාරි මුලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

යේසුස් ඉපදුණු දවස බයිබලයේ සඳහන් වෙලා නැහැ. නමුත් යේසුස් ඉපදුණු රාත්‍රියේ ‘එඬේරු එළිමහනේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළවල් රැකබලා ගනිමින්’ සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 2:8) ඒත් දෙසැම්බර් සහ ජනවාරි මාසවල එඩේරුන් එළිමහනේ ඉඳියි කියලා හිතන්න අමාරුයි. ඒ ඇයි?

යේසුස් ඉපදුණු ප්‍රදේශයේ දෙසැම්බර් හා ජනවාරි මාසවල පවතින්නේ අධික ශීත දේශගුණයක්. ඒ කාලය ගැන බයිබලයේ කියන්නේ, මිනිසුන් “ඇද හැළුණු වර්ෂාව නිසා සීතලෙන් ගැහිගැහී” සිටියා කියායි. (එස්රා 10:9, 13; යෙරෙමියා 36:22) එහෙමනම් ඒ කාලයේදී එඬේරුන් බැටළු රැළ සමඟ එළිමහනේ සිටියි කියා කොහොමටවත් හිතන්න බැහැ.

ඇත්තටම යේසුස් මරණින් පස්සේ නැවත නැගිට්ටද?

“දෙවි ඔහුව මරණයෙන් නැවත නැඟිටුවා තිබෙනවා.”—ක්‍රියා 3:15.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සමහර අය කියන්නේ කිසිම කෙනෙක් මැරුණයින් පස්සේ නැවත නැඟිටින්නේ නැහැ, ඒක වෙන්න බැරි දෙයක් කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

යේසුස් තම මරණයට කලින් තමන් “බොහෝ දුක් විඳ මරනු ලබන බවත් තුන්වෙනිදා නැඟිටුවනු ලබන බවත්” ගෝලයන්ට කියා තිබුණා. (මතෙව් 16:21) මිය ගොස් නැවත නැඟිටුණු යේසුස්ව පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් දැක්ක බව බයිබලයේ වාර්තා වෙනවා. (1 කොරින්ති 15:6) යේසුස් මරණයෙන් නැවත නැඟිටුණු බවට ඔවුන්ට කිසි සැකයක් තිබුණේ නැහැ. ඒ ගැන කොයිතරම් විශ්වාසයක් ඔවුන්ට ඇති වුණාද කියනවා නම් ඒ වෙනුවෙන් තම ජීවිතය වුණත් පරදුවට තබන්න ඔවුන් සූදානම්ව සිටියා.—ක්‍රියා 7:51-60; 12:1, 2.

පිළිතුරු දැනගැනීමේ වැදගත්කම.

බයිබලයේ කියන්නේ යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම සියලුම මනුෂ්‍යවර්ගයාට පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න මඟ විවර කළා කියලයි. (ගීතාවලිය 37:11, 29; එළිදරව් 21:3, 4) යේසුස් සහ ඔහුගේ පියා වන සියලු බලැති යෙහෝවා දෙවියන් පෙන්වූ ඉමහත් ප්‍රේමය නිසා ලස්සන පරාදීසයක සදහටම ජීවත් වෙන්න අවස්ථාව අපට ලැබෙනවා.—යොහන් 3:16; රෝම 6:23.

a දෙවියන් මිනිසුන්ට වඩා වෙනස් නිසා ඔහුට පියෙක් වෙන්න බිරිඳක් අවශ්‍ය නැහැ. යේසුස්ව “දෙවිගේ පුත්‍රයා” හැටියට හඳුන්වන්නේ දෙවියන් විසින්ම ඔහුව නිර්මාණය කළ නිසයි. දෙවියන්ට සමාන ගතිලක්ෂණ ඔහුට තිබෙන්නේ ඒ නිසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න