ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/14 12-13 පි.
  • ඔබේ විදුරුමස අනතුරේ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ විදුරුමස අනතුරේ!
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මොකක්ද මේ විදුරුමසේ ඇති වන රෝගය?
  • ඇති වීමට හේතු සහ සිදු විය හැකි හානිය
  • ප්‍රතිකාර
  • මුතු කැට වන් දත් මවයි සුන්දර සිනහ
    2005 පිබිදෙව්!
  • දන්ත වෛද්‍යවරයාව හමු විය යුතුද?
    2007 පිබිදෙව්!
  • 2—හොඳ පුරුදු
    2011 පිබිදෙව්!
2014 පිබිදෙව්!
g 6/14 12-13 පි.
පියෙක් සහ කුඩා දරුවෙක් දත් මදිමින්

ඔබේ විදුරුමස අනතුරේ!

මුඛයේ ඇති වන රෝග ගැන කතා කරද්දී වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ විදුරුමසේ ඇති වන රෝග ගැනයි. මුල් අවදියේදී රෝග ලක්ෂණ පහළ වුණේ නැතත් ඒවායින් ඇති වන හානිය නම් භයානකයි. විදුරුමසේ ඇති වන මේ දරුණු රෝගී තත්වයන් “බොහෝදෙනෙක්ට ගැටලුවක් වී තිබෙනවා. ඒ වගේම ආහාර ගැනීම වැනි කෙනෙකුගේ සාමාන්‍ය වැඩකටයුතු කරගැනීමට පවා බාධා ඇති වන නිසා ජීවිතයේ සතුට අහිමි වීමට එය හේතු වෙනවා” කියා සඟරාවක සඳහන් වුණා.—International Dental Journal.

මොකක්ද මේ විදුරුමසේ ඇති වන රෝගය?

මේ රෝගී තත්වය ඇති වන්නේ පියවරෙන් පියවරයි. මුලින්ම සිදු වන්නේ විදුරුමස ඉදිමීම හෙවත් ජින්ජිවයිටිස් (gingivitis) තත්වයයි. දත් මදින විට, දන්ත වෛද්‍යවරයෙක් පරීක්ෂා කරන විට හෝ කිසිම හේතුවක් නැතුව විදුරුමසෙන් ලේ ගැලීමක් සිදු වෙනවා නම් මේ රෝගය තිබෙන බවට එය ලකුණක් විය හැකියි.

ඊට පසුව ඇති වන්නේ පීරියොඩොන්ටයිටිස් (periodontitis) තත්වයයි. මෙහිදී දත් අවට ඇති විදුරුමසේ පේශිවලට සහ අස්ථිවලට හානි සිදු වෙනවා. එහි රෝග ලක්ෂණ වන්නේ දතත් විදුරුමසත් අතර හිඩැස් ඇති වීම, දත් බුරුල් වීම, දත් අතර හිඩැස් ඇති වීම, මුඛයෙන් දුඟදක් හැමීම, විදුරුමස දියවීම නිසා දතේ පහළ කොටස් මතු වීම සහ විදුරුමසෙන් ලේ ගැලීමයි. සමහර අවස්ථාවලදී මේ රෝගී තත්වය දරුණු වන තුරු කිසිම රෝග ලක්ෂණයක් මතු වන්නේ නැහැ.

ඇති වීමට හේතු සහ සිදු විය හැකි හානිය

දත්වල බැඳෙන බැක්ටීරියා සහිත මැලියම් මේ රෝගය ඇති වීමට ප්‍රධාන හේතුවක්. ඒ මැලියම් ඉවත් කළේ නැත්නම් එහි ඇති බැක්ටීරියා නිසා විදුරුමස ඉදිමෙන්න පටන්ගන්නවා. ඉන්පසු ටිකෙන් ටික විදුරුමස හා දත් අතර හිඩැස් ඇති වී ඒ හිඩැස් අතරේ බැක්ටීරියා අඩංගු මැලියම් බැඳෙනවා. විදුරුමසේ පේශි සහ අස්ථිවලට හානි සිදු වෙන්න පටන්ගන්නේ එවිටයි. කාලයක් යද්දී මෙම මැලියම් ගන තත්වයට පත් වන අතර එය හඳුන්වන්නේ ටාටා (tartar) ලෙසයි. මෙම ටාටාවල ගනකම නිසාත් දතට තදින් ඇලී තිබෙන නිසාත් ඒවා බුරුසුවකින් ඉවත් කරන්න බැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස එම ටාටාවල බහුලව තිබෙන බැක්ටීරියා මගින් විදුරුමසට විශාල හානියක් සිදු වෙනවා.

විදුරුමසේ රෝගවලට වෙනත් හේතුත් බලපානවා. මුඛ සෞඛ්‍යය ගැන සැලකිලිමත් නොවීම, ප්‍රතිශක්තිකරණය දුර්වල කරන ඖෂධ ගැනීම, වෛරස් අසාදන, ගර්භණී සමයේ හෝමනවල සිදු වන වෙනස්කම්, මානසික පීඩනය, දියවැඩියාව පාලනය නොකිරීම, අධික මත්පැන් පානය සහ දුම්බීම ඉන් සමහරක්.

එයින් ඇති වන වේදනාව හා දත් ගැලවී යෑම නිසා ආහාර සැපීමේ අපහසුතාව ඇති විය හැකියි. එය ඔබේ පෙනුමටත් වචන ශබ්ද කරන විදිහටත් යම් බලපෑමක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි එය ඔබේ මුළු ශරීර සෞඛ්‍යයටම බලපාන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.

ප්‍රතිකාර

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඔබට තිබෙනවා නම් ඉක්මනින්ම දන්ත වෛද්‍යවරයෙක් හමු වන්න.

එයට ප්‍රතිකාර තිබෙනවාද? රෝගය පවතින්නේ මුල් අවදියේ නම් සුව කළ හැකියි. ඒත් තත්වය පීරියොඩොන්ටයිටිස් දක්වා වර්ධනය වෙලා නම් දත් අවට ඇති පේශි සහ අස්ථිවලට හානි වීම වළක්වාගන්න වෛද්‍යවරු කටයුතු කරනවා. ඒ සඳහා දතේ බැඳී තිබෙන මැලියම් සහ ටාටා ඉවත් කිරීමට ඔවුන් විශේෂ උපකරණ යොදාගන්නවා.

ඔබ ජීවත් වෙන්නේ එවැනි වෛද්‍ය පහසුකම් නැති ප්‍රදේශයක නම් මෙම රෝගී තත්වය වළක්වාගැනීමට පියවර ගන්න. ඒ සඳහා නිතිපතා ඔබේ මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

මුඛ සෞඛ්‍ය රැකගන්න

දත් මදින කාන්තාවක්

අඩුම තරමින් දවසකට දෙවරක්වත් දත් මදින්න. සමහර අයට විදුරුමස්වල ඇති වන රෝග වළක්වාගැනීමට හැම ආහාර වේලකටම පසුව දත් මදින්න සිදු වෙනවා

මෘදු කෙඳි සහිත බුරුසුවකින් තද නොකර හෙමින් දත් මදින්න

දත් සුද්ද කරන කාන්තාවක්

දත් පිරිසිදු කිරීමට භාවිත කරන නූල්වලින් දිනපතා දත් පිරිසිදු කරන්න. අවශ්‍ය නම් දත් පිරිසිදු කිරීමට යොදාගන්නා විශේෂ බුරුසු හෝ ටූත්පික් වැනි දේ පාවිච්චි කළ හැකියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න