දියවැඩියාව හැදෙන්න කලින් වළක්වාගන්න
දියවැඩියාව අද ලෝකය පුරාම පැතිරිලා යන වසංගතයක් වගෙයි. එහි වර්ග 2ක් තියෙනවා. පළමු වර්ගයේ දියවැඩියාව ඇති වෙන්නේ ළමා කාලයේදියි. එය වළක්වාගන්න විදිහ වෛද්‍යවරු තවමත් සොයාගෙන නැහැ. ඒත් අපි මේ ලිපියෙන් කතා කරන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව ගැනයි. දියවැඩියා රෝගීන්ගෙන් සියයට 90කටම තියෙන්නේ ඒ රෝගී තත්වයයි.
දෙවන වර්ගයේ දියවැඩියාව හැදෙන්නේ වැඩිහිටියන්ට කියලයි මුලින් හිතුවේ. ඒත් එය දරුවන්ටත් හැදෙනවා කියලා මෑතකදී සොයාගෙන තියෙනවා. විද්වතුන් කියන්නේ මෙම රෝගය හැදෙන එක වළක්වාගන්න පුළුවන් කියලයි. ඒ නිසා අපිටත් නොදැනීම වැළඳෙන මෙම රෝගය ගැන අපි ටිකක් දැනුවත් වෙමු.a
දියවැඩියාව කියන්නේ මොකක්ද?
දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමට හේතු වන රෝගී තත්වයක්. එය රුධිර පද්ධතිය හරහා අපේ සෛලවලට සීනි ගෙන යන ක්‍රියාවලිය අක්‍රමවත් කරනවා. එයින් ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන්වලට හානි වෙනවා වගේම රුධිර සංසරණය දුර්වල වෙනවා. ඒ නිසා සමහර විට ඇඟිලි හෝ පාද කපා දමන්න, ඇස් නොපෙනී යන්න, වකුගඩු ආබාධ ඇති වෙන්න ඉඩ තියෙනවා. හුඟක් දියවැඩියා රෝගීන් මිය යන්නේ හෘදයාබාධ හෝ ආඝාත ඇති වීම නිසයි.
යමෙකුගේ උදරය හා ඉන අවට මේදය තැන්පත් වී තිබෙනවා නම් ඒ පුද්ගලයාට දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානමක් තිබිය හැකියි කියලා විද්වතුන් කියනවා. ඒ වගේම අග්න්‍යාශයේ සහ අක්මාවේ මේදය තැන්පත් වීමත් දියවැඩියාව වැලඳීමේ අවධානම වැඩි කරනවා. එහෙමනම් දියවැඩියාව හැදෙන්න කලින් වළක්වාගන්නේ කොහොමද?
අවදානම අඩු කරගන්න පියවර තුනක්
1. අවදානමක් තියෙනවා නම් රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න. දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වෙන්න කලින් බොහෝවිට පූර්ව දියවැඩියා තත්වය ඇති වෙනවා. පූර්ව දියවැඩියාව කියන්නේ පුද්ගලයෙකුගේ රුධිරයේ සාමාන්‍යයෙන් තිබිය යුතු සීනි මට්ටම මදක් ඉහළ යෑමයි. දෙවන වර්ගයේ දියවැඩියාව වැලඳුනාම තත්වය පාලනය කරනවා මිසක් සුව කරන්න බැහැ. ඒත් පූර්ව දියවැඩියාව බොහෝ දුරට සුව කරන්න පුළුවන්. පූර්ව දියවැඩියාව හඳුනාගැනීමට රෝග ලක්ෂණ නැති නිසා තමන්ට එවැනි රෝගයක් තියෙනවා කියලා හුඟක් අය දන්නේ නැහැ. එක් වාර්තාවකට අනුව ලොව පුරා සිටින පුද්ගලයන් මිලියන 316කට පමණ ඒ රෝගී තත්වය තියෙනවා. ඒත් හුඟදෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. උදාහරණයකට ඇමරිකාවේ ජීවත් වන සියයට 90කට පූර්ව දියවැඩියාව තිබුණත් ඔවුන් ඒ බව දන්නේ නැහැ.
පූර්ව දියවැඩියාව අනතුරුදායක නැහැ කියලා කියන්න බැහැ. එය දෙවන වර්ගයේ දියවැඩියාවට පාර කපනවා වගේම මානසික දුර්වලතාවයන්ටත් හේතු වෙනවා කියලා මෑතකදී හොයාගෙන තියෙනවා. ඔබ තරබාරු කෙනෙක් නම් ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි නම් පවුලේ කෙනෙක්ට දියවැඩියාව තියෙනවා නම් ඔබ දැනටමත් පූර්ව දියවැඩියා තත්වයෙන් පෙළෙනවා විය හැකියි. රුධිර පරීක්ෂාවක් කළොත් ඒ බව දැනගන්න පුළුවන්.
2. සෞඛ්‍යයට හිතකර ආහාර ගන්න. සාමාන්‍යයෙන් ඔබ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරන්න. සිසිල් බීම, සීනි දැමූ පළතුරු බීම වෙනුවට වතුර, තේ, කෝපි වැනි දේවල් බොන්න. පෝෂ්‍ය ගුණයෙන් අඩු ආහාර ගන්නවා වෙනුවට කුරුට්ට සහිත පිටිවලින් තැනූ පාන්, බත් හා පාස්තා වැනි දේවල් පාලනයක් ඇතුව ආහාරයට එක් කරගන්න. ඒ වගේම තෙල් රහිත මස් වර්ග, මාළු සහ ඇට වර්ග ආහාරයට ගන්න.
3. ක්‍රියාශීලී වෙන්න. ව්‍යායාම් කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්නත් ශරීරයේ බර නිසි ප්‍රමාණයට තබාගන්නත් පුළුවන්. ඒ නිසා රූපවාහිනිය නරඹන්න වැය කරන වෙලාවෙන් ටිකක් ව්‍යායාම් කිරීමට යොදාගන්න කියා එක් විද්වතෙක් කියනවා.
ඔබට ඔබේ ජාන වෙනස් කරන්න බැරි වුණත් ඔබේ ජීවන රටාව වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා ඔබ ගන්න වෑයම අපතේ යන්නේ නැහැ.
a කෙනෙක් ගත යුතු ආහාර හෝ කළ යුතු ව්‍යායාම් මොනවාද කියා ‘පිබිදෙව්!’ සඟරාව නිර්දේශ කරන්නේ නැහැ. ඒ නිසා තීරණයක් ගැනීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.