ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/15 16 පි.
  • එළිය විහිදුවන දැල්ලා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එළිය විහිදුවන දැල්ලා
  • 2015 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2015 පිබිදෙව්!
  • දැල්ලෙකුගේ නොදුටු වරුණ
    2009 පිබිදෙව්!
  • මහ සයුරේ දැවැන්තයෝ
    2009 පිබිදෙව්!
  • දස දෙසින්
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 5/15 16 පි.
එළිය විහිදුවන දැල්ලෙක්

නිර්මාණයක්ද?

එළිය විහිදුවන දැල්ලා

රාත්‍රි කාලයේදී කෑම හොයා යන දැල්ලන් වර්ගයක් (Hawaiian bobtail squid) හවායි දූපත් අවට මුහුදේ දැක ගන්න පුළුවන්. මේ දැල්ලා සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න බැක්ටීරියා එක්ක එකතු වෙලා පුදුම දෙයක් කරනවා.

මේ ගැන සිතන්න: මේ දැල්ලා ජීවත් වෙන්නේ වෙරළ ආසන්න මුහුදු තීරයේ. සාමාන්‍යයෙන් පැහැදිලි ජලය මතට සඳ එළිය, තරු එළිය වැටෙද්දී උඩ ඉන්න සතුන්ගේ ඡායාව යට ඉන්න සතුන්ට දැකගන්න පුළුවන්. මේ දැල්ලා උගේ ඡායාව අනිත් සතුන්ට නොපෙනෙන්න ශරීරයේ යටි පැත්තෙන් එළියක් නිකුත් කරනවා. ඒ එළිය විහිදුවන්න ඌට උපකාර කරන්නේ උගේ ශරීරයේ රැඳිලා ඉන්න එළිය විහිදුවන බැක්ටීරියා වර්ගයක්. ඒ බැක්ටීරියා උදව් කරගෙන අවට පරිසරයේ එළියට අනුව එළිය අඩු වැඩි කරන්නත් දැල්ලාට පුළුවන්. මේ විදිහට එළිය විහිදුවන නිසා යට ඉන්න සතුරුන්ගෙන් ආරක්ෂා වෙන්න ඌට පුළුවන්.

දහවල හා රාත්‍රිය ගැන ශරීරයෙන් පණිවිඩ නිකුත් කරන සංඥා ක්‍රමය හෙවත් ජෛව ඔරලෝසුව දැල්ලාගේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නත් බැක්ටීරියා උදව් වෙනවා. උගේ විතරක් නෙමෙයි වෙනත් සතුන්ගේ ජෛව ඔරලෝසුවේ ක්‍රියාකාරිත්වයටත් බැක්ටීරියා දායක වෙනවා. ක්ෂීරපායි සතුන්ගේ ආහාර ජීර්ණයට උදව් වෙන බැක්ටීරියාව ඉන් එකක්. ජෛව ඔරලෝසුවේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වුණොත් මිනිසුන්ට මානසික පීඩනය, දියවැඩියාව, ස්ථූලතාවය හා නින්ද නොයෑම වගේ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා දැල්ලා හා බැක්ටීරියා අතර තියෙන සහජීවනය අධ්‍යයනය කරන එක මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නංවන්න උදව් වෙයි.

ඔබේ නිගමනය කුමක්ද? දැල්ලාට ආලෝකය විහිදුවන්න මේ හැකියාව ලැබුණේ පරිණාමය වීම නිසාද? නැත්නම් එය කාගේ හරි නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න