ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/15 14-15 පි.
  • සැහැසියාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැහැසියාව
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සැහැසියාව ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
  • සැහැසික ක්‍රියා කරන අයට වෙනස් වෙන්න පුළුවන්ද?
  • සැහැසියාව නැති කාලයක් එයිද?
  • ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?
    2002 පිබිදෙව්!
  • ප්‍රචණ්ඩත්වය නැති කාලයක් එයිද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සාහසිකකමට නිත්‍ය අවසානයක්—කෙසේද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැහැසියාවට ලොල් සමාජයක්
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 5/15 14-15 පි.

බයිබලයෙන් පිළිතුරක්

සැහැසියාව

මිනිස් ඉතිහාසය පුරාම සැහැසික ක්‍රියා නැති කාලයක් තිබුණේ නැති තරම්. සැහැසික ක්‍රියාවන් නැති කාලයක් කවදා හරි උදා වෙයිද?

සැහැසියාව ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

කෙනෙකුට හුඟක් කේන්ති ගියාම දරුණු විදිහට හැසිරෙන එක සාමාන්‍යයි කියලා ආගම දහමට ළැදි අය පවා හිතනවා. චිත්‍රපටිවල හෝ රූපවාහිනියේ පෙන්වන සැහැසික දර්ශන බලන එකේ වරදක් නැහැ කියලත් ගොඩක් අය කියනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

නිනිවය කියන නගරය පිහිටා තිබුණේ ඉරාකයේ උතුරු ප්‍රදේශයේ මොසුල් නගරය ළඟ. සමෘද්ධිමත් නගරයක් වුණු නිනිවය ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවරයි. ඒත් ‘නිනිවය විනාශ කර පාළුකරයක් බවට පත්’ කරනවා කියලා යෙහෝවා දෙවියන් කියලා තිබුණා. (ශෙපනියා 2:13) ඒක “සියල්ලන්ගේ අවමානයට ලක් කරනවා” කියලත් කිව්වා. දෙවියන් එහෙම කිව්වේ නිනිවය “ලේ පිපාසිත නගරයක්” වුණු නිසයි. (නාහුම් 1:1; 3:1, 6) මොකද දෙවියන්ට ‘ලේ වගුරුවන අය පිළිකුලක්’ කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 5:6) ඒ කියපු විදිහටම නිනිවය නටබුන් ගොඩක් බවට පත් වුණා.

සැහැසික ක්‍රියාවලට මුල පිරුවේ දෙවියන්ගේ සහ මනුෂ්‍යයන්ගේ සතුරා වන සාතන් නමැති යක්ෂයායි. ඒ නිසයි යේසුස් ඔහුව “මිනී මරුවෙක්” කියලා හැඳින්නුවේ. (යොහන් 8:44) මුළු ලෝකයම සාතන්ගේ බලපෑමට යටත්ව තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 5:19) ගොඩක් අය සැහැසියාවට, විශේෂයෙන්ම මාධ්‍යය තුළින් පෙන්වන සැහැසියාවට මෙතරම් ඇල්මක් දක්වන්නේ ඒ බලපෑම නිසයි. ඒත් කෙනෙක් දෙවියන්ව සතුටු කරන්න නම් ඔහු කැමති දේවල්වලට කැමති වෙන්නත් සැහැසියාවට රුකුල් දෙන දේවල්වලට වෛර කරන්නත් ඕනේ.a

“යෙහෝවා දෙවි . . . සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ද්වේෂ කරන්නේය.”—ගීතාවලිය 11:5.

සැහැසික ක්‍රියා කරන අයට වෙනස් වෙන්න පුළුවන්ද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

අයුක්තියක් අසාධාරණයක් වෙද්දී දරුණු විදිහට හැසිරෙන එක සාමාන්‍යයි. ඒක වෙනස් කරන්න බැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි. ඔබේ මුවින් කිසි අසභ්‍ය කථාවක් පිට නොවිය යුතුයි. . . . පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කර” දමන්න. (කොලොස්සි 3:8-10) දෙවියන් අපිට කරන්න කියන්නේ කරන්න බැරි දෙයක් නෙමෙයි. අපිට වෙනස් වෙන්න පුළුවන්.b ඒ කොහොමද?

