ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 4 3 පි.
  • ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු
  • 2016 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඔබේ පුරුදු ඔබේම යහපතට දායක වෙනවාද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැඳින්වීම
    2016 පිබිදෙව්!
  • නරක පුරුදු අත්හැරිය හැකිද?
    2004 පිබිදෙව්!
  • 1 කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න
    2016 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 4 3 පි.
ටීවී එක බලමින් කඩචෝරු කන කාන්තාවක්

මුල් පිටුවෙන්

ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු

  • ඔරලෝසුවක්

    එලාම් එක වැදිලා ගත වුණේ මොහොතයි. කොච්චර නිදිමතෙන් හිටියත් ඔස්ටින් කලින් දවසේ ලෑස්ති කරලා තිබුණු ඇඳුමත් ඇඳගෙන ව්‍යායාම කරන්න පාරට බැස්සා. ඒ විදිහට සතියට තුන්වතාවක් ඇවිදින එක එයා දැන් අවුරුද්දක් තිස්සේ පුරුද්දක් විදිහට කරනවා.

  • චොක්ලට් බෑග් එකක්

    සැමියා එක්ක රණ්ඩු කරපු ලෝරි ඉන්නේ කේන්තියෙන්. එයා විදුලි වේගෙන් කුස්සියට ගිහින් චොක්ලට් පිරුණු බෑග් එකක් ඇරලා ඒ ඔක්කොම කාගෙන කාගෙන යන්න පටන්ගත්තා. කේන්ති ගියාම එහෙම කරන එක එයාට පුරුද්දක් වෙලා.

ඒ සිද්ධීන් දෙකෙන්ම තේරෙන්නේ මොනවා හරි දේකට පුරුදු වුණොත් ඒක නිරායාසයෙන්ම වෙනවා කියන එක නේද?

ඔයාගේ ජීවිතේ හොඳ පුරුදු ඇති කරගන්න ඔයාත් කැමතිද? සමහරවිට වැඩිපුර ව්‍යායාම කරන්න, හොඳ නින්දක් ලබන්න, ඔයා ආදරය කරන අය එක්ක වැඩිපුර වෙලාවක් ඉන්න වගේ හොඳ පුරුදු ඇති කරගන්න ඔයාත් කැමති ඇති.

අනිත් අතට සිගරට් බොන එක, කඩචෝරු කන එක, ඕනෑවට වඩා කාලයක් ඉන්ටනෙට් එකේ ඉන්න එක වගේ නරක පුරුදු අතහරින්න ඕනෙ කියලත් ඔයාට හිතෙනවා ඇති.

නරක පුරුදු අතහරින එක ලේසි නැහැ තමයි. ඒක හරියට සීතල දවසක ඇඳට වෙලා හොඳට ගුලිගැහිලා නිදාගන්නවා වගෙයි, ඇඳට යන එක ලේසි වුණත් ඇඳෙන් බහින එක නම් ලේසි නැහැ.

එහෙමනම් නරක පුරුදු අතහැරලා හොඳ පුරුදු ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද? බයිබලයේ තියෙන ප්‍රතිපත්ති මත පදනම් වුණු යෝජනා තුනක් ගැන බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න