ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 5 14-15 පි.
  • ඇරිස්ටෝටල්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇරිස්ටෝටල්
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔහු බොහෝ විෂයන් ගැන හැදෑරුවා
  • කතෝලික සභාව ඇරිස්ටෝටල්ගේ මත ඉහළින් පිළිගනියි
  • විශ්වය පාලනය කරන නීති සෑදුවේ කවුද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විද්‍යාව හා බයිබලය එකිනෙකට පටහැනිද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2016 පිබිදෙව්!
  • ඕනෑම දෙයක් විශ්වාස කළ යුතුද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 5 14-15 පි.

අතීතයෙන් සටහනක්

ඇරිස්ටෝටල්

ඇරිස්ටෝටල්

මීට අවුරුදු 2,300කට කලින් දර්ශනවාදය සහ විද්‍යාව වෙනුවෙන් ඇරිස්ටෝටල් ලොකු මෙහෙවරක් ඉටු කළා. ඔහුගේ අදහස්, ඔහු ලියපු කෘතීන් සහ සොයාගැනීම් වසර ගණනාවක් පුරා බොහෝ අයගේ අධ්‍යයනයට ලක් වෙලා තියෙනවා. “ස්වාභාවික පරිසරය ගැන ඇරිස්ටෝටල් පළ කරපු මත වසර 2,000ක් පුරා යුරෝපීයයන් ඉහළින් පිළිගත්තා” කියලා ඉතිහාසය ගැන හදාරන මහාචාර්ය ජේම්ස් මැක්ලාක්ලන් කියලා තියෙනවා. ඔහුගේ මත කතෝලික සභාවටත්, ඉස්ලාම් ධර්මයටත්, රෙපරමාදු ආගම්වලටත් බලපාලා තියෙනවා.

ඔහු බොහෝ විෂයන් ගැන හැදෑරුවා

කලාව, තාරකා විද්‍යාව, ජීව විද්‍යාව, ආචාර විද්‍යාව, භාෂාව, නීතිය, තර්ක ශාස්ත්‍රය, චුම්භක බලය, චලනය, රසාස්වාදය, කාව්‍ය රචනය, දේශපාලනය, මනෝ විද්‍යාව වගේ විවිධ විෂයන් ගැන ඇරිස්ටෝටල් අදහස් ලිව්වා. මිනිසුන්ට අමරණීය ආත්මයක් නැහැ කියලා ඔහු විශ්වාස කළා. කොහොමවුණත් ඇරිස්ටෝටල් වැඩියෙන්ම ප්‍රසිද්ධ වුණේ ජීව විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රය ගැන ඔහු ලියපු කෘතීන් නිසයි.

අතීතයේ හිටපු ග්‍රීක දාර්ශනිකයන් අවට දේවල් අවබෝධ කරගන්න උත්සාහ කළේ පෙනෙන්න තිබුණු දේවල් නිරීක්ෂණය කිරීමෙන් සහ ඔවුන් පිළි අරන් හිටපු නියමයන් එක්ක ඒ දේවල් සන්සන්දනය කිරීමෙනුයි. සත්‍යයයි කියලා පිළි අරන් තිබුණු දේවල් ඔස්සේ තර්කානුකූලව හිතුවොත් හරි නිගමනවලට එන්න පුළුවන් කියලා ඔවුන් හිතුවා.

ඒ නියමයන් ඔස්සේ ගිය ග්‍රීක දාර්ශනිකයන් සමහර දේවල් නිවැරදිව අවබෝධ කරගත්තා. උදාහරණයකට විශ්වය පාලනය වන නීති තියෙනවා කියලා ඔවුන් පිළිගත්තා. ඒත් සමහර තැන්වලදී ඔවුන්ට වැරදුණා. පේන්න තිබුණු දේට විතරක් සීමා වෙලා අවට දේවල් අවබෝධ කරගන්න උත්සාහ කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට විශ්වයේ තියෙන ග්‍රහ වස්තූන් පෘථිවිය වටේ ගමන් කරනවා කියලා ඔවුන් හිතුවා. ඒ මතය ඇරිස්ටෝටල් වගේ බුද්ධිමතුන් පවා විශ්වාස කළා. “පෘථිවිය විශ්වයේ හරි මැද තියෙනවා කියලා ග්‍රීකවරුන් දරපු මතය නිවැරදියි කියලයි බැලූ බැල්මට පේන්න තිබුණේ.”—The Closing of the Western Mind.

ඒ වැරදි මතය විද්‍යාවට විතරක් සීමා වුණා නම් කවදා හරි දවසක ඒක නිවැරදි වෙද්දී ඒක ලේසියන්ම පිළිගන්න තිබුණා. ඒත් වුණේ ඒක නෙවෙයි.

