ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 3 6-13 පි.
  • දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1: පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් ලැබෙන උදව් පිළිගන්න
  • 2: පෝෂ්‍යදායි කෑම කන්න. ව්‍යායාම් කරන්න
  • 3: ප්‍රමාණවත් නින්දක් ලබාගන්න
  • 4: ඔයාට උදව් වෙන දේ ඔයාම තේරුම්ගන්න
  • 5: හානිකර පුරුදුවලින් වළකින්න
  • 6: සමබර වෙන්න
  • 7: හැම දේටම කාලයක් වෙන් කරගන්න
  • 8: ලොකු කාරණා ගැන තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා
  • 9: සොඳුරු මතකයන් අවදි කරන්න
  • 10: කොහේ හරි ගිහින් විවේකයක් ගන්න
  • 11: අනිත් අයට උදව් කරන්න
  • 12: මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා හිතන්න
  • මම දුක දරාගන්නේ කොහොමද?
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • ආදරේ කරන කෙනෙක් මැරුණොත් . . .
    යොවුන් සිතේ ගැටලු
  • මේ සඟරාව: වියෝදුකට සහනයක්!
    2018 පිබිදෙව්!
  • දුක දරාගන්නේ කෙසේද?
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 3 6-13 පි.
මුහුදු වෙරළේ ඉඳන් සරුංගලයක් අරින, ෆොටෝ ගන්න මිනිසුන්

වියෝදුකට සහනයක්!

දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

වියෝදුකින් ගොඩ එන එක ගැන අද ඕන තරම් උපදෙස් තියෙනවා. ඒත් ඒ හැම එකක්ම ඔයාට ගැළපෙන්නේ නැහැ කියලා ඔයාට හිතෙයි. එහෙම හිතෙන්නේ වියෝදුක දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන නිසයි.

වියෝදුකින් ගොඩ එන්න හුඟක් අයට උදව් වෙලා තියෙන දේවල් කිහිපයක් ගැන මනෝ වෛද්‍යවරුන් සඳහන් කරනවා. හැබැයි ඒවා අලුත් මඟ පෙන්වීම් නෙවෙයි. මොකද හැම කාලෙටම ගැළපෙන උපදෙස් තියෙන පැරණි පොතක් වන බයිබලයේ ඒවා සඳහන් වෙලා තිබුණා.

1: පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් ලැබෙන උදව් පිළිගන්න

  • මුහුදු වෙරළේ ඉඳන් සරුංගලයක් අරින, ෆොටෝ ගන්න මිනිසුන්

    ඒක වියෝදුකින් ගොඩ එන්න උදව් වෙන ප්‍රධානම දෙයක් කියලා සමහර විශාරදයන් කියනවා. ඒත් වෙලාවකට ඔයාට හිතෙයි ටිකක් තනියම ඉන්න ඕනෙ කියලා. අනිත් අය උදව් කරන්න හදද්දී ඒක ඔයාට මහා වධයක් වගේ දැනෙන්නත් ඉඩ තියෙනවා.

  • හැම වෙලේම ඔයා අනිත් අයත් එක්ක ඉන්න ඕනෙ කියලා හිතන්න එපා. හැබැයි ඔයාට උදව් කරන්න හදද්දී ඒක වළක්වන්නත් එපා. මොකද දවසක අනිත් අයගේ උදව් ඔයාට ඕන වෙයි. ඒ නිසා මේ වෙලාවේ ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා එයාලට කාරුණිකව කියන්න.

  • අනිත් අයගේ උදව් අවශ්‍ය කොයි අවස්ථාවලද තනියෙන් ඉන්න ඕනෙ කොයි අවස්ථාවලද කියලා හොඳට හිතලා බලලා ඒ අනුව සකස් වෙන්න.

ප්‍රතිපත්තිය: ‘එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.’—දේශනාකාරයා 4:9, 10.

2: පෝෂ්‍යදායි කෑම කන්න. ව්‍යායාම් කරන්න

  • වියෝදුක නිසා ඇති වෙන පීඩනය අඩු කරගන්න පෝෂ්‍යදායි කෑම කන එක උදව් වෙනවා. පළතුරු, එළවළු සහ ප්‍රෝටීන් බහුල ආහාර ගන්න.

  • ඇති තරම් වතුර සහ ගුණදායක බීම වර්ග බොන්න.

