ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 11 පි.
  • 8 ආදර්ශවත් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 8 ආදර්ශවත් වෙන්න
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • ඔබේ දරුවන්ව පුහුණු කිරීමට බයිබලය ඔබට උපකාරවත් වේද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙමාපියෙනි, පුංචි හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දරුවන්ට ඉගැන්විය හැකි සාර්ථක ක්‍රම මොනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 11 පි.
දැරියක් තාත්තාගේ අඩි පාරේ ගමන් කරමින්

ඔයාගේ ආදර්ශයෙන් ඔයා දරුවන්ට හරි මඟ පෙන්වනවාද?

දෙමාපියන්ට

8 ආදර්ශවත් වෙන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

දරුවන්ට උගන්වන දේවල් ක්‍රියාවෙන් පෙන්වන එක වැදගත්. උදාහරණෙකට කෙනෙක් ගෙදරට ආවාම “මං ගෙදර නැහැ කියන්න” කියලා ඔයා දරුවාට කිව්වොත් දරුවා ඇත්ත කතා කරන්න පුරුදු වෙයිද?

“හුඟක් අය කියනවා ‘මං කියන දේ කරන්න. ඒත් මං කරන දේ කරන්න එපා’ කියලා. දරුවන්ට එහෙම කියලා හරියන්නේ නැහැ. දරුවන් ස්පොන්ජ් කෑල්ලක් වගේ අපි කරන කියන දේවල් ඉක්මනින්ම උරාගන්නවා. අපි කියන දේවල් කරන්නේ නැත්නම් එයාලා ඒ ගැන ප්‍රශ්න කරනවා.”—ඩේවිඩ්.

බයිබල් ප්‍රතිපත්තිය: “‘සොරකම් නොකරන්න’ කියා අනුන්ට දේශනා කරන ඔබ, සොරකම් කරනවාද?” —රෝම 2:21.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

පොඩි දරුවන් වගේම යොවුන් දරුවනුත් වැඩියෙන්ම ආදර්ශයට ගන්නේ දෙමාපියන්ව. ඒ කියන්නේ දරුවන්ට හරි මඟ පෙන්වලා දෙන්න පුළුවන් හොඳම අය එයාලගේ යාළුවෝ නෙවෙයි ඔයාලයි. එහෙනම් ඔයාලා එයාලට හොඳ ආදර්ශයක් වෙන එක කොච්චර වැදගත්ද!

“සමහර වෙලාවට එකම දේ සිය පාරක් දරුවාට කියන්න වෙනවා. ඒත් එයා අපි කියන කරන දේවල් ගැන අවධානයෙන් ඉන්නේ. මොකද එක පාරක් හරි, කියපු දෙයක් අපි කළේ නැත්නම් එයා ඒක අපිට ඉක්මනින්ම මතක් කරනවා.”—නිකෝල්.

බයිබල් ප්‍රතිපත්තිය: ‘ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු කුහකකමින් තොර මිනිසෙකි.’—යාකොබ් 3:17.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඔයා ගැනම හොඳට හිතලා බලන්න. විනෝදයට ඔයා බලන්නේ මොන වගේ දේවල්ද? සැමියාට/බිරිඳට සහ දරුවන්ට ඔයා සලකන්නේ කොහොමද? ඔයාගේ යාළුවන් මොන වගේ අයද? ඔයා අනිත් අය ගැන සැලකිලිමත් වෙනවාද? ඒ ප්‍රශ්න ගැන හොඳට හිතලා දරුවන්ට ඔයා හොඳ ආදර්ශයක්ද කියලා කල්පනා කරන්න.

“අපි කරන්නේ නැති දේවල් කරන්න කියලා අපි කවදාවත් අපේ දරුවන්ට කියන්නේ නැහැ.”—ක්‍රිස්ටීන්.

සමාව ඉල්ලන්න. දරුවන් දන්නවා ඔයාලා අතින් වැරදි වෙනවා කියලා. ඒ නිසා වරදක් වුණාම සැමියාගෙන්/බිරිඳගෙන්, දරුවන්ගෙන් සමාව ඉල්ලන්න. එහෙම කරද්දී අවංකවත් නිහතමානීවත් වැඩ කරන්න දරුවන් පුරුදු වෙයි.

“අපි අතින් වරදක් වුණාම ඒක පිළි අරන් සමාව ඉල්ලුවේ නැත්නම් දරුවෝ එයාලා අතින් වෙන වැරදි පිළිගන්න එකක් නැහැ.”—රොබින්.

“දරුවන් නිතරම දකින්නේ දෙමාපියන්ව. අපේ ආදර්ශයෙන් එයාලා හුඟක් දේවල් ඉගෙනගන්නවා. ඒ නිසා හොඳ ආදර්ශයක් තියන එක තමයි එයාලව පුහුණු කරන්න පුළුවන් හොඳම විදිහ.”—වෙන්ඩල්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න