ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 5 10-11 පි.
  • යුද්ධ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුද්ධ
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අතීතයේදී ඊශ්‍රායෙල්වරු යුද්ධ කළේ ඇයි?
  • අද තියෙන යුද්ධවලදී දෙවියන් පැති ගන්නවාද?
  • යුද්ධ නැති කාලයක් එයිද?
  • යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධ ගැන දෙවියන්ගේ අදහස අද දින
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අතීතයේ ඊශ්‍රායෙල්වරු යුද්ධ කළා නම් ඇයි අපිට බැරි?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපේ ළමයි සඳහා දීප්තිමත් අනාගතයක්
    1997 පිබිදෙව්!
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 5 10-11 පි.
කෑලිවලට කඩපු තුවක්කුවක්

බයිබලයෙන් පිළිතුරක්

යුද්ධ

අතීතයේදී ඊශ්‍රායෙල්වරු යෙහෝවා කියන එයාලගේ දෙවියන්ගේ නමින් යුද්ධ කළා. අද තියෙන යුද්ධවලටත් දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියලා ඒකෙන් අදහස් වෙනවාද?

අතීතයේදී ඊශ්‍රායෙල්වරු යුද්ධ කළේ ඇයි?

සමහර මිනිස්සු කියන දේ:

ඊශ්‍රායෙල්වරු නමස්කාර කළේ යුද්ධවලදී පැති ගත්ත, ලේ පිපාසිත දෙවි කෙනෙකුටයි.

බයිබලයේ කියන දේ:

ඊශ්‍රායෙල්වරු යුද්ධයෙන් පරාජය කළේ දරුණු, සදාචාරමය පැත්තෙන් පහත් දේවල් කරපු ජාතීන්වයි. තමන්ගෙම පවුලේ අය එක්කත් සතුන් එක්කත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, දරුවන්ව ගින්නෙන් පූජා කිරීම වගේ පහත් දේවල් එයාලා කළා. එයාලගේ ජීවිත වෙනස් කරගන්න දෙවියන් එයාලට අවුරුදු සිය ගාණක් කල් දුන්නා. ඒත් එයාලා වෙනස් වුණේ නැති නිසා දෙවියන් මෙහෙම කිව්වා. ‘මෙවැනි ක්‍රියා කර දූෂ්‍ය වී සිටින සියලු ජාතීන් මා ඔබ ඉදිරියෙන් පන්නා දමනවා.’—ලෙවී කතාව 18:21-25; යෙරෙමියා 7:31.

“යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසායි.”—ද්විතීය කතාව 9:5.

අද තියෙන යුද්ධවලදී දෙවියන් පැති ගන්නවාද?

ඔයා සමහරවිට දැකලා ඇති

යුද්දෙකදී දෙපැත්තෙම ඉන්න ආගමික නායකයන් කියනවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙන්නේ එයාලට කියලා. “හැම යුද්දෙකදීම වගේ කොහේ හරි කොනක ආගම සම්බන්ධ වෙලා තියෙනවා” කියලා පොතක සඳහන් වෙනවා.—The Causes of War.

බයිබලයේ කියන දේ:

තමන්ගේ සතුරන් එක්ක යුද්ධ කරන්න ක්‍රිස්තියානීන්ට අවසර නැහැ. නියෝජිත පාවුල් ක්‍රිස්තියානීන්ට මෙහෙම කිව්වේ ඒ නිසයි. “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න. පළිගැනීමෙන් වළකින්න.”—රෝම 12:18, 19.

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න. ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීම සඳහා එසේ කරන්න.” (මතෙව් 5:44, 45) තමන් අයිති රට, ජාතිය යුද්ධවලට සම්බන්ධ වුණත් ක්‍රිස්තියානීන් “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවන නිසා” කිසිම පැත්තක් ගන්නේ නැහැ. (යොහන් 15:19) තමන්ගේ සේවකයන් සතුරන්ට ආදරේ කරයි කියලත් මේ ලෝකයේ දේවලට හවුල් නොවී ඉඳියි කියලත් බලාපොරොත්තු වෙන දෙවියන් අද පවතින යුද්ධවලදී පැති ගනියි කියලා හිතන්න පුළුවන්ද?

“මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.”—යොහන් 18:36.

යුද්ධ නැති කාලයක් එයිද?

සමහර මිනිස්සු කියන දේ:

යුද්ධ නැති කාලයක් කවදාවත් එන්නේ නැහැ. “මේ සියවසේදී සාමයක් පවතියි කියලා හිතන්න එපා. ඒක හීනයක් විතරයි” කියලා එක පොතක සඳහන් වෙනවා.—War and Power in the 21st Century.

බයිබලයේ කියන දේ:

යුද්ධ කරන්න කිසිම හේතුවක් නැති කාලයක් ළඟදීම එනවා. ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවියන්ගේ ආණ්ඩුවෙන් ළඟදීම යුද්ධවලට යොදාගන්න හැම දෙයක්ම නැති කරලා මිනිසුන්ට සාමයෙන් ඉන්න උගන්වනවා. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. දෙවියන් “දුර ඈත වෙසෙන බලවත් ජාතීන්ගේ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය. ඔවුහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඒ සෙනඟ තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—මීකා 4:3.

දෙවියන්ගේ ආණ්ඩුවෙන් පොළොව පාලනය කරද්දී තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මිනිස් ආණ්ඩු පවතින්නේ නැහැ. ඒ වගේම අසාධාරණ නීති පනවන්නෙවත්, මිනිසුන් අතර බෙදීමක් ඇති වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නෙවත් නැහැ. ඒ නිසා යුද්ධයක් ඇති වෙන්න කිසිම ඉඩක් නැහැ. දෙවියන් දීලා තියෙන මේ පොරොන්දුව එදාට අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. “කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.”—යෙසායා 11:9.

“පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.”—ගීතාවලිය 46:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න