  • කෑම රුචියක් නැත්නම් සැරෙන් සැරේ, පොඩ්ඩ පොඩ්ඩ කන්න. පෝෂණ අතිරේකයක් ඒ කියන්නේ අමතර පෝෂණයක් ලබාගන්න පුළුවන් විදිහක් ගැන වෛද්‍යවරයෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්.a

  • වේගයෙන් ඇවිදින එක සහ වෙනත් ව්‍යායාම් කරන එක අධෛර්යය කරවන සිතුවිලි ජය ගන්න උදව් වෙනවා. සමහර අයට ජීවිතේ වුණු වෙනස්කම් ගැන හිතන්න ඒක උදව් වෙලා තියෙනවා. තවත් අයට වෙච්ච දේවල් ටිකකට අමතක කරන්න ඒක උදව් වෙලා තියෙනවා.

ප්‍රතිපත්තිය: “කිසි මිනිසෙක් කිසිදාක තමාගේම ශරීරයට වෛර කළේ නැත. ඒ වෙනුවට ඔහු තම ශරීරයට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල මහත් ආදරයකින් ලබා දෙයි.”—එෆීස 5:29.

3: ප්‍රමාණවත් නින්දක් ලබාගන්න

  • ඇඳක්

    වියෝදුකින් ඉන්න අයට ලොකු වෙහෙසක් දැනෙන නිසා හොඳ නින්දක් ලබාගන්න එක ගැන එයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.

  • කැෆේන් සහ මධ්‍යසාර අඩංගු දේවල් ගන්න ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒ දේවල් නින්දට බාධාවක් වෙන්න පුළුවන්.

ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”—දේශනාකාරයා 4:6.

4: ඔයාට උදව් වෙන දේ ඔයාම තේරුම්ගන්න

  • වියෝදුකින් ඉන්න කාන්තාවක් හිතේ තියෙන දුක යාළුවෙක්ට කියමින්

    වියෝදුක දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා දුක දරාගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද කියලා ඔයාම තීරණය කරන්න.

  • හිතේ තියෙන දේ තව කෙනෙක්ට කියන එක දුක දරාගන්න උදව් වුණා කියලා සමහර අය කියනවා. ඒත් තවත් අය තමන්ගේ හිතේ තියෙන දේ කියන්න කැමති නැහැ. හිතේ තියෙන දේ කාත් එක්ක හරි කතා කරන්න ඕනෙ කියලා ඔයාට හිතුණත් ඒක ලේසි නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ඔයාගේ කිට්ටුම යාළුවෙක්ට හිතේ තියෙන දේවල් ටිකෙන් ටික කියන්න.

  • කෑගහලා අඬන එක වියෝදුක දරාගන්න උදව් වුණා කියලා සමහර අය කියනවා. ඒත් තවත් අය කියන්නේ එච්චර අඬන්නේ නැතුව වුණත් වියෝදුක දරාගන්න පුළුවන් කියලයි.

ප්‍රතිපත්තිය: “යමෙකුගේ සිතේ තිබෙන වේදනාව දන්නේ ඔහු පමණි.”—හිතෝපදේශ 14:10.

5: හානිකර පුරුදුවලින් වළකින්න

  • මිනිසෙක් මත්පැන් බොමින්

    වියෝදුක දරාගන්න උදව් වෙයි කියලා හිතලා සමහරු මත්පැන්වලට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. ඒවා ගන්න එකෙන් තාවකාලික සහනයක් ලැබෙන්න පුළුවන්. හැබැයි වෙන හානිය ඊට වඩා වැඩියි. ඒ නිසා ඒ වගේ දේවලින් සහනයක් ලබාගන්න උත්සාහ කරන්න එපා.

ප්‍රතිපත්තිය: ‘අපිව අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.’—2 කොරින්ති 7:1.

6: සමබර වෙන්න

  • මැරුණු කෙනා ගැන හිතලා දුක පිට කරන්න ඕනෙ තමයි. ඒත් හැම වෙලේම ඒ ගැනම හිතහිතා ළත වෙනවා වෙනුවට වෙන දෙයක් කරන්නත් කාලය යොදවන එක ප්‍රයෝජනවත් කියලා හුඟක් අය අද්දැකලා තියෙනවා.

  • අලුත් යාළුවෝ ඇති කරගන්න, මිතුදම් ශක්තිමත් කරගන්න, අලුත් දේවල් ඉගෙනගන්න සහ විනෝද වෙන්න වගේ දේවලට කාලය ගන්න. ඒ දේවල් කරන එකෙන් යම් සහනයක් ලබාගන්න ඔයාට පුළුවන් වෙයි.

  • මැරුණු කෙනා ගැන මතක් වෙලා දුක් වෙන කාලය ටිකෙන් ටික අඩු වෙනවා කියලත් ඉස්සරට වඩා වැඩිපුර කාලයක් වෙනත් වැඩවල යෙදිලා ඉන්න පුළුවන් කියලත් ඔයාට තේරෙයි.

