ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 2 8-9 පි.
  • අභියෝගවලට මුහුණ දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අභියෝගවලට මුහුණ දෙන්න
  • 2019 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන කෙනෙක් මොන වගේද?
  • අභියෝගවලට මුහුණ දෙන්න ඉගෙනගන්න එක වැදගත් ඇයි?
  • අභියෝගවලට මුහුණ දෙන්න උගන්වන්න
  • මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපදෙසක් ලැබුණාම ඒක මං පිළිගන්න ඕනෙ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • නිහතමානී වෙන්න දරුවාට උදව් කරන්න
    2017 පිබිදෙව්!
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 2 8-9 පි.
කේක් එක හරියට හදාගන්න බැරි වුණ නිසා දුකින් ඉන්න දුවට ඒක හරියට හදන්න අම්මා උදව් කරමින්

3වෙනි පාඩම

අභියෝගවලට මුහුණ දෙන්න

අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන කෙනෙක් මොන වගේද?

ඒ වගේ කෙනෙක් ප්‍රශ්න ගැටලු එද්දී බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. ඒ තත්වයෙන් ඉක්මනින්ම ගොඩ එනවා. ඒ දේ කරන්න ඉගෙනගන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීලාම තමයි. දරුවෙක් වැටිවැටී ඇවිදින්න ඉගෙනගන්නවා වගේ ජීවිතේ සාර්ථක කරගන්නත් එයාලා අභියෝගවලට මුහුණ දෙන්නම ඕනේ.

අභියෝගවලට මුහුණ දෙන්න ඉගෙනගන්න එක වැදගත් ඇයි?

දෙයක් හරියට කරගන්න බැරි වුණාම, වේදනාකාරී දේකට මුහුණ දෙන්න වුණාම, තමන්ගේ වරදක් ගැන කෙනෙක් පෙන්වලා දුන්නාම සමහර ළමයි අධෛර්යය වෙනවා. හැබැයි එයාලා මේ දේවල් තේරුම්ගන්න ඕනේ.

  • කරන හැම දේම හරියටම කරන්න අපි කාටවත් බැහැ.—යාකොබ් 3:2.

  • හැමෝටම මොකක් හරි ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.—දේශනාකාරයා 9:11.

  • දියුණු වෙන්න පුළුවන් වෙන්නේ කවුරු හරි අපේ වැරදි පෙන්වලා දුන්නොත් විතරයි. —හිතෝපදේශ 9:9.

පොඩි පොඩි ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න ඉගෙනගත්තොත් තමයි ලොකු අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න දරුවන්ට පුළුවන් වෙන්නේ.

අභියෝගවලට මුහුණ දෙන්න උගන්වන්න

දරුවා අසමත් වුණොත්.

බයිබල් ප්‍රතිපත්තිය: “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.”—හිතෝපදේශ 24:16.

ප්‍රශ්නයක් ඇත්තටම බරපතළද නැද්ද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. උදාහරණෙකට දරුවා විභාගෙකින් අසමත් වුණොත් මොනවා කරයිද? “මට කිසි දෙයක් හරියට කරගන්න බෑනේ” කියලා එයාට හිතෙයිද?

ඊළඟ වතාවේ දේවල් හරියට කරන්න පුළුවන් විදිහ ගැන හිතලා බලන්න දරුවාට උදව් කරන්න. එතකොට ප්‍රශ්න එද්දී දුක් වෙවී ඉන්නේ නැතුව ඒවාට විසඳුම් හොයාගන්න එයා ඉගෙනගනියි.

ඔයා ප්‍රශ්නයට විසඳුමක් දෙන්න එපා. ඒ වෙනුවට විසඳුමක් හොයාගන්න දරුවාට උදව් කරන්න. “අසමත් වුණු විෂය තවත් හොඳින් තේරුම්ගන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද” කියලා දරුවාගෙන් අහන්න.

වේදනාකාරී අද්දැකීමකට මුහුණ දෙන්න වුණොත්.

බයිබල් ප්‍රතිපත්තිය: “හෙට දිනේදී ඔබට කුමක් සිදු වේවිද කියා ඔබ දන්නේ නැත.”—යාකොබ් 4:14.

ජීවිතේ හරිම අවිනිශ්චිතයි. අද පොහොසත් කෙනෙක් හෙට දුප්පත් වෙන්නත් අද කිසි ලෙඩක් නැතුව ඉන්න කෙනෙක් හෙට ලෙඩෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියන්නේ. ‘වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත. මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු විය හැක.’—දේශනාකාරයා 9:11.

දෙමාපියන් විදිහට දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන් හැම දේම ඔයාලා කරනවා. ඒත් හැම දේකින්ම එයාලව ආරක්ෂා කරගන්න ඔයාලට බැහැ කියලා මතක තියාගන්න.

