ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/15 16 පි.
  • පරිසරය ගැන විපරමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පරිසරය ගැන විපරමක්
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඕස්ට්‍රේලියාව
  • සහරා කාන්තාරය
  • ලොව වටා
  • ජීවීන්ගේ අනාගතය කෙබඳු වේද?
    2001 පිබිදෙව්!
  • හීන වෙමින් පවතින ස්වාභාවික සම්පත්
    2005 පිබිදෙව්!
  • සංකීර්ණ ජෛව ජාලය
    2001 පිබිදෙව්!
  • පටුන
    2023 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 6/15 16 පි.
සහරා කාන්තාරය

දස දෙසින්

පරිසරය ගැන විපරමක්

ස්වාභාවික පරිසරයෙන් අපිට ලැබෙන්නේ පිරිසිදු වාතය, නැවුම් ජලය හා පෝෂ්‍යදායී ආහාරයි. ඒත් මිනිසුන් පරිසරයට හානි කරන නිසා ඒවා එන්න එන්නම දූෂණය වෙනවා. ඒ නිසා පරිසරය ආරක්ෂා කරගන්න විද්‍යාඥයන් ලොකු වෙහෙසක් දරනවා.

ඕස්ට්‍රේලියාව

සාගර පතුලට යටින් භූගතව ඝන කිලෝමීටර් 5,00,000ක පමණ ප්‍රදේශයක ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජලය රැඳිලා තියෙනවා කියලා අධ්‍යයනයකින් හෙළි වුණා. ඒ ගැන ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ විද්වතෙක් කිව්වේ මෙහෙමයි. “ඉස්සර මුහුදේ ජල මට්ටම තිබුණේ දැනට වඩා හුඟක් පහළින්. අද මුහුද තියෙන තැන්වල ඒ කාලයේදී තිබුණේ ගොඩබිම. අතීතයේදී ඒ ගොඩබිම් මතට වැටුණු වැසි ජලය අදටත් පොළොව යට තැන්පත් වෙලා තියෙනවා. ඒත් ඒ ගොඩබිම් දැන් මුහුදෙන් යට වෙලා.” අද පිරිසිදු ජලය ලබාගන්න බැරි මිලියන 700කට වඩා ජනයාට කවදා හරි දවසක ඒ භූගත ජලයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා විද්‍යඥයන් හිතනවා.

සහරා කාන්තාරය

ඒකෙ හිටපු විශාල සත්ව විශේෂයන්ගෙන් භාගයක්ම දැන් වඳ වෙලා. එහෙමත් නැත්නම් උන් කලින් හිටපු ප්‍රදේශයෙන් 99%කම දැන් උන්ට ජීවත් වෙන්න බැහැ. මේකට හේතුව පාරිසරික වෙනස්කම් හා දඩයම් කිරීම විතරක්ම නෙමෙයි. කාන්තාර ගැන සොයා බලන්න ලැබෙන අරමුදල් හිඟයත් හේතුවක්. ඒ නිසා විද්‍යාඥයන්ට ඒ ගැන අවධානයක් දෙන්න බැරි වෙලා තියෙනවා. ප්‍රතිඵලයක් හැටියට විනාශ වී යෑමේ තර්ජනයක් තියෙන කාන්තාර ගැන සොයා බලන්න පරිසර සංරක්ෂකයන්ටත් අපහසු වෙලා තියෙනවා.

ලොව වටා

2012 වසර තුළදී සිදු වූ මරණවලින් අටදෙනෙක්ගෙන් එක් කෙනෙක් මිය ගිහින් තියෙන්නේ වායු දූෂණය නිසයි කියලා හොයාගෙන තියෙනවා. “මිනිසුන්ගේ සෞඛ්‍යයට හානි කරන විවිධ පාරිසරික හේතු තිබුණත් දැන් ඒ අතරින් මුල් තැන ගන්නේ වායු දූෂණයයි” කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ටිකක් හිතන්න. පරිසරය විනාශ වෙන එක වළක්වගන්න හුඟක් අය වෙහෙස මහන්සි වුණත් ඔවුන් අසාර්ථක වෙලා තියෙන්නේ ඇයි?—යෙරෙමියා 10:23.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න