ප්‍රතිපත්තිය: “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. අඬන්න කාලයක්ද සිනාසෙන්න කාලයක්ද වැලපීමට කාලයක්ද නටන්න කාලයක්ද [තිබේ].”—දේශනාකාරයා 3:1, 4.

7: හැම දේටම කාලයක් වෙන් කරගන්න

  • කාන්තාවක් තමන්ගේ වැඩ සැලසුම් කරමින්

    පුළුවන් තරම් ඉක්මනින් එදිනෙදා වැඩකටයුතු ටික පටන්ගන්න.

  • නිදාගන්න එක, වැඩ කරන එක සහ අනිත් හැම දේටම යම් කාලයක් වෙන් කරන එක ආපහු සාමාන්‍ය ජීවිතේට හැඩගැහෙන්න ඔයාට උදව් වෙයි.

  • හිතට සතුටක් ගෙන දෙන දේවල් කරන එක දුක අඩු කරගන්න ඔයාට උදව් වෙයි.

ප්‍රතිපත්තිය: “ඔහු ජීවත් වන කෙටි කාලය පුරා ඔහු අද්දකින අසීරුතා ගැන කල්පනා කරන්නේ කලාතුරකිනි. මන්ද සැබෑ දෙවි ඔහුට සතුටු සිතින් ජීවත් වීමට ඉඩ සලසා ඇත.”—දේශනාකාරයා 5:20.

8: ලොකු කාරණා ගැන තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා

  • ආදරය කරපු කෙනා මැරුණ අලුතම ලොකු ලොකු කාරණා ගැන තීරණ ගත්ත හුඟක් අය පස්සේ කාලෙක ඒ ගැන පසුතැවිලා තියෙනවා.

  • පදිංචිය මාරු කරන එක, රැකියාව වෙනස් කරන එක නැත්නම් ආදරය කරපු කෙනාගේ දේවල් අයින් කරන එක වගේ තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා.

ප්‍රතිපත්තිය: “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි. එහෙත් දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි.”—හිතෝපදේශ 21:5.

9: සොඳුරු මතකයන් අවදි කරන්න

  • මිය ගිය බිරිඳගේ ෆොටෝ යාළුවන්ට පෙන්වන මිනිසෙක්

    ආදරය කරපු කෙනා ගැන තියෙන මතකයන් අලුත් වෙන දේවල් කරන එකෙන් සහනයක් ලැබෙනවා කියලා වියෝදුකින් ඉන්න හුඟක් අයට හිතෙනවා.

  • ආදරය කරපු කෙනාගේ පින්තූර එකතු කරන එක, එයා ගැන තියෙන සොඳුරු මතකයන් පොතක ලියන එක වගේ දේවල් ඔයාට සහනයක් වෙයි.

  • අතීත මතකයන් අවදි වෙන දේවල් එකතු කරලා, ඒවා බලන්න ඕනෙ කියලා හිතෙද්දී අරන් බලන්න.

ප්‍රතිපත්තිය: “අතීත දවස් සිහි කරන්න.”—ද්විතීය කතාව 32:7.

10: කොහේ හරි ගිහින් විවේකයක් ගන්න

  • නිවාඩුවක් ගන්න.

  • දිග නිවාඩුවක් ගන්න එක ප්‍රායෝගික නැත්නම් කොහේ හරි ඇවිදින්න යන එක, කෞතුකාගාරයක් බලන්න යන එක, සුන්දර තැනක් බලන්න යන එක වගේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක යෙදෙන්න.

  • ඒකාකාරී ජීවිතෙන් මිදිලා මොකක් හරි පොඩි දෙයක් කරන එකෙන් වුණත් සහනයක් ලබාගන්න පුළුවන්.

ප්‍රතිපත්තිය: “එන්න, අපි පාළු තැනකට යමු. අපිට පුළුවන් ටිකකට විවේක ගන්න.”—මාක් 6:31.

11: අනිත් අයට උදව් කරන්න

  • වැඩිහිටි කාන්තාවකට අවශ්‍ය දේවල් ගන්න උදව් කරන තරුණියක්

    පොඩි දෙයක් හරි කරලා අනිත් අයට උදව් කරන එකෙන් ඔයාගේ හිතට සහනයක් ලබාගන්න පුළුවන්.

  • මුලින්ම, ඔයා ආදරය කරපු කෙනා මැරුණු එක ගැන දුක් වෙන යාළුවන්ට නැත්නම් නෑදෑයන්ට උදව් කරන්න උත්සාහ කරන්න.

  • අනිත් අයට උදව් කරන එක, ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතන එකෙන් ගොඩ එන්න ඔයාට උදව්වක් වෙයි.