රැකියාව අහිමි වෙන එක, ආර්ථික ප්‍රශ්න වගේ දේවල් දැන්ම දරුවාට බලපාන්නේ නැහැ. හැබැයි කිට්ටු මිතුදමක් බිඳෙන එක, පවුලේ කෙනෙක් මැරෙන එක වගේ දේවලට සාර්ථකව මුහුණ දෙන්න දැන් ඉඳලාම දරුවාට උදව් කරන්න.a

කාගෙන් හරි උපදෙසක් ලැබෙද්දී.

බයිබල් ප්‍රතිපත්තිය: ‘උපදෙස්වලට සවන් දෙන්න. එවිට ඔබ අනාගතයේදී ප්‍රඥාවන්ත කෙනෙකු වන්නෙහිය.’—හිතෝපදේශ 19:20.

දරුවා දියුණු වෙන්න ඕන පැත්තක් ගැන කෙනෙක් කියන්නේ දරුවාට උදව් කරන්න තියෙන කැමැත්ත නිසා මිසක් දරුවාව රිද්දන්න නෙවෙයි.

වරදක් පෙන්වලා දෙද්දී ඒක පිළිගන්න දරුවාට උගන්වන එකෙන් ඔයාටත් ප්‍රයෝජන ලැබෙනවා. තාත්තා කෙනෙක් වන ජෝන් කියපු මේ දේ බලන්න. “දරුවන්ට එයාලගේ වැරදි පෙන්වලා දෙන්නේ නැත්නම් එයාලා කවදාවත් හරි දේ කරන්න ඉගෙනගන්නේ නෑ. ඒ නිසා එයාලට හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. දෙමාපියන් විදිහට ඔයාලටත් සිද්ධ වෙයි ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයහොය ඉන්න.”

උපදෙසක් ලැබෙද්දී ඒකෙන් ප්‍රයෝජන ගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? ඉස්කෝලේදී හරි වෙන තැනකදී හරි දරුවාට උපදෙසක් ලැබුණොත් “ඒක හරිම අසාධාරණයි” කියලා කියන්න එපා. ඒ වෙනුවට දරුවාගෙන් මෙහෙම අහන්න.

  • “ඒ වගේ උපදෙසක් දෙන්න හේතුව මොකක්ද?”

  • “ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් කොහොමද?”

  • “ඔයාට ආයෙත් උපදෙසක් ලැබුණොත් ඔයා මොකද කරන්නේ?”

උපදෙසක් ලැබෙද්දී ඒක මේ කාලෙට විතරක් නෙවෙයි දරුවාගේ ඉදිරි අනාගතයටත් ප්‍රයෝජනවත් වෙනවා කියලා අමතක කරන්න එපා.

a 2008 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ “වියෝ දුකින් පෙළෙන ඔබේ දරුවාට සැනසිල්ල” කියන ලිපිය බලන්න.

කේක් එක හරියට හදාගන්න බැරි වුණ නිසා දුකින් ඉන්න දුවට ඒක හරියට හදන්න අම්මා උදව් කරමින්

දැන් ඉඳන්ම පුහුණු කරන්න

තමන් අතින් වරදක් වුණාම අධෛර්යය වෙන්නේ නැතුව ඒ වරද හදාගන්න ඉගෙනගන්න දරුවෙක්, අනාගතයේදී අමාරු වැඩක් වුණත් දක්ෂ විදිහට කරන්න පුරුදු වෙයි

ආදර්ශයෙන් උගන්වන්න

  • වරදක් වුණාම ඒක මං පිළිගන්නවාද නැත්නම් වෙන කෙනෙක් පිට පටවනවාද?

  • මට වැරදුණු තැන් ගැනත් ඒ වැරදිවලින් මං ඉගෙනගත්ත දේවල් ගැනත් මං කියනවාද?

  • අනිත් අය අතින් වරදක් වුණාම මං එයාලව සමච්චල් කරනවාද?

දෙමාපියන් කියන දේ

”දරුවන් අතින් වරදක් වුණාම, එයාලට දෙයක් හරියට කරගන්න බැරි වුණාම අපි හැම වෙලේම ඒවාට මැදිහත් වෙන්න ගියේ නෑ. මාත් පොඩි කාලේ අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න ඉගෙනගත්ත නිසා අද හුඟක් ප්‍රයෝජන අද්දකිනවා. අපි දරුවන්ව ඕනෑවට වඩා නළවන්න ගියේ නෑ. ඒ නිසා වෙන්න ඇති එයාලා ඕනෙම තත්වයකට හොඳින් මුහුණ දෙන්නේ.”—ජෙෆ්.

“අපි අතින් දරුවන්ට වරදක් වුණාම අපි ඉක්මනටම එයාලගෙන් සමාව ඉල්ලුවා. අපේ අතින් වුණු වැරදි ගැන, අපි අධෛර්යය වුණු අවස්ථා ගැන දරුවන්ට කියනවා නම් දරුවන් අතින් ඒ වගේ දේවල් වෙද්දී ඉක්මනින්ම ඒවායින් ගොඩ එන්න ඒක දරුවන්ට උදව් වෙනවා.”—ජේම්ස්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න