ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 2 4-6 පි.
  • භූතවාදය ගැන බයිබලයේ කියන්නේ මොනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භූතවාදය ගැන බයිබලයේ කියන්නේ මොනවද?
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අද්භූත දේවල මූලාරම්භය
  • අද්භූත දේවල්වලට සම්බන්ධ දෙයක් විනෝදෙට කරන එක වැරදිද?
    යොවුන් සිතේ ගැටලු
  • භූතයන් හා සම්බන්ධ ක්‍රියාවලින් වැළකී සිටිය යුත්තේ ඇයි?
    2008 පිබිදෙව්!
  • භූතයන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • භූතවාදය මෙතරම් කුතුහලය දනවන්නක් වී ඇත්තේ මන්ද?
    2000 පිබිදෙව්!
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 2 4-6 පි.
යුවලක් භූතයන් සම්බන්ධ චිත්‍රපටි ගැන තියෙන වෙළද දැන්වීම් බලමින්

අද ජනමාධ්‍යයෙන් භූතවාදයට සම්බන්ධ දේවල් සහ අද්භූත බලයක් තියෙන චරිත පෙන්වන්නේ සිත් ඇදගන්නා විදිහටයි. ඒත් ඒවා පිටුපස හැංගිලා තියෙන අනතුර ගැන අපි දැනුවත් වෙන්න ඕනේ

මුල් පිටුවෙන් | අද්භූත දේවල්වල නොදුටු පැත්ත

භූතවාදය ගැන බයිබලයේ කියන්නේ මොනවද?

අද්භූත බලයක් තියෙන දේවල්, භූතයන්ට සම්බන්ධ දේවල් නිකම්ම ඇස්බැන්දුම් නැත්නම් චිත්‍රපටිවල නවීන තාක්ෂණය යොදාගෙන පෙන්වන දේවල් විතරයි කියලා හිතන නිසා හුඟක් අය විශ්වාස කරන්නේ ඒ දේවලින් හානියක් නැහැ කියලයි. හැබැයි බයිබලයේ ඒ ගැන තියෙන්නේ වෙනස්ම අදහසක්. භූතයන්ට සම්බන්ධ දේවල් ගැන බයිබලයේ පැහැදිලිව අනතුරු අඟවලා තියෙනවා. උදාහරණයකට ද්විතීය කතාව 18:10-13 දක්වා තියෙන දේ බලන්න. ‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් නොපෙලඹිය යුතුයි. කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.’ එහෙම කියලා තියෙන්නේ ඇයි? ඒ පදවල ඊළඟට තියෙන මේ දෙයින් ඒක පැහැදිලියි. “එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.”

භූතයන්ට සම්බන්ධ හැම දේකින්ම වළකින්න කියලා බයිබලයේ කියන්නේ ඇයි?

අද්භූත දේවල මූලාරම්භය

පොළොව නිර්මාණය කරන්න හුඟක් කාලෙකට කලින් දෙවියන් දේවදූතයන් මිලියන ගාණක් නිර්මාණය කළා කියලා බයිබලයේ තියෙනවා. (යෝබ් 38:4, 7; එළිදරව් 5:11) ඒ දේවදූතයන්වත් දෙවියන් නිර්මාණය කළේ තීරණ ගැනීමේ නිදහස ඇතුව. ඒ අයගෙන් සමහරු දෙවියන්ට විරුද්ධව කැරලි ගහලා ස්වර්ගය අත්හැරලා පොළොවට ආවා. ඒ නිසා එයාලව භූතයන් විදිහට හැඳින්නුවා. ප්‍රතිඵලයක් විදිහට මුළු පොළොවම ‘සැහැසික ක්‍රියාවලින් පිරී තිබුණා.’—උත්පත්ති 6:2-5, 11; යූද් 6.

ඒ භූතයන් මිනිසුන් මිලියන ගාණක් රවට්ටනවා කියලා බයිබලයේ තියෙනවා. (එළිදරව් 12:9) අනාගතය ගැන දැනගන්න මිනිසුන්ගේ හිතේ තියෙන කුතුහලය පාවිච්චි කරලත් එයාලා මිනිසුන්ව රවට්ටනවා.—1 සාමුවෙල් 28:5, 7; 1 තිමෝති 4:1.

