ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 6 10-11 පි.
  • ඩෙසිඩේරියස් ඉරැස්මස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඩෙසිඩේරියස් ඉරැස්මස්
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අධ්‍යයනයන් සහ විශ්වාසයන්
  • ග්‍රීක භාෂාවෙන් නිකුත් කළ අලුත් ගිවිසුම
  • පරිවර්තනයට රුකුල් දුන් අතිවිශේෂ මෙවලමක් වූ—කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • භක්ත්‍යාදරය හිමි වුවත් වෛරයට ලක් වූ බයිබලය
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2016 පිබිදෙව්!
  • වෙසල් ඥාන්ස්ෆෝර්ට් දේවවචනයට ගරු කළ මිනිසෙක්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2016 පිබිදෙව්!
g16 අංක 6 10-11 පි.

අතීතයෙන් සටහනක්

ඩෙසිඩේරියස් ඉරැස්මස්

ඩෙසිඩේරියස් ඉරැස්මස්[10වන පිටුවේ පින්තූරය]

මුලදී විශිෂ්ට විද්වතෙක් විදිහට සලකපු ඩෙසිඩේරියස් ඉරැස්මස්ව (1469 සිට 1536දී පමණ) පසුව බියගුල්ලෙක්, මිථ්‍යාදෘෂ්ටිකයෙක් විදිහට හංවඩු ගැහුවා. ඒ ඔහු කතෝලික ධර්මයේ සහ එහි නව පෙරළියක් ඇති කරන්න උත්සාහ කළ සමහර අයගේ වැරදි එඩිතරව හෙළි කළ නිසයි. අද ඔහුව පිළිගන්නේ යුරෝපයේ ආගම් නව මාවතකට ගෙනෙන්න වටිනා මෙහෙවරක් කළ කෙනෙක් විදිහටයි. මේ වෙනසට හේතුව මොකක්ද?

අධ්‍යයනයන් සහ විශ්වාසයන්

ඉරැස්මස්ට ග්‍රීක සහ ලතින් භාෂා ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ නිසා ඔහු “ලතින් වල්ගේට්” සහ වෙනත් ලතින් බයිබල් පරිවර්තන, අලුත් ගිවිසුමේ මුල් ග්‍රීක අත්පිටපත් එක්ක සසඳා බැලුවා. ඒකෙන් බයිබලය වටිනා පොතක් කියලා තේරුම්ගත් ඔහු එදා භාවිතයේ තිබුණ භාෂාවලට බයිබලය පරිවර්තනය කළ යුතුයි කියලා තරයේ කියා සිටියා.

තමන් ක්‍රිස්තියානීන් කියලා ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න කියලා උගන්වනවා වෙනුවට කතෝලික සභාව මුල් තැන දුන්නේ චාරිත්‍රවලට කියලා ඉරැස්මස් දැක්කා. ඒ නිසා කතෝලික සභාවේ වෙනසක් වෙන්න ඕනෙ කියලා ඔහු කිව්වා. ඒකයි කතෝලික සභාවේ පෙරළියක් ඇති කරන්න උත්සාහ කළ අය උද්ඝෝෂණ කරද්දී ඉරැස්මස් ඔවුන්ව උසිගන්වනවා කියලා පූජකයන් සැකකළේ.

ඉරැස්මස් කතෝලික පල්ලියේ සහ එහි වෙනසක් ඇති කරනවා කියලා බොරු මවාපෑමක් කළ අයගේ වැරදි හෙළි කළා

ඉරැස්මස් ඔහුගේ පොත් පත්වල පූජකයන් කළ දූෂිත ක්‍රියා සහ පාප්වරුන් යුද්ධවලට අනුමැතිය දීම හාස්‍යමය විදිහට හෙළි කළා. පාපොච්චාරණය, සාන්තුවරයන්ට නමස්කාර කිරීම, නිරාහාරව සිටීම සහ වන්දනා ගමන් වගේ චාරිත්‍ර යොදාගෙන පල්ලියේ සාමාජිකයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත්ත දූෂිත පූජකයන්වත් ඔහු හෙළාදැක්කා. පව් කමා පත් විකිණීම සහ පැවිදි ජීවිතයක් ගත කරන්න බලපෑම් කිරීම වගේ දේවල්වලටත් ඔහු විරුද්ධ වුණා.

ග්‍රීක භාෂාවෙන් නිකුත් කළ අලුත් ගිවිසුම

ඉරැස්මස් 1516දී අලුත් ගිවිසුම ග්‍රීක භාෂාවට පරිවර්තනය කර නිකුත් කළා. එය තමයි ග්‍රීක භාෂාවට පරිවර්තනය කරපු අලුත් ගිවිසුම, මුද්‍රිත පිටපතක් විදිහට නිකුත් කරපු මුල්ම අවස්ථාව. ඔහු ඒ පොතට අලුත් ගිවිසුමේ ඔහුගේ ලතින් පරිවර්තනය සහ අමතර සටහන් ඇතුළත් කළා. ඉන්පසු ඔහු ඒ පරිවර්තනය තවත් පැහැදිලි ආකාරයට සංස්කරණය කළා. ඔහුගේ මුල් ලතින් පරිවර්තනයේ “ලතින් වල්ගේට්” බයිබලයට වඩා යම් වෙනස්කම් තිබුණත් මේ සංස්කරණයේ ඊට වඩා හුඟක් වෙනස්කම් කරලා තිබුණා.