ප්‍රතිපත්තිය: “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

12: මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා හිතන්න

  • වියෝදුක උදව් වෙනවා ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා තේරුම්ගන්න.

  • ඔයා ජීවිතය ගත කරන විදිහ ගැන හොඳට හිතලා බලන්න.

  • මුල් තැන දෙන්න ඕන කාරණා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්න ඕනෙ කියලා හිතුණොත් ඒ වෙනස්කම් කරන්න.

ප්‍රතිපත්තිය: “උත්සව ගෙදරට යෑමට වඩා මරණ ගෙදරට යෑම හොඳය. මන්ද අවසානයේදී සෑම මිනිසෙකුම මිය යන බව ජීවත්ව සිටින අය හොඳින් සිතට ගත යුතුය.”—දේශනාකාරයා 7:2.

දුක දරාගන්න | සාරාංශය

  • 1: පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් ලැබෙන උදව් පිළිගන්න

    අනිත් අයගේ උදව් ඕන සහ තනියෙන් ඉන්න ඕන කොයි අවස්ථාවලද කියලා හිතලා ඒ අනුව සකස් වෙන්න.

  • 2: පෝෂ්‍යදායි කෑම කන්න. ව්‍යායාම් කරන්න

    ගුණදායක කෑම කන්න. හොඳට වතුර බොන්න. අවශ්‍ය ප්‍රමාණයට ව්‍යායාම් කරන්න.

  • 3: ප්‍රමාණවත් නින්දක් ලබාගන්න

    වෙහෙස නිවාගන්න හොඳ නින්දක් ඕනෙමයි.

  • 4: ඔයාට උදව් වෙන දේ ඔයාම තේරුම්ගන්න

    වියෝදුක දැනෙන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා දුක දරාගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද කියලා ඔයාම තීරණය කරන්න.

  • 5: හානිකර පුරුදුවලින් වළකින්න

    මත්පැන්වලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණොත් ප්‍රශ්න තව වැඩි වෙයි.

  • 6: සමබර වෙන්න

    වෙච්ච දේ ගැන හිතහිතා ළත වෙනවා වෙනුවට යාළුවන්ව ආශ්‍රය කරන්නත් විනෝද වෙන්නත් කාලය ගන්න.

  • 7: හැම දේටම කාලයක් වෙන් කරගන්න

    හැම දේටම යම් කාලයක් වෙන් කරගන්න එක සාමාන්‍ය විදිහට දේවල් කරන්න උදව් වෙයි.

  • 8: ලොකු කාරණා ගැන තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා

    ලොකු ලොකු කාරණා ගැන ඉක්මන් තීරණ අරන් පසුතැවෙනවා වෙනුවට අවුරුද්දක් හරි ඊට වඩා වැඩි කාලයක් හරි ගියාට පස්සේ ඒ තීරණ ගන්න.

  • 9: සොඳුරු මතකයන් අවදි කරන්න

    ආදරය කරපු කෙනාගේ පින්තූර එකතු කරගන්න එක, එයා ගැන තියෙන සොඳුරු මතකයන් පොතක ලියන එක එයාව හැමදාටම මතක තියාගන්න ඔයාට උදව්වක් වෙයි.

  • 10: කොහේ හරි ගිහින් විවේකයක් ගන්න

    වෙනසකට කොහේ හරි යන්න. අඩුම තරමින් දවසකට නැත්නම් වරුවකට ගිහින් එන්න.

  • 11: අනිත් අයට උදව් කරන්න

    ඔයා ආදරය කරපු කෙනා මැරුණු එක ගැන දුක් වෙන අය ඇතුළු තවත් අයට උදව් කරන එක සතුටින් ජීවත් වෙන්න ඔයාට උදව් වෙයි.

  • 12: මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා හිතන්න

    වියෝදුකින් ඉන්න කාලයේදී ජීවිතේ මුල් තැන දෙන්න ඕනෙ මොනවාටද කියලා හිතලා අවශ්‍ය වෙනස්කම් කරගන්න.

මොන දේ කළත් වියෝදුක සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. හැබැයි වියෝදුක දරාගන්න උදව් වෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එකෙන් ලොකු සහනයක් ලැබෙනවා කියලා හුඟක් අය අද්දැකලා තියෙනවා. වියෝදුක දරාගන්න උදව් වෙන හැම කාරණයක් ගැනම මේ ලිපියේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි මේ ලිපියේ තියෙන යෝජනා කිහිපයක් හරි ඔයා අදාළ කරගන්න උත්සාහ කළොත් ඔයාට ලොකු සහනයක් දැනෙයි.

a ‘පිබිදෙව්!’ සඟරාව යම් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න