ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 2 7-9 පි.
  • තාක්ෂණය ඔයාගේ දරුවන්ට කොහොම බලපායිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තාක්ෂණය ඔයාගේ දරුවන්ට කොහොම බලපායිද?
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • ඔබේ දරුවා සහ අන්තර්ජාලය
    2008 පිබිදෙව්!
  • දරුවන් සහ ස්මාට් ෆෝන් - 1වෙනි කොටස: මගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙන්නම ඕනෙද?
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • අසභ්‍ය දර්ශනවලින් දරුවාව බේරගන්න!
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • දරුවන් සහ ස්මාට් ෆෝන් - 2වෙනි කොටස: ස්මාට් ෆෝන් එකක් හරි විදිහට පාවිච්චි කරන්න දරුවාට කියලා දෙන්න
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 2 7-9 පි.
දරුවන් එළියට ගිහින් සෙල්ලම් කරන්නේ නැතුව සෙල්ලම් බඩු පැත්තකට දාලා ඉලෙක්ට්‍රෝනික උපකරණවලින් විනෝද වෙනවා.

තාක්ෂණය කොහොම බලපායිද? දරුවන්ට

වැඩිහිටියන්ට නම් ෆෝන් එකක්, ටැබ් එකක් පාවිච්චි කරන හැටි ඉගෙනගන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි අද ඉන්න දරුවෝ මොන්ටිසෝරි යන්නත් කලින් ඒවා පාවිච්චි කරන විදිහ දන්නවා.

හැබැයි ගැජට්වලම එල්ලිලා ඉන්න දරුවන් හුඟක් වෙලාවට . . .

  • ඒවා නැතුව ඉන්න බැරි තත්වෙට පත් වෙනවා.

  • ඉන්ටර්නෙට් එක හරහා හිරිහැරවලට මුහුණ දෙන්න හරි අනිත් අයට හිරිහැර කරන්න හරි ඉඩ තියෙනවා.

  • කැමැත්තෙන් හරි නොදැනුවත්කමින් හරි කාමුක දර්ශන දකිනවා.

දැනගන්න ඕන දේ

අම්මා කාමරේ ළඟින් යද්දී ස්මාට්ෆෝන් එකක් අතේ තියන් ඉන්න පුතා හෙමීට දොර වහනවා.

ඇබ්බැහි වෙනවා

අපේ ෆෝන්වල තියෙන ගේම් වගේ දේවල් සීමාවක් තියාගෙන පාවිච්චි කරන්න හරිම අමාරුයි. ඒ ගැන පොතක මෙහෙම කියනවා. “අපේ ෆෝන්වල තියෙන සමහර ඇප් හදලා තියෙන්නෙම ඒවාට අපි ඇබ්බැහි වෙන විදිහටයි.” (Reclaiming Conversation) අපි ෆෝන් එකේ එල්ලිලා ඉන්න ඉන්න ඒකෙ තියෙන වෙළඳ දැන්වීම් හදන අය දවසින් දවස පොහොසත් වෙනවා.

මේ ගැන හිතන්න: ඔයාගේ දරුවන්ට ගැජට් නැතුවම බැරිද? කාලය හරි විදිහට පාවිච්චි කරන්න එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?—එෆීස 5:15, 16.

ඉන්ටර්නෙට් එක හරහා කරන හිරිහැර

සමහර අය ඉන්ටර්නෙට් එක පාවිච්චි කරද්දී අසභ්‍ය වචන කියන්නත් අනිත් අයගේ හිත රිදෙන විදිහට වැඩ කරන්නත් පෙලඹෙනවා. ඒ අය ටිකෙන් ටික ඉන්ටර්නෙට් එක හරහා අනිත් අයට කරදර කරන, දරුණු අය වෙනවා.

සමහර අය අන්තර්ජාලය හරහා අනිත් අයට හිරිහැර කරන්නේ අනිත් අයගේ අවධානය ගන්න ඕනෙ නිසයි. තවත් අය අනිත් අයගේ හිරිහැරයට ලක් වුණේ නැතත් තමන්ගෙම හිත රිද්දගන්න අවස්ථා තියෙනවා. උදාහරණෙකට යාළුවෝ ටිකක් එයා නැතුව පාටියකට ගිහිල්ලා තියෙනවා කියලා මිතුරු සමාජ වෙබ් අඩවියකින් නැත්නම් මෙසේජ් එකකින් දැක්කාම කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන්. මොකද එයා හිතනවා යාළුවෝ එයාව කොන් කරනවා කියලා.

මේ ගැන හිතන්න: ඔයාගේ දරුවා ඉන්ටර්නෙට් එක හරහා අනිත් අයට නරක විදිහට සලකනවාද? (එෆීස 4:31) අනිත් අය එයා නැතුව දේවල් කරනවා දකිද්දී එයා ඉක්මනින් හිත රිද්දගන්නවාද?