ඉරැස්මස් ග්‍රීක භාෂාවෙන් නිකුත් කළ අලුත් ගිවිසුම

ඉරැස්මස් ග්‍රීක භාෂාවෙන් නිකුත් කළ අලුත් ගිවිසුම

ඒ වෙනස්කම්වලින් එකක් 1 යොහන් 5:7 තියෙනවා. “ලතින් වල්ගේට්” පරිවර්තනයේ ඒ පදයට, බයිබලයට එකඟ නැති ත්‍රිත්වය කියන ඉගැන්වීම තහවුරු කරන්න අමතර අදහසක් එකතු කරලා තියෙනවා. ඒකේ සඳහන් වෙන්නේ “ස්වර්ගයේ ඉන්න පියාණන්, වචනය සහ ශුද්ධාත්මය එක් කෙනෙක්” කියලයි. ඒත් ග්‍රීක අත්පිටපත්වල ඒ අදහස නැති නිසා අලුත් ගිවිසුමේ ඔහුගේ මුල් සංස්කරණ දෙකට ඉරැස්මස් ඒ අදහස ඇතුළත් කළේ නැහැ. ඒත් පස්සේ පල්ලියේ බලපෑම නිසා තුන්වෙනි සංස්කරණයට ඔහු ඒ අදහස ඇතුළත් කළා.

ඉරැස්මස් ග්‍රීක අලුත් ගිවිසුමේ සංස්කරණ කිහිපයක් කළා. ඒවා මාටින් ලූතර්, විලියම් ටින්ඩේල්, ඇන්තෝනියෝ බෘචියෝලි සහ ෆැන්සිස්කෝ ඩෙ එන්සිනාස් වැනි පරිවර්තකයන්ට අලුත් ගිවිසුම ජර්මන්, ඉංග්‍රීසි, ඉතාලි සහ ස්පාඤ්ඤ භාෂාවලට පරිවර්තනය කරන්න උදව් වුණා.

ඉරැස්මස් ජීවත් වුණේ ආගමික පෙරළියක් සිදු වුණ යුගයක. ඔහු ග්‍රීක භාෂාවට පරිවර්තනය කරපු අලුත් ගිවිසුම රෙපරමාදු පෙරළිකරුවන් සැලකුවේ වටිනා පරිවර්තනයක් විදිහටයි. මුලදී සමහර අය කිව්වේ ඉරැස්මස් ආගමික පෙරළියක් ඇති කිරීමට උත්සාහ කරන කෙනෙක් කියලයි. ඒත් පසුව ආගමික පෙරළිය සිදු වුණ කාලයේ කිසිම ආගමකට පක්ෂව කතා කිරීම ප්‍රතික්ෂේප කරපු නිසා ඔහු එයට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි වුණා. විද්වතෙක් වන ඩේවිඩ් ෂාෆ් ඔහු ගැන මෙහෙම කිව්වා. “ඉරැස්මස් මිය ගියේ කිසිම ආගමකට සම්බන්ධ නැති කෙනෙක් විදිහටයි.”

තොරතුරු බිඳක්

  • ඉරැස්මස් 1516දී ග්‍රීක භාෂාවෙන් අලුත් ගිවිසුම නිකුත් කළා. ඒ පොතේ එක තීරුවක ග්‍රීක ලියවිලිත් අනිත් තීරුවේ අමතර සටහන් එක්ක අලුත් ගිවිසුමේ ඔහුගේ ලතින් පරිවර්තනයත් ඇතුළත් වුණා.

  • ඒ පොතේ හැඳින්වීමේ කොටසේ ඉරැස්මස් මේ වගේ දෙයක් සඳහන් කළා. “සාමාන්‍ය ජනයාට දෙවිගේ වචනය කියවන්න අවස්ථාවක් නොදීමත් ඔවුන්ගේ භාෂාවලට බයිබලය පරිවර්තනය කිරීමට ඉඩ නොදීමත් මම තරයේ හෙළාදකිනවා.”

  • යුරෝපයේ සමහර රටවල ඔහුගේ පොත් පුළුස්සා දැම්මා. ඒ වගේම රෝමයේ හිටපු පාප්වරු කාලයක් පුරා ඔහුගේ පොත් පත් තහනම් කර තිබුණා.

ලෝ සුපතළ චරිතයක්

යුරෝපයේ රටවල් කිහිපයක ජීවත් වුණු ඉරැස්මස්ට විශ්වවිද්‍යාලවල සහ රජමාලිගාවල උසස් පැලැන්තියේ මිතුරන් බොහෝදෙනෙක් හිටියා. විද්වතුන් පවා ඔහුගෙන් උපදෙස් ගත්තා. ඔහු රචනා කළ පොත් පත් බොහෝදෙනා අතර ප්‍රසිද්ධයි. ඔහු ගිය ගිය තැන රජවරු, ආගමික නායකයන්, විද්වතුන් ඔහුව පිළිගත්තේ මහත් ගෞරවයෙන්. අපේ කාලේ ලේඛකයෙක් ඔහුව “එදා මෙන් අදත් ලෝ සුපතළ චරිතයක්” හැටියට හැඳින්වීම පුදුමයක් නෙමෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න