ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 2 4-5 පි.
  • සමහරු විශ්වාස කරන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමහරු විශ්වාස කරන්නේ මොනවාද?
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හින්දු භක්තිකයන්
  • ඉස්ලාම් භක්තිකයන්
  • යුදෙව් සම්ප්‍රදාය
  • බෞද්ධයන්
  • කොන්ෆියුෂියානු භක්තිකයන්
  • සමහර ගෝත්‍රික ආගම්
  • ක්‍රිස්තියානීන්
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • 3වන ප්‍රශ්නය: දෙවියන් මට දුක් විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සලකන මැවුම්කරුවෙක් සිටී නම්, ඇයි මෙතරම් දුක් ගාවිනා?
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
  • මෙතරම් දුක් කරදර ඇයි?
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 2 4-5 පි.
බෞද්ධ, හින්දු, ගෝත්‍රික, යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ කොන්ෆියුෂියානු ආගම් හඳුනගන්න යොදාගෙන තියෙන සංකේත.

සමහරු විශ්වාස කරන්නේ මොනවාද?

හින්දු භක්තිකයන්

හින්දු ආගම සඳහා සංකේතයක්.

මිනිසුන් දුක් විඳින්නේ මේ ජීවිතයේදී හරි කලින් ජීවිතයකදී හරි කරපු වැරදිවල ප්‍රතිඵලයක් හැටියටයි කියලා එයාලා හිතනවා. එයාලා විශ්වාස කරනවා මෝක්ෂයට යන්න ඒ කියන්නේ යළි යළි ඉපදෙන එක නවත්වගන්න පුළුවන් වෙන්නේ ලෞකික දේවල් මනසින් සම්පූර්ණයෙන් ඉවත් කරගත්තොත් විතරයි කියලා.

ඉස්ලාම් භක්තිකයන්

ඉස්ලාම් ආගම සඳහා සංකේතයක්.

විශ්වාසය සෝදිසියට ලක් වෙද්දීත් පාපවලට දඬුවම් ලැබෙද්දීත් මිනිසුන්ට දුක් විඳින්න වෙනවා කියලා එයාලා හිතනවා. උතුරු ඇමෙරිකාවේ ඉස්ලාමික සමිතියේ සභාපති ආචාර්ය සයියඩ් සයියීඩ් මෙහෙම කියනවා. “අපි දුක් විඳිද්දී ලැබිලා තියෙන ආශීර්වාදවලට දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනෙ කියලත් අසරණයන්ට පිහිට වෙන්න ඕනෙ කියලත් ඒකෙන් අපිට මතක් කරලා දෙනවා.”

යුදෙව් සම්ප්‍රදාය

යුදෙව් ආගම සඳහා සංකේතයක්.

මිනිසුන්ට දුක් විඳින්න වෙන්නේ එයාලා කරපු ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියටයි කියලයි යුදෙව් සම්ප්‍රදායේ කියන්නේ. මිය ගිය අයට නැවත නැඟිටීමක් තියෙනවා කියලත් ඒකෙන් පස්සේ දුක් වින්ද නිර්දෝෂ අයට යුක්තිය ඉටු කරලා දෙනවා කියලත් සමහර යුදෙව්වන් කියනවා. යුදෙව් ආගමේ කබාලා (ගුප්ත) කියන ඉගැන්වීම්වලට අනුව පුනරුත්පත්තියක් තියෙනවා. ඉපදෙන හැම වතාවකම එයාලගේ වැරදිවලට වන්දියක් ගෙවන්න අවස්ථාව ලැබෙනවා කියලයි එයාලා හිතන්නේ.

බෞද්ධයන්

බෞද්ධ ආගම සඳහා සංකේතයක්.

තණ්හා, ආශා, බැඳීම් දුරු කරගෙන අකුසල්වලින් මිදෙන කල් කෙනෙක්ට යළි යළි ඉපදිලා කල්ප ගණනාවක් තිස්සේ දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා එයාලා විශ්වාස කරනවා. ප්‍රඥාව වැඩි කරගෙන, පින් දහම් කරගෙන, මනස හික්මවගෙන කෙනෙක්ට නිවනට ඒ කියන්නේ කිසි දුකක් නැති තත්වයකට යන්න පුළුවන් කියලා එයාලා කියනවා.

කොන්ෆියුෂියානු භක්තිකයන්

කොන්ෆියුෂියානු ආගම සඳහා සංකේතයක්.

විශ්වකෝෂයක කියනවා මිනිසුන්ට දුක් විඳින්න වෙන්නේ වැඩි හරියක්ම “එයාලගෙම වැරදි අඩුපාඩු නිසයි” කියලා. හොඳ ජීවිතයක් ගත කරන එක මුහුණ දෙන්න වෙන දුක් කරදර අඩු කරගන්න යම් ප්‍රමාණයකින් දායක වුණත් “ආත්ම ජීවීනුත් හුඟක් දුක් කරදර ඇති කරන නිසා ඒවාවලින් සම්පූර්ණයෙන්ම වැළකිලා ඉන්න අපිට බැහැ” කියලත් “හිත හදාගෙන අපේ දෛවයට මුහුණ දෙන්න ඕනෙ” කියලත් කොන්ෆියුෂියානු ඉගැන්වීම්වල සඳහන් වෙනවා.—A Dictionary of Comparative Religion.

සමහර ගෝත්‍රික ආගම්

ගෝත්‍රික ආගම්වල සංකේතය.

මිනිසුන්ට දුක් කරදර ඇති වෙන්නේ මන්තර ගුරුකම් නිසයි කියලා එයාලා විශ්වාස කරනවා. මිනිසුන්ට වාසනාව ගේන්න හරි විපත්ති ඇති කරන්න හරි මන්තර ගුරුකම් කරන අයට පුළුවන් කියලත් එයාලා ඇති කරන දුක් කරදර යම් වත්පිළිවෙත් කරලා අඩු කරගන්න පුළුවන් කියලත් එයාලා හිතනවා. ඒ නිසා කට්ටඩියන්ගේ ඖෂධ සහ ප්‍රතිකර්ම මාර්ගයෙන් ලෙඩින් ඉන්න කෙනෙක්ට සුවයක් ලබාගන්න පුළුවන් කියලා එයාලා විශ්වාස කරනවා.

ක්‍රිස්තියානීන්

ක්‍රිස්තියානි ආගම සඳහා සංකේතයක්.

මිනිසුන් දුක් විඳින්නේ මුල් මිනිස් යුවළ කරපු පාපය නිසා කියලා උත්පත්ති පොතේ කියන දේ එයාලා විශ්වාස කරනවා. හැබැයි ඒ අදහසට විවිධ නිකායන්වලට අයිති අය එයාලගේ අදහසුත් ඇතුළත් කරලා තියෙනවා. උදාහරණෙකට සමහර කතෝලික අය කියන්නේ එයාලා විඳින දුක් වේදනාවන් “දෙවියන්ට ඔප්පු කරලා” ඒක පල්ලියේ යහපත වෙනුවෙන් හරි තවත් කෙනෙක්ගේ ගැලවීම වෙනුවෙන් හරි යොදාගන්න කියලා දෙවියන්ගෙන් අයදින්න පුළුවන් කියලයි.

තවත් දැනගන්න

jw.org වෙබ් අඩවියේ ‘හැම ආගමක්ම දෙවියන් පිළිගන්නවාද?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න