ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 3 16 පි.
  • මුහුදු බල්ලාගේ සුපිරි ලොම් කබාය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුහුදු බල්ලාගේ සුපිරි ලොම් කබාය
  • 2017 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2017 පිබිදෙව්!
  • පූසාගේ දිව
    නිර්මාණයක්ද?
  • මසුන්ට හිත නැති මිනිසුන්ට හිත ඇති මුහුද!
    2008 පිබිදෙව්!
2017 පිබිදෙව්!
g17 අංක 3 16 පි.
මුහුදු බල්ලා

නිර්මාණයක්ද?

මුහුදු බල්ලාගේ සුපිරි ලොම් කබාය

අපිට නම් සීතල වතුරේ පීනනවා තියා ඒකට බහින්නවත් හිතෙන්නේ නැහැ නේද? හැබැයි සීතල වතුරේ ජීවත් වෙන ක්ෂීරපායි සතුන්ට නම් ඒක කජු කනවා වගේ වැඩක්. ඒ උන්ගේ හමට යටින් තියෙන ගනකම් තෙල් තට්ටුව නිසයි. ඒකෙන් ශරීරයේ උෂ්ණත්වය හරි ගානට තියාගන්න උන්ට පුළුවන්. ඒත් මුහුදු බල්ලාට ඒකට උදව් වෙන්නේ වෙනස්ම දෙයක්. ඒ කබායක් වගේ තියෙන උගේ ගනකම් ලොම් තට්ටුවයි.

මේ ගැන හිතන්න: ක්ෂීරපායි සතුන් අතරින් වර්ග සෙන්ටිමීටරයක ලොම් වැඩිම ප්‍රමාණයක් (1,55,000ක් විතර) තියෙන සතා තමයි මුහුදු බල්ලා. ඒ තරම් ලොම් ප්‍රමාණයක් තියෙන නිසා ඌ වතුරට බැස්සාම උගේ හම සහ ලොම් අතරේ වායු තට්ටුවක් රැඳෙනවා. ඒ වායු තට්ටුව හමට උඩින් ආවරණයක් විදිහට ක්‍රියා කරන නිසා සීත වතුර උගේ හමේ වදින්නේ නැහැ. ඒ නිසා ශරීර උෂ්ණත්වය හරි ගාණට තියාගන්න ඌට පුළුවන්.

විද්‍යාඥයන් කෘත්‍රිම ලොම් කබා යොදාගෙන ඒ ගැන පර්යේෂණ පැවැත්තුවා. ලොම්වල ප්‍රමාණය සහ දිග වැඩි වෙන තරමට ලොම් මත වතුර රැඳෙන ප්‍රමාණය සහ ලොම් තට්ටුව ඇතුළට වතුර කාන්දු වෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා එයාලා හොයාගෙන තියෙනවා.

මේ දේ යොදාගෙන පිහිනීමේදී සහ කිමිදීමේදී පාවිච්චි කරන විශේෂ ඇඳුම්වල වතුර රැඳෙන ප්‍රමාණය තවත් අඩු කරගන්න පුළුවන් කියලා පර්යේෂකයන් කියනවා. ඉස්සරහට ඒ ඇඳුම්වල පිටතින් ලොම් තට්ටුවක් අලවලා එයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ වගේ ඇඳුමක් ඇඳගෙන සීතල වතුරට බහින එක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න ඕනෙ නැහැ.

ඔයාගේ නිගමනය මොකක්ද? උණුසුම රඳා පවතින ලොම් කබාය මුහුදු බල්ලාට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් එය කාගෙ හරි නිර්මාණයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න