ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/14 16 පි.
  • අශ්ව පාදයේ සැඟවුණු රහස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අශ්ව පාදයේ සැඟවුණු රහස
  • 2014 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පිම්මේ යන අශ්වයන් සතරදෙනා!
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • අසරුවන් හතරදෙනා කවුද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අශ්වයාව මෙන් දිවද මෙල්ල කරන්න
    2004 පිබිදෙව්!
2014 පිබිදෙව්!
g 10/14 16 පි.
වේගයෙන් දුවන අශ්වයන්

නිර්මාණයක්ද?

අශ්ව පාදයේ සැඟවුණු රහස

අශ්වයෙකුට පැයට කිලෝමීටර් 50ක වේගයකින් දුවන්න පුළුවන්. ඒ සඳහා උගේ ශරීරයේ ලොකු ක්‍රියාවලියක් සිදු වුණත් එතරම් ශක්තියක් වැය වෙන්නේ නැහැ. ඒකට රහස උගේ පාදවල සැකැස්මයි.

අශ්වයෙක් වේගයෙන් දුවද්දී සිදු වෙන දේ දැන් අපි බලමු. උගේ පාද පොළොවේ ගැටෙද්දී පාදයේ මාංශ පේශී හා ඇදෙනසුලු කණ්ඩරා, හරියට තද කරලා අත්හරින දඟරයක් (ස්ප්‍රිං එකක්) විදිහට ක්‍රියා කරමින් ශක්තිය උරාගෙන එය මුදා හරිනවා. එවිට අශ්වයාව ඉදිරියට තල්ලු වෙනවා.

අශ්වයෙක් දුවද්දී උගේ පාද වේගයෙන් චලනය වන නිසා පාදවල තියෙන කණ්ඩරාවලට හානි වෙන්න පුළුවන්. නමුත් පාදවල තියෙන මාංශ පේශී, කණ්ඩරා මත ඇති වන පීඩනය උරාගන්න නිසා ඒවා ආරක්ෂා වෙනවා. වේගය සහ ශක්තිය ලබා දෙන්න අශ්ව පාදයේ මාංශ පේශී හා කණ්ඩරා හැදිලා තියෙන්නේ සුවිශේෂී විදිහකටයි කියලා පර්යේෂකයන් කියනවා.

පාද හතරේ රොබෝ යන්ත්‍රවලට අශ්ව පාදයේ එම සැකැස්ම යොදාගන්න ඉංජිනේරුවන් උත්සාහ කරනවා. නමුත් එම සැකැස්මේ ඇති සංකීර්ණත්වය නිසා දැනට තියෙන අමුද්‍රව්‍ය සහ තාක්ෂණික දැනුමෙන් එය අනුකරණය කරන්න බැහැ කියලා මැසචුසෙට් තාක්ෂණ විද්‍යාව පිළිබඳ ආයතනයේ, රොබෝ යන්ත්‍ර නිපදවන පර්යේෂකයන් පවසනවා.

ඔබේ නිගමනය කුමක්ද? ඒ ආකාරයට අශ්ව පාදය සැකසී තියෙන්නේ අහම්බෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න