මුලින්ම දෙවියන් ගැන නිවැරදි දැනුමක් ලබාගන්න ඕනේ. (කොලොස්සි 3:10) දෙවියන් ගැන දැනගන්න ආසාවක් තියෙන කෙනෙක් ඔහුගේ ගුණාංග හා ප්‍රතිපත්ති ගැන දැනගත්තම දෙවියන්ට ළං වෙනවා. දෙවියන්ට ආදරේ කරන නිසා දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න පෙලඹෙනවා.—1 යොහන් 5:3.

දෙවනුව අපි ආශ්‍රය කරන අය ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. “ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න. හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නෙකු සමඟ ඇසුරු නොකරන්න. ඔහුව ඇසුරු කළොත් ඔබ ඔහුගේ මාර්ගවලට හුරු වී උගුලකට හසු වනු ඇත” කියලා බයිබලයේ කියනවා.—හිතෝපදේශ 22:24, 25.

තුන්වෙනුව සැහැසික දෙයක් කරන්න පෙලඹෙන්නේ ඇයි කියලා දැනගන්න. කෙනෙක් සැහැසික දෙයක් කරන්න පෙලඹෙන්නේ තමන්වම පාලනය කරගන්න බැරි නිසයි. ඒක දුර්වලකමක්. ඒත් සාමයට කැමති කෙනෙක් තමන්ව පාලනය කරගන්න නිසා ඔහු ශක්තිමත්. ඒ නිසයි බයිබලයේ කියන්නේ “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්” කියලා.—හිතෝපදේශ 16:32.

‘සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමට දැඩි උත්සාහයක් දරන්න.’—හෙබ්‍රෙව් 12:14.

සැහැසියාව නැති කාලයක් එයිද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සැහැසියාව නැති කාලයක් තිබිලා නැහැ. ඒක හැමදාටම තියෙයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. . . . නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” (ගීතාවලිය 37:10, 11) මෘදු ගුණ ඇති සාමකාමී අයට රැකවරණය ලබා දෙන්න දෙවියන් නිනිවයේ අයව විනාශ කළා වගේ ළඟදීම සැහැසිකකම් කරන සියලුදෙනාවම ඔහු විනාශ කරනවා. ඊටපස්සේ කවදාවත් සැහැසික ක්‍රියා සිදු වෙන්නේ නැහැ.—ගීතාවලිය 72:7.

ලස්සන පරිසරයක මල් වවන කාන්තාවක්

“මෘදු ගුණැති අයට . . . පොළොව උරුම වෙයි.”—මතෙව් 5:5

‘යෙහෝවා දෙවි කිසි කෙනෙකු විනාශ වෙනවාට කැමති නැහැ. ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමටයි. ඔහු ඔබ ගැන ඉවසනවා.’ (2 පේතෘස් 3:9) ඒ නිසා සාමකාමීකෙනෙක් වෙලා දෙවිගේ අනුමැතිය ලබාගන්න මේක හොඳම කාලයයි.

“ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.”—යෙසායා 2:4.

a අතීතයේදී දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට යුද්ධ කරන්න අවසර දුන්නේ දේශ සීමා ආරක්ෂා කර ගන්නයි. (2 ලේකම් 20:15, 17) ඒත් ඔවුන් අකීකරු වුණාට පස්සේ දෙවියන් සියලු ජාතීන්ගෙන් හැදුණු ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වා. ඒ නිසා දැන් දේශ සීමා සඳහා යුද්ධ කරන්න දෙවියන් අවසර දීලා නැහැ.

b ‘මුරටැඹ’ සඟරාවේ “ජීවිත වෙනස් කළ පොතක්” යන ලිපි මාලාවෙන් ඒ වගේ අයගේ අද්දැකීම් ගැන කියවලා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න