ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 4 8 පි.
  • සංචාරක අමුත්තාගේ පුදුම සවාරිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සංචාරක අමුත්තාගේ පුදුම සවාරිය
  • 2017 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කුරුලු පාරාදීසයක අසිරිය!
    2007 පිබිදෙව්!
  • පර්යටනයෙහි අභිරහස් සෝදිසි කර බැලීම
    1995 පිබිදෙව්!
  • සහජ හැකියාවෙන් මඟ සොයා යන්නෝ
    2007 පිබිදෙව්!
  • ලොව මුදුන හරහා ගිය නාවිකයෝ
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 4 8 පි.
ආක්ටික් මුහුදුළිහිණියා

සංචාරක අමුත්තාගේ පුදුම සවාරිය

ආක්ටික් මුහුදුළිහිණියන් ගැන ඔයා අහලා ඇති. පර්යේෂකයන් හිතාගෙන හිටියේ ආක්ටික් ප්‍රදේශයේ ඉඳන් ඇන්ටාක්ටිකාවට ගිහින් එන්න උන් කි.මී. 35,200ක් විතර පියාඹනවා කියලා. ඒත් උන් ඊටත් වඩා දුරක් පියාඹනවා කියලා ඔයා දන්නවාද?

ආක්ටික් මුහුදුළිහිණියා අත්ලාන්තික් සාගරයට උඩින් යන ගමන් මග

පින්තූරේ පෙන්වන විදිහට ආක්ටික් මුහුදුළිහිණියාගේ ගමන කෙළින් එකක් නෙමෙයි

කඩදාසි ඇමුණුම් කටුවක් තරම් බර පුංචි උපකරණයක් මේ කුරුල්ලන් කිහිපදෙනෙක්ගේ කකුල්වල සවි කරපු පර්යේෂකයන් උන් කොච්චර දුරක් පියාඹනවාද කියලා හොයලා බැලුවා. පුදුමේ කියන්නේ සමහර කුරුල්ලෝ කි.මී. 90,000ක විතර දුරකුත් එක කුරුල්ලෙක් කි.මී. 96,000ක් දුර සවාරියකුත් ගිහින් තිබුණා. සතෙක් සංක්‍රමණය කරපු වැඩිම දුර ඒකයි. උන් යන දුර ගැන හොයාගෙන තිබුණු තොරතුරු අලුත් කළේ ඇයි?

ඒ උන් යන ගමනේ හැඩය ගැන හොයාගත්ත තොරතුරු නිසයි. ආක්ටික් මුහුදුළිහිණියන් කොහෙන් ගමන පටන්ගත්තත් උන් යන්නේ කෙළින් ගමනක් නෙමෙයි. ඒ වෙනුවට උන් යන්නේ පින්තූරේ පෙන්වලා තියෙන විදිහට S අකුරේ හැඩේට. උන් එහෙම යන්නේ හුළඟ හමන දිසාවට පියාඹන නිසයි.

ආක්ටික් මුහුදුළිහිණියාගේ ආයු කාලේ අවුරුදු 30ක් විතර. ඒ කාලේ ඇතුළත උන් කි.මී. ලක්ෂ 24ක් විතර පියාඹනවා. ඒක තුන්හතර වතාවක් හදට ගිහින් එන්න යන දුර. “ග්‍රෑම් 100කට වඩා පොඩ්ඩක් බර කුරුල්ලෙක්ට ඒ තරම් හපන්කමක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නත් බැහැ” කියලා එක ගවේශකයෙක් කියනවා. මේ සවාරිය නිසා උත්තර ධෘවයේ වගේම දක්ෂිණ ධෘවයේත් ග්‍රීෂ්ම කාලය ගත කරන්න උන්ට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා වෙන කිසිම සතෙක්ට වඩා වැඩිපුර කාලයක් හිරු එළිය විඳින්න උන්ට පුළුවන් කියලා එක පොතක කියනවා.—Life on Earth: A Natural History.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න