ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/14 12-13 පි.
  • කඳුළක රහස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කඳුළක රහස
  • 2014 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • යේසුස් හෙළූ කඳුළු කියා දෙන පාඩම්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයාගේ කඳුළු යෙහෝවා දකිනවා
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 3/14 12-13 පි.
කඳුළු සලන පුරුෂයෙක්

කඳුළක රහස

කඳුළ කියන්නේ අපේ ජීවිතය හා බැඳී තිබෙන දෙයක්. අලුත උපන් කිරිකැටි බිළිදෙකුගේ හැඬීම ඔහුගේ ජීවන ගමන ආරම්භ කළ බවට දෙන සංඥාවයි. ඉන්පසු දරුවෙක් හඬන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කර දෙන්න කියා වචනෙන් කියන්න බැරි නිසයි. ඒත් අප උස් මහත් වී වැඩිහිටියෙක් වූ පසු අපේ අවශ්‍යතා මොනවාද කියා කීමට බොහෝ ක්‍රම තිබියදීත් කඳුළු සලන්නේ ඇයි?

අපේ නෙතට කඳුළු උනන විවිධ හේතු තියෙනවා. දුකක්, කනස්සල්ලක් හෝ වේදනාවක් දැනුණාම නිතැතින්ම අපේ ඇස්වලට කඳුළු උනනවා. ඒ වගේම ලොකු සතුටක්, සහනයක් දැනුණාමත් අපටත් හොරා අපේ ඇස්වලට කඳුළු එනවා. තව කෙනෙක් අඬද්දීත් අපිට ඇඬෙනවා. ඒ ගැන මරියා නමැති කාන්තාව කිව්වේ මෙහෙමයි. “කවුරු හරි කෙනෙක් අඬනවා දැක්කොත් හේතුව දන්නේ නැති වුණත් මටත් ඇඬෙනවා.” ඒ විතරක් නෙමෙයි චිත්‍රපටියක් බලද්දී පොතක් කියවද්දීත් අපි කඳුළු සැලූ අවස්ථා ඕන තරම් ඇති.

කඳුළු සලන යෞවනියක්, හඬන බිලිඳෙක්, කඳුළු සලන කාන්තාවක්

ඒ මොන හේතුවක් නිසා හැඬුවත් කඳුළ කියන්නේ අදහස් ප්‍රකාශ කරන ප්‍රබල මාධ්‍යයක්. “වචනවලට පෙරළන්න බැරි දේ කියන්න තව බොහෝ ක්‍රම තියෙනවා” කියලා එක් පොතකත් සඳහන් වෙන්නේ ඒ නිසයි. (Adult Crying) කඳුළට පුළුවන් කෙනෙක්ව ක්‍රියාවටත් පොලඹවන්න. කඳුළු සලන කෙනෙක්ව දැක්කම ඒ පුද්ගලයාව ගණන් නොගෙන ඉන්නේ නැතුව අපි ඒ කෙනාව සනසන්න පෙලඹෙන්නේ ඒ නිසයි.

හිතේ දුක හඬා පිට කරන්නේ නැතුව තද කරගෙන සිටීම සෞඛ්‍යයට හොඳ නැහැ කියලා සමහර විද්වතුන් කියනවා. නමුත් සමහරුන් කියන්නේ ඒ ගැන විද්‍යාවෙන් තවම තහවුරු කරලා නැහැ කියලයි. ඒ කොහොම වුණත් එක් සමීක්ෂණයකින් සොයාගත්තේ කාන්තාවන්ගෙන් සියයට 85කටත් පුරුෂයන්ගෙන් සියයට 73කටත් කඳුළු සැලීමෙන් පසු සහනයක් දැනුණු බවයි. නෝමි කියන කාන්තාවත් ඒ ගැන මෙහෙම කිව්වා. “සමහර වෙලාවට අඬන්නම ඕනේ කියලා මට හිතෙනවා. ඇඬුවට පස්සේ මට සහනයක් දැනෙනවා. ඊටපස්සේ අනවශ්‍ය විදිහට කලබල වෙන්නේ නැතුව ප්‍රශ්නෙ ගැන හිතන්න මට පුළුවන්.”

එක් සමීක්ෂණයකින් සොයාගත්තේ කාන්තාවන්ගෙන් සියයට 85කටත් පුරුෂයන්ගෙන් සියයට 73කටත් කඳුළු සැලීමෙන් පසු සහනයක් දැනුණු බවයි

කඳුළු සැලීමෙන් සහනයක් ලැබුණත් අපි අඬද්දී අනිත් අය ඊට දක්වන ප්‍රතිචාරයත් වැදගත්. අපි අඬනකොට අනිත් අය අපව සනසලා උපකාර පිරිනමනවා නම් සහනයක් දැනෙයි. ඒත් අපිට දක්වන ප්‍රතිචාරය යහපත් එකක් නෙමෙයි නම් අපිට අපි ගැනම ලැජ්ජාවක් සහ තනිකමක් දැනෙන්න පුළුවන්.

ඇත්තෙන්ම කඳුළු සැලීම ගැන අපි නොදන්නා තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් හැඬීම කියන්නේ අපේ හැඟීම් පළ කරන්න යෙහෝවා දෙවියන් දීලා තියෙන තවත් එක් හැකියාවක් කියන එක ගැන නම් කිසිම සැකයක් නැහැ.

ඔබ දන්නවාද?

අලුත උපන් බිලිඳුන්ගේ ඇස්වල තෙතමනය තියෙන නිසා හඬද්දී කඳුළු ගලන්නේ නැහැ. සති කිහිපයක් ගියාට පසු කඳුළු ගලන ඉන්ද්‍රියයන් හොඳින් ක්‍රියා කරන්න පටන්ගන්න නිසා හඬද්දී කඳුළු ගලනවා.

ඇසට උනන කඳුළු වර්ග

  • සාමාන්‍යයෙන් ඇසේ තියෙන කඳුළු. ඇස ආරක්ෂා කිරීමටත් තෙතමනය රඳවා ගැනීමටත් කඳුළු ග්‍රන්ථිවලින් මෙම කඳුළු නිපදවනවා. පෙනීම දියුණු කරන්නත් එය උපකාරවත් වෙනවා. අපි ඇසිපිය හෙළන හැම වාරයකදීම මේ කඳුළු ඇස් පුරාවටම පැතිරෙනවා.

  • ක්ෂණිකව ඇති වන කඳුළු. අපේ ඇහැට යමක් ගියාම ඉබේටම මෙම කඳුළු උනනවා. අපි සිනාසෙන විටත් ඈනුමක් යවන විටත් පිට වෙන්නේ මේ කඳුළුයි.

  • හැඟීම් නිසා ඇති වන කඳුළු. අපේ සිතට ලොකු සතුටක් හෝ දුකක් දැනෙද්දී අපි හෙළන්නේ මේ කඳුළුයි. ක්ෂණිකව ඇති වන කඳුළුවලට වඩා මේ කඳුළුවල ප්‍රෝටීන් සංයෝගය සියයට 24කින් වැඩියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න