කතෝලික සභාව ඇරිස්ටෝටල්ගේ මත ඉහළින් පිළිගනියි

මධ්‍යකාලීන යුගයේදී යුරෝපයේ හිටපු “කතෝලිකයන්” ඇරිස්ටෝටල්ගේ මත භාරගත්තේ පිළිගත් සත්‍යයන් විදිහටයි. රෝමානු කතෝලික ධර්මය හදාරපු පිළිගත් විද්වතෙක් වන තෝමස් ඇක්වයිනස් (ක්‍රි.ව. 1224-1274) ඇරිස්ටෝටල්ගේ අදහස් කතෝලික ධර්මයට එකතු කළා. ඒ නිසා පෘථිවිය පිහිටලා තියෙන්නේ විශ්වයේ හරි මැද කියලා ඇරිස්ටෝටල් දරපු මතය කතෝලික ආගමේ ඉගැන්වීමක් වුණා. කැල්වින් සහ ලූතර් වගේ රෙපරමාදු ආගමික නායකයනුත් ඒ මතයම පිළිගත්තා. ඔවුන් කිව්වේ ඒ අදහස බයිබලයට එකඟයි කියලයි.—“විද්වතුන්ට වැරදුණු තැන” යන කොටුව බලන්න.

ඇරිස්ටෝටල්ගේ සමහර මත පිළිගත් සත්‍යයන් විදිහට සැලකුවා

“ඇරිස්ටෝටල් දරපු මත සහ කතෝලික සභාව දරපු මත අතර කිසිම වෙනසක් තිබුණේ නැහැ” කියලා ලේඛකයෙක් වන චාල්ස් ෆ්‍රීමන් කිව්වා. ඇක්වයිනස් ඇරිස්ටෝටල්ව කතෝලික බැතිමතෙක් කළා කියලා කතාවට වගේ සමහරු කියන්නේ ඒ නිසයි. ඒත් ඇත්තටම වුණේ “ඇක්වයිනස් ඇරිස්ටෝටල්ගේ ගෝලයෙක් වුණු එකයි” කියලා ෆ්‍රීමන් තවදුරටත් කියනවා. කතෝලික සභාවත් ඇරිස්ටෝටල්ගේ මත පිළිගත්තා. ඒ නිසා තමයි පෘථිවිය සූර්යයා වටා ගමන් කරනවා කියලා ගැලීලියෝ ප්‍රකාශ කළාම කතෝලික සභාව ඔහුව නඩු විභාගයකට කැඳවලා ප්‍රසිද්ධියේම ඒ මතය ඉල්ලා අස් කරගන්න කියලා බල කළේ.a සත්‍යයයි කියලා පිළි අරන් තියෙන දේවල් වුණත් විද්‍යාවෙන් වැරදියි කියලා ඔප්පු වුණාම ඒක පිළිගන්න ඕනෙ කියලා ඇරිස්ටෝටල් විශ්වාස කළත් කතෝලික සභාව ඇරිස්ටෝටල්ගේ ඒ මතය එදා පිළි නොගත්ත එක කණගාටුවට කරුණක්.

a ගැලීලියෝ සහ කතෝලික සභාව අතර තිබුණු අරගලය ගැන දැනගන්න 2015 ජූනි ‘පිබිදෙව්!’ සඟරාව බලන්න.

තොරතුරු බිඳක්

  • දැනුම ලබාගන්න ඇරිස්ටෝටල්ට ලොකු ආශාවක් තිබුණා. “පුදුමාකාර විශ්වය ගැන ඔහුගේ හිතේ ලොකු ගෞරවයක් තිබුණා.”—Aristotle—A Very Short Introduction.

  • හැම දෙයක්ම සදාකාලයටම චලනය වෙන්න නම් ඒක කරන කෙනෙක් ඉන්න ඕනේ කියලත් ඒ කෙනා ඉතා යහපත්, විශ්වයෙන් එපිට ඉන්න කෙනෙක් කියලත් ඔහු විශ්වාස කළා.

  • ජීව විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රයේ නිර්මාතෘ විදිහට ඇරිස්ටෝටල්ව පිළිගැනෙනවා.

  • මහ ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුතුමා වුණේ ඇරිස්ටෝටල්.

පෘථිවිය මැදි කරගත්ත විශ්වයේ පින්තූරයක්

අතීතයේ හුඟක් අය හිතුවේ පෘථිවිය වටේ අනිත් ග්‍රහ වස්තූන් ගමන් කරනවා කියලයි

විද්වතුන්ට වැරදුණු තැන

ආගමික විද්වතුන් පෘථිවියේ පිහිටීම ගැන ඇරිස්ටෝටල්ගේ මත පිළිගත්තේ බයිබල් පද වැරදියට අවබෝධ කරගත් නිසයි. ගීතාවලිය 104:5 ඒකට එක උදාහරණයක්. එතන කියන්නේ මෙහෙමයි. “ඔබ පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.” පෘථිවිය නොසෙලවෙන විදිහට විශ්වයේ මැද පිහිටෙව්වා කියලා නෙමෙයි ඒ බයිබල් පදයේ කියන්නේ. ඒ වෙනුවට කාව්‍යමය විදිහට කියන්නේ දෙවියන් කවදාවත් පෘථිවිය විනාශ වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලයි.—දේශනාකාරයා 1:4.

විද්‍යාව හා සම්බන්ධ කාරණා ගැන බයිබලයේ සඳහන් තොරතුරු කොච්චර නිවැරදිද කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. උදාහරණයකට දෙවියන් “පොළොවද හිස් අවකාශයේ එල්ලා තැබුවේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 26:7) ඒක ලියවුණේ මීට අවුරුදු 3,500කට කලින්. ඒ වගේම විශ්වය ක්‍රියාත්මක වෙන්න වෙනම නීති තියෙනවා කියලත් බයිබලයේ සඳහන් කළේ මීට බොහෝ කාලයකට කලින්.—යෝබ් 38:33.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න