ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g20 අංක 3 12-13 පි.
  • ආදරය පෙන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරය පෙන්වන්න
  • 2020 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • බයිබල් ප්‍රතිපත්තිය
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • එයාලා අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් පරාජය කළා
    2020 පිබිදෙව්!
  • අනිත් අයව පහත් කරලා සලකන එක ඔයාටත් බෝ වෙලාද?
    2020 පිබිදෙව්!
  • මං යුක්තිය වෙනුවෙන් සටන් කළා
    ජීවිත වෙනස් කළ පොතක්
  • හැමෝම හැමෝටම එක වගේ සලකන දිනක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 පිබිදෙව්!
g20 අංක 3 12-13 පි.
මහලු කොකේසියානු කාන්තාවකට එයාගේ බඩු මුට්ටු අරගෙන පඩි පෙළ නඟින්න ඉන්දියානු කාන්තාවක් උදව් වෙනවා.

ආදරය පෙන්වන්න

ප්‍රශ්නය

සාමාන්‍යයෙන් වයිරසයක් නැති කරන්න යම් කාලයක් ගත වෙනවා. ඒකට වෑයමක් දරන්නත් ඕනේ. ඒ වගේ තමයි අනිත් අයව පහත් කරන හැඟීම් අපේ හිතින් අයින් කරන්න කාලයක් ගත වෙනවා. වෑයමක් දරන්නත් ඕනේ. ඒ හැඟීම් ඔයාගේ හිතින් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

බයිබල් ප්‍රතිපත්තිය

පින්තූරවල අදහස: 1. කෝපි කෝප්ප ටිකක් අරන් එන කලු ජාතිකයෙක්ට ආසියාතිකයෙක් දොර අල්ලගෙන උදව් කරනවා. 2. ඒ කලු ජාතිකයාම කලින් පින්තූරයේ හිටපු ඉන්දියානු කාන්තාව ඇතුළු කාර්යාලයේ මිතුරන්ට කෝපි පිළිගන්වනවා.

“ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.”—කොලොස්සි 3:14.

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? මිනිසුන් අනිත් අය වෙනුවෙන් ආදරෙන් පෙලඹිලා දේවල් කරද්දී එයාලා අතර තියෙන එක්සත්කම වැඩි වෙනවා. ඒ නිසා ඔයාත් ඔයාගේ හිතේ අනිත් අය ගැන තියෙන ආදරේ වැඩි කරගන්න තරමට වෛරසහගත සිතුවිලි, අනිත් අයව පහත් කරලා සලකන හැඟීම් නැති කරගන්න ඔයාට පුළුවන් වෙනවා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

පින්තූරවල අදහස: 1. මහලු කොකේසියානු කාන්තාවක් එයාගේ බඩු මුට්ටු අරගෙන පඩි පෙළ නඟින්න ඉන්දියානු කාන්තාවකගෙන් උදව් ලබාගන්නවා. 2. මහලු කොකේසියානු කාන්තාව කලින් පින්තූරයේ හිටපු තමන්ගේ අසල්වැසියෙක් වන ආසියාතිකයාට බිස්කට් ගෙනත් දෙනවා.

ඔයා කලින් එච්චර කැමති නැති පහත් කරලා සලකපු කණ්ඩායමකට අයිති අයට ආදරය පෙන්වන්න ඔයාට පුළුවන් විවිධ විධි ගැන හිතලා බලන්න. ඒකට ඔයා ලොකු ලොකු දේවල් කරන්න ඕනෙ නැහැ. මේ දේවල්වලින් එකක් හරි කිහිපයක් හරි කරන්න උත්සාහ කරන්න.

පුංචි පුංචි දේවල් කරලා ආදරේ පෙන්නද්දී අනිත් අයව පහත් කරන හැඟීම් ඔයාගේ හිතින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යයි

  • ඒ කණ්ඩායමට අයිති කෙනෙක් වෙනුවෙන් දොරක් අරින එක, බස් එකේදී ආසනයක් දෙන එක වගේ දේවල් කරන්න.

  • එයාලට ඔයාගේ භාෂාව හොඳටම කතා කරන්න බැරි වුණත් එයාලා එක්ක ටිකක් කතාබහ කරන්න.

  • සමහර වෙලාවට එයාලා වැඩ කරන විදිහ ඔයාට තේරුම්ගන්න බැරි වුණත් ඉවසන්න.

  • එයාලගේ ප්‍රශ්න ගැන එයාලා ඔයාට කියද්දී අවංකවම සැලකිලිමත් වෙන්න.

ජීවිත අද්දැකීමක්: නසාරී (ගිනි බිසව්)

“මං කාලයක් සංක්‍රමණිකයන්ව පහත් කරලා සැලකුවා. මොකද මං අහලා තිබුණා එයාලා සල්ලි ගන්න ආණ්ඩුවට බොරු කියන, හුඟක් අපරාධ කරන අය කියලා. ඒ නිසා මං එයාලට එච්චර කැමති නෑ. ඒත් එහෙම එයාලා ගැන හිතපු එකෙන් කරන්නේ එයාලව පහත් කරලා සලකන එකයි කියලා මම හිතුවේ නැහැ. මොකද හැමෝම වගේ එයාලා ගැන හිතුවේ එහෙමනේ.

“කාලයක් යද්දී මට තේරුණා මං එහෙම හිතපු එකෙන් කළේ එයාලව පහත් කරලා සලකන එකයි කියලා. එයාලා ගැන මගේ හිතේ තිබුණු ආදරේ වැඩි කරගන්න බයිබලෙන් ඉගෙනගත්ත දේවල් මට උදව් වුණා. දැන් මං එයාලව හම්බුණාම මඟහරින්නේ නැතුව එයාලා එක්ක කතා කරනවා. මං ඒ අයව පෞද්ගලිකවම හොඳින් අඳුනගන්න උත්සාහ කරනවා. දැන් මං එයාලා ගැන වැරදි විදිහට හිතන්නේ නැහැ. එයාලත් එක්ක වැඩ කරන්නත් මට ලේසියි.”

“මං යුක්තිය වෙනුවෙන් සටන් කළා”

රෆිකා මොරිස්.

ජාතියක් විදිහට මුහුණ දීපු අසාධාරණකම් නිසා රෆිකා යුක්තිය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකට බැඳුණා. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකදි හැමෝම එකමුතුව ඉන්නවා එයා දැක්කා.

‘රෆිකා මොරිස්: මං යුක්තිය වෙනුවෙන් සටන් කළා’ කියන වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක jw.org වෙබ් අඩවියේ තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න