සමහර අද්භූත බලයන්වලින් මිනිසුන්ට උදව් තියෙනවා වගේ පේන්න තියෙනවා. (2 කොරින්ති 11:14) හැබැයි ඇත්තටම භූතයන් කරන්නේ ඒ දේවල් පාවිච්චි කරලා දෙවියන් ගැන සත්‍ය තොරතුරු පේන්නේ නැති තරමට මිනිසුන්ගේ මනස් අන්ධ කරන එකයි.—2 කොරින්ති 4:4.

භූතයන්ට සම්බන්ධ දේවලින් නිකම්ම විනෝදයක් ලබනවට වඩා ලොකු අනතුරක් තියෙනවා කියලා බයිබලයේ කියනවා. යේසුස්ගේ ගෝලයන් වෙන්න ආසාවෙන් හිටපු කලින් ‘මන්තර ගුරුකම්වල නියැලී සිටි බොහෝදෙනෙක්’ ඒ ගැන දැනගත්තට පස්සේ කොච්චර වටිනාකමක් තිබුණත් ‘ගුරුකම් සඳහා භාවිත කළ පොත් පත් ගෙනැවිත් සියලුදෙනා ඉදිරියෙහි පුලුස්සා දැම්මේ’ ඒ නිසයි.—ක්‍රියා 19:19.

අද්භූත බලයන් තියෙන චරිත ඇතුළත් පොතක් කියවමින්

“හුඟක් යෞවනියන්ගේ හිත්වල මායාවට සම්බන්ධ දේවල් ගැන විශ්වාසයක් ඇති වෙන්න බලපාලා තියෙන්නේ පොත්වල, ටීවී වැඩසටහන්වල, චිත්‍රපටිවල පෙන්වන, කඩවසම් මායාකරුවන්ගේ චරිත වෙන්න පුළුවන්” කියලා 2014දී කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා

භූතයන්ට සම්බන්ධ දේවලින් යම් විනෝදයක් ලැබුණත් ඒ දේවලට කිසිම විදිහකින්වත් සම්බන්ධ නොවී ඉන්න අද ඉන්න හුඟදෙනෙකුත් තීරණය කරලා තියෙනවා. මරියා ඒ වගේ කෙනෙක්.a අවුරුදු 12දී එයාට තේරුණා අනාගතය ගැන කියන්න එයාට හැකියාවක් තියෙනවා කියලා. ටැරට් කාඩ් විදිහට හඳුන්වපු අනාගතය ගැන කියන්න සකස් කරලා තිබුණු කාඩ් යොදාගෙන එයාගේ පන්තියේ හිටිය ළමයින්ගේ අනාගතය ගැන එයා කිව්වා. ඒ දේවල් ඇත්ත වුණු නිසා අද්භූත බලයන් ගැන එයාට තිබුණු ආසාව තවත් වැඩි වුණා.

මිනිසුන්ට උදව් කරන්න තමන්ට දෙවියන්ගෙන් තෑග්ගක් ලැබිලා තියෙනවා කියලයි මරියා හිතුවේ. ඒත් එයා මෙහෙම කිව්වා. “මගේ හිතට වධ දීපු දේකුත් තිබුණා. අනිත් අයගේ අනාගතය ගැන කියන්න මට පුළුවන් වුණත් මට මගේ අනාගතේ ගැන දැනගන්න පුළුවන් වුණේ නැහැ.”

මරියාට ඒ වගේ තවත් ප්‍රශ්න තිබුණු නිසා එයා උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කළා. පස්සේ මරියාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණම මරියා එයාලත් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තා. බයිබලය ඉගෙනගද්දී එයා දැනගත්තා අනාගතය ගැන කියන්න එයාට බලය ලැබිලා තියෙන්නේ දෙවියන්ගෙන් නෙවෙයි කියලා. දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න නම් භූතයන්ට සම්බන්ධ හැම දෙයක්ම අයින් කරන්න ඕනෙ කියලත් එයා දැනගත්තා. (1 කොරින්ති 10:21) පස්සේ එයා ළඟ තිබුණු අනාගතය ගැන කියන්න පාවිච්චි කරපු හැම දෙයක්ම එයා අයින් කළා. දැන් එයා බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් ගැන අනිත් අයටත් කියලා දෙනවා.

