ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 10 පි.
  • 7 සාරධර්ම උගන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 7 සාරධර්ම උගන්වන්න
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න
    2019 පිබිදෙව්!
  • යහපත් සමාජයක් බිහි කරන ගුණධර්ම
    2013 පිබිදෙව්!
  • ඒ මේ අත ගසාගෙන යන සාරධර්ම
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දරුවන්ගේ සිතට නිවැරදි ප්‍රතිපත්ති කාවද්දන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 10 පි.
තාත්තායි, පුතායි මාලිමාවක් යොදාගෙන හරි මාර්ගය හොයාගනිමින්

සාරධර්මත් හරියට මාලිමාවක් වගේ හරි මාර්ගයේ යන්න දරුවන්ට උදව් කරනවා

දෙමාපියන්ට

7 සාරධර්ම උගන්වන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

සාරධර්මවලට එකඟව ජීවත් වෙනවා කියන්නේ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා තේරුම් අරන් ඒ අනුව ජීවත් වෙන එකටයි. උදාහරණෙකට ඔයා හැම කාරණයකදීම අවංකව වැඩ කරන කෙනෙක් නම් ඒ දේම කරන්න දරුවන්ටත් ඔයා උගන්වයි.

සාරධර්මවලට එකඟව ජීවත් වෙන කෙනෙක් කඩිසර, සාධාරණ සහ අනිත් අය ගැන සැලකිලිමත් වෙන කෙනෙක්. ඒ වගේ වෙන්න දරුවන්ව පුහුණු කරන්න ඕනෙ පොඩි කාලේ ඉඳලාමයි.

බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

තාක්ෂණයට වහල් වෙලා ඉන්න මේ සමාජයේ සාරධර්මවලට අනුව ජීවත් වෙන එක හරිම වැදගත්. කැරන් මෙහෙම කියනවා. “ෆෝන්, ටැබ් වගේ දේවලින් ඕනම වෙලාවක නරක දේවල් බලන්න පුළුවන්. අපේ දරුවන් අපි ළඟම වාඩි වෙලා හිටියත් අපිටත් හොරෙන් ඒ දේවල් බලන්න ඉඩ තියෙනවා.”

බයිබල් ප්‍රතිපත්තිය: ‘අවබෝධයෙන් ක්‍රියා කරන අය තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.’—හෙබ්‍රෙව් 5:14.

හොඳ පුරුදු ඇතුව ජීවත් වෙන එකත් වැදගත්. හොඳ පුරුදු අද අනුගමනය කරන්නේ අතලොස්සක් විතරයි. අඩු ගානේ “ස්තුතියි” කියලවත් සමහරු කියන්නේ නැහැ. මිනිසුන් තාක්ෂණයට කොච්චර වහල් වෙලාද කිව්වොත් අනිත් අය ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් නැහැ.

බයිබල් ප්‍රතිපත්තිය: “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.”—ලූක් 6:31.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

සදාචාර ප්‍රමිති ගැන උගන්වන්න. විවාහ වෙන්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදියි කියලා දෙමාපියන් පැහැදිලිව කියලා දුන්නාම හුඟක් දරුවන් ඒකෙන් වළකිනවා කියලා පර්යේෂකයන් හොයාගෙන තියෙනවා.

යෝජනාවක්: සදාචාර ප්‍රමිතිවල වටිනාකම තේරුම් කරන්න ළඟකදි වුණු දරුණු අපරාධයක් ගැන දරුවන් එක්ක කතා කරන්න. ඔයාට මෙහෙම අහන්න පුළුවන්. “අද මිනිස්සු කේන්තිය පාලනය කරගන්නේ නැතුව මෙච්චර දරුණු විදිහට හැසිරෙන්නේ ඇයි?”

“දරුවන්ට හරි වැරැද්ද අතර වෙනස කියලා දුන්නේ නැත්නම් එයාලා කොහොමද හරි දේ කරන්නේ?”—බ්‍රැන්ඩන්.

හොඳ පුරුදු උගන්වන්න. ආදරෙන් දෙයක් ඉල්ලන එක, ස්තුති කරන එක, අනිත් අය ගැන සැලකිලිමත් වෙන එක වගේ දේවල් පුංචි දරුවන්ටත් කරන්න පුළුවන්. පොතක මෙහෙම කියනවා. “තමන් ගැනම හිතන්නේ නැතුව අනිත් අය ගැනත් හිතන්න පුහුණු කළාම දරුවන් ගෙදරදී, පාසැලේදී වගේම ඕනෙම තැනකදී අනිත් අය ගැන හිතලා කාරුණිකව වැඩ කරන්න පෙලඹෙනවා.”—Parenting Without Borders.

යෝජනාවක්: අනිත් අයට උදව් කරන එකේ වටිනාකම තේරුම්ගන්න දරුවන්ට ගෙදරදොරේ වැඩ පවරන්න.

“දරුවන් පොඩි කාලේ ඉඳලාම ගෙදර වැඩ කරනවා නම් ගෙදරින් ගියාට පස්සෙත් එයාලගේ වැඩ ටික හොඳට කරගනියි. එයාලා වගකීමෙනුත් වැඩ කරයි.”—ටාරා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න