ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 3 10-11 පි.
  • අලුත් යාළුවන්ව ඇති කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් යාළුවන්ව ඇති කරගන්න
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • බයිබල් ප්‍රතිපත්තිය
  • අලුත් යාළුවන් ඇති කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • එයාලා අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් පරාජය කළා
    2020 පිබිදෙව්!
  • ආදරය පෙන්වන්න
    2020 පිබිදෙව්!
  • ඔයා ආශ්‍රය කරන්නේ එකම යාළුවෝ කට්ටියක්වද?
    යොවුන් සිතේ ගැටලු
  • මිත්‍රත්වය සඳහා තිබෙන පිපාසය සන්සිඳවීම
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 3 10-11 පි.
විවිධ ජාතීන්වලට අයිති කාන්තාවන් හතරදෙනෙක් එයාලගේ දරුවන් සෙල්ලම් කරන කල් හිනා වෙවී කතා කරකර ඉන්නවා.

අලුත් යාළුවන්ව ඇති කරගන්න

ප්‍රශ්නය

අපි අකමැති අයව ආශ්‍රය නොකරම හිටියොත් එයාලව තවත් පහත් කරලා සලකන්න අපි පෙලඹෙන්න පුළුවන්. අපිට හුඟක් පැතිවලින් සමානකම් තියෙන අපි වගේම අයව විතරක් ආශ්‍රය කරන්න ගියොත් අපි හිතන පතන වැඩ කරන විදිහ තමයි හැම තිස්සේම හරි කියලා හිතන්න අපි පෙලඹෙන්න පුළුවන්.

බයිබල් ප්‍රතිපත්තිය

“ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.”—2 කොරින්ති 6:13.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? අපි ආදරය සහ සැලකිල්ල පෙන්වන්නේ අපිට හුඟක් පැතිවලින් ගැළපෙන අයට විතරයි නම් අපේ හදවත්වල තියෙන ප්‍රේමය තවත් වැඩි කරගන්න අපිට බැරි වෙනවා. එහෙම නොවී ඉන්න නම් විවිධ පැතිවලින් අපිට වඩා වෙනස් අයව යාළුවෝ කරගන්න අපි කැමැත්තෙන් ඉන්න ඕනේ.

අලුත් යාළුවන් ඇති කරගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන

අනිත් අයව අපි කිට්ටුවෙන් දැන හඳුන ගන්නවා නම් ඒ අය අපිට වඩා වෙනස් වෙන්නේ ඇයි කියලා අපි තේරුම්ගන්නවා. ඒ වගේම අපි එයාලට ළං වෙන්න ළං වෙන්න අපිට එයාලගේ වෙනසක් දැනෙන්නේ නැතුව යනවා. එයාලා ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති වෙනවා වගේම එයාලගේ දුකේදී සැපේදී අපි එයාලත් එක්කම ඉන්නවා.

නසාරිගේ අද්දැකීම බලන්න. කාලයක් එයා සංක්‍රමණිකයන්ව පහත් කරලා සැලකුවා. ඒකෙන් ගොඩ එන්න එයාට උදව් වුණේ මොනවාද කියලා එයා මෙහෙම කියනවා. “මං එයාලා එක්ක කාලය ගත කළා. එකට වැඩ කළා. හුඟක් අය ඒ විදේශිකයන් ගැන කියපු දේවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අයව මට හම්බුණා. විවිධ සංස්කෘතිවලට අයිති අයව යාළුවන් කරගත්තාම එක සංස්කෘතියක ඉන්න හැමෝම එක වගේ නැහැ කියලා අපි තේරුම්ගන්නවා. එතකොට එයාලට ආදරය කරන්නත් අගේ කරන්නත් අපි පෙලඹෙනවා.”