මයිකල් යෞවන වයසෙදී අද්භූත බලයන් තියෙන චරිත ඇතුළත් නවකතා කියෙව්වේ ලොකු ආසාවකින්. “මට දැනුණේ මමත් ඒ වීරයෝ එක්ක එකතු වෙලා දේවල් කරනවා වගෙයි” කියලා මයිකල් කියනවා. ටිකෙන් ටික එයා මැජික් සහ භූතවාදයට සම්බන්ධ පොත් පත් කියවන්න පටන්ගත්තා. “මට තිබුණු කුතුහලය නිසා ඒ වගේ පොත් තව වැඩියෙන් කියවන්නත් ඒ චිත්‍රපටි බලන්නත් මං පුරුදු වුණා” කියලා මයිකල් කියනවා.

ඒත් බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තට පස්සේ මයිකල්ට තේරුණා එයා කියවන දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ කියලා. මයිකල් මෙහෙම කියනවා. “මං ළඟ තියෙන්නේ භූතවාදයට සම්බන්ධ මොන වගේ දේවල්ද කියලා හොඳට හිතලා මං ඒ හැම දෙයක්ම අයින් කළා. ‘හැම දේම දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න’ කියලා 1 කොරින්ති 10:31 තියෙන උපදෙස මට හුඟක් උදව් වුණා. දැන් වුණත් පොතක් තෝරගන්න කලින් මං මේ කියවන දෙයින් දෙවියන්ට අගෞරවයක් වෙයිද කියලා මං හිතලා බලනවා. එහෙම වෙනවා කියලා තේරුණොත් මං ඉක්මනින්ම ඒක අයින් කරනවා.”

අද්භූත බලයන් තියෙන චරිත ඇතුළත් පොතක් කියවමින්

බයිබලය පහනකට සමාන කරලා තියෙන එක හොඳටම ගැළපෙනවා. මොකද ඒකට පුළුවන් භූතවාදය කියන්නේ මොකක්ද කියලා හෙළි කරන්න. (ගීතාවලිය 119:105) භූතයන් නැති කාලයක් ඉදිරියේදී එනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. එදාට මිනිසුන්ට කිසිම විදිහකින්වත් බලපෑමක් කරන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ. උදාහරණයකට ගීතාවලිය 37:10, 11 කියන දේ බලන්න. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”

a නම් වෙනස් කර ඇත.

භූතවාදය කියන්නේ මොකක්ද?

භූතවාදය කියන්නේ භූතයන්ව සම්බන්ධ කරගෙන කරන දේවල්. ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, මායා බන්ධන වගේ දේවල් ඒකට අයිතියි. හුඟක් රටවල මිනිසුන් කට්ටඩියන්, මායාකාරයන් වගේ අයගේ උදව්වෙන් මළවුන් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අනාගතය ගැන දැනගන්නත් හුඟක් අය මන්තර ගුරුකම් කරන අයගේ පිහිට පතනවා. ඒ අය තරු, පෙරනිමිති, පළිඟු පේනය, අත්වල රේඛා වගේ දේවල් පාවිච්චි කරලා තමයි අනාගතය ගැන කියන්නේ.

භූතවාදී දේවලින් කිසිම හානියක් නැහැ කියලයි හුඟක් පොත් පත්, සඟරා, චිත්‍රපටිවලින් පෙන්වන්නේ. සමහර ප්‍රවීණයන් කියනවා ටීවී එකෙනුත් චිත්‍රපටිවලිනුත් පෙන්වන දේවල්, භූතවාදී දේවල් ගැන මිනිසුන් දරන ආකල්පවලට බලපාලා තියෙනවා කියලා.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 10වෙනි පරිච්ඡේදයෙන් මේ ගැන තවත් දැනගන්න පුළුවන්. ඒ පොත jw.org/si වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න