පරෙස්සම් වෙන්න පැත්තක්

සමහර අය ජීවත් වෙන්නේ තමන්ටත් අනිත් අයටත් හානියක් වෙන විදිහටයි. ඒ නිසා යාළුවන් තෝරගද්දී අපි පරෙස්සම් වෙන්න ඕනේ. හොඳ සාරධර්ම පිළිපදින්නේ නැති අයව යාළුවන් කරගන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ නැහැ අපි එයාලව පහත් කරලා සලකනවා කියලා. අපේ ප්‍රතිපත්තිවලට එකඟ නැති අයට කරදර කරන්නේවත් එයාලගේ අයිතීන්ට අගෞරව කරන්නේවත් නැතුව එයාලව ආශ්‍රය නොකර ඉන්න එක තමයි හොඳම දේ.—හිතෝපදේශ 13:20.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

වෙනත් රටක, ජාතියක නැත්නම් වෙනත් භාෂාවක් කතා කරන අය එක්ක කතාබහ කරන්න අවස්ථාවන් උදා කරගන්න. ඒකට මේ දේවල් කරන්න ඔයාට පුළුවන්.

  • එයාලා ගැන විස්තර ටිකක් අහලා බලන්න.

  • කෑම වේලකට එයාලට ආරාධනා කරන්න.

  • එයාලගේ ජීවිත අද්දැකීම්වලට හොඳින් ඇහුම්කන් දීලා එයාලා වැදගත් දේවල් විදිහට සලකන්නේ මොනවාද කියලා තේරුම්ගන්න.

එයාලට මුහුණ දෙන්න වුණ දේවල් ඔයා දැනගන්න උත්සාහ කළොත් එයාලා දැන් කරන සමහර දේවල්වලට හේතුව තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඒක උදව් වෙනවා එයාලා ගැන මෙච්චර කල් හිතුව විදිහ වෙනස් කරගෙන හොඳ විදිහට එයාලා ගැන හිතන්න.

ජීවිත අද්දැකීමක්: කන්දසාමි සහ සූකම්මා (කැනඩාව)

“අපි හැදුණේ වැඩුණේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදය තිබුණු කාලයකයි. ඒ කාලේ එක ප්‍රදේශයක ජීවත් වෙන්න අවසර තිබුණේ එක ජාතියකට අයිති අයට විතරයි. ඒ නිසා අනිත් ජාතීන්ට අයිති අයව පහත් කරලා සලකන්න හැමෝම වගේ පෙලඹුණා. සුදු ජාතිකයන් අපිව පහත් කරලා සලකපු නිසා අපි එයාලා ගැන වැරදි විදිහට හිතුවා. ඒත් අපි එහෙම හිතපු එකෙන් කරන්නේ එයාලව පහත් කරපු එකයි කියලා අපිට හිතුණේ නෑ. මොකද ඒ ප්‍රශ්නෙන් වැඩියෙන්ම බැට කෑවේ අපි.

“අපේ හිතේ තියෙන ආදරේ වැඩි කරගෙන එක එක පසුබිම්වල ඉන්න අයව යාළුවන් කරගන්න අපි මුල් පියවර ගත්තා. අපි එහෙම කළේ අපි හිතන විදිහ වෙනස් කරගන්න අපිට ඕනෙ නිසයි. සුදු ජාතිකයන්ව ආශ්‍රය කරද්දී අපිට තේරුණා එයාලත් මූණ දෙන්නේ අපි මූණ දෙන දේවලටමයි කියලා. එයාලටත් තියෙන්නේ අපිට තියෙන ප්‍රශ්නමයි.

“සුදු ජාතික යුවළකට අවුරුදු ගාණක්ම අපේ ගෙදර නවාතැන් දෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ කාලේදී අපි එයාලව හොඳට අඳුරගත්තා. වැඩි කල් යන්න කලින් අපි හොඳ යාළුවෝ වුණා. අපි අතර කිසි භේදයක් තිබුණේ නැහැ. අන්තිමේදී සුදු ජාතිකයන් ගැන අපිට තිබුණු වැරදි හැඟීම් නැති කරගන්න අපිට පුළුවන් වුණා.”

නියම සහෝදරකමක්

ජොනී සහ ගිඩියොන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක් ඉදිරිපිට දරුවන් එක්ක කතා කරමින් ඉන්නවා.

ජාතීන් දෙකකට අයිති වුණු, වෙනස් දේශපාලන මත දරපු ජොනීට සහ ගිඩියොන්ට කිට්ටු යාළුවන් වෙන්න පුළුවන් වුණා.

‘ජොනී සහ ගිඩියොන්: කලින් සතුරන්, දැන් සහෝදරයෝ’ කියන වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක jw.org වෙබ් අඩවියේ තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න