අසභ්‍ය දර්ශන

ඉන්ටර්නෙට් එකේ අසභ්‍ය දේවල් ඕන තරම් තියෙනවා. ඒවා හරිම ලේසියෙන් බලන්නත් පුළුවන්. දරුවන්ව ඒ දේවල්වලින් ආරක්ෂා කරන්න ෆිල්ටර්ස් වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒවා 100% සාර්ථක නැහැ කියලා දෙමව්පියන් මතක තියාගන්න ඕනේ.

ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක නීතියෙන් දඬුවම් ලබන්න පුළුවන් වරදක්. සමහර රටවල දරුවන්ගේ අසභ්‍ය දර්ශන හුවමාරු කරගන්න එක බරපතළ අපරාධයක් විදිහට සලකනවා. අපේ දරුවනුත් ඒ වගේ දේවල් හුවමාරු කරගන්නවා නම් එයාලටත් නීතියෙන් දඬුවම් ලැබෙන්න පුළුවන්.

මේ ගැන හිතන්න: අසභ්‍ය දේවල් බලන්නේ හරි හුවමාරු කරගන්නේ හරි නැතුව ඉන්න ඔයාගේ දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද?—එෆීස 5:3, 4.

කරන්න පුළුවන් දේ

දරුවාව පුහුණු කරන්න

දරුවන්ට දෙමව්පියන්ට වඩා තාක්ෂණය ගැන දැනුමක් තිබුණත් ඒක හරි විදිහට පාවිච්චි කරන්න එයාලට උදව් ඕනේ. පොතක මෙහෙම කියනවා. “ෆෝන් එකක් වගකීමෙන් පාවිච්චි කරන්න උගන්වන්නේ නැතුව ඒ වගේ දෙයක් දරුවාගේ අතට දෙන එක හරියට පීනන්න බැරි දරුවෙක්ට පිහිණුම් තටාකයකට පනින්න ඉඩ දෙනවා වගේ.”—Indistractable.

බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6.

ඔයා අදාළ කරගන්න කැමති යෝජනාවලට හරි ලකුණක් දාන්න. ඔයාට තවත් යෝජනා තියෙනවා නම් ඒවා පහළින් ලියන්න.

  • ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දී අනිත් අයට ගෞරව කරන්නේ, කාරුණිකව කතා කරන්නේ කොහොමද කියලා දරුවාට කියලා දෙන්න

  • අනිත් අය තමන්ව කොන් කරනවා කියන හැඟීමෙන් ගොඩ එන්න දරුවාට උදව් කරන්න

  • ඉන්ටර්නෙට් එකේ තියෙන අසභ්‍ය දේවල්වලින් දරුවන්ව ආරක්ෂා කරන්න උපරිමය කරන්න

  • දරුවා ෆෝන් එකෙන් කරන්නේ මොනවාද කියලා නිතර හොයලා බලන්න

  • දරුවාට ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්නේ කොච්චර වෙලාවකටද කියලා තීරණය කරන්න

  • දරුවා නිදාගන්න යද්දී ෆෝන් එක කාමරේ තියාගන්න ඉඩ දෙන්න එපා

  • කෑම කන වෙලාවට ෆෝන් එක පාවිච්චි කරන්න බැහැ කියලා නීතියක් දාන්න

අම්මාටයි තාත්තාටයි කතා කරගන්න පුළුවන් දේවල්

  • දරුවාව නළවන්න නැත්නම් පැත්තකට කරලා තියන්න ෆෝන් එක හරි ටැබ් එක හරි දරුවාගේ අතට දෙනවාද?

  • දරුවාගේ ෆෝන් එකට නැත්නම් ටැබ් එකට ඉන්ටර්නෙට් පහසුකම් ඕනෙමද? ඕනෙ නම් ඒ ඇයි?

  • දරුවාට ඉන්ටර්නෙට් පහසුකම් තියෙන ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි දෙන වියදම දරන්න අපිට පුළුවන්ද?

  • අපේ දරුවාට එයාවම පාලනය කරගන්න පුළුවන්ද?

  • අපේ දරුවා වරදක් වුණාම ඒක අවංකව පිළිගන්න කෙනෙක්ද?

  • අපි දරුවාට දාන්නේ මොන වගේ නීතිද?

  • ෆෝන් එකේම එල්ලිලා ඉන්නේ නැතුව අනිත් දේවලුත් කරන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද?

    බයිබල් ප්‍රතිපත්තිය: ‘අවබෝධයෙන් ක්‍රියා කරන අය තම වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.’—හෙබ්‍රෙව් 5:14.

ලොරෙටා සහ ඩේවිඩ්.

“දරුවන්ට ෆෝන් එකක් ඕනෙමද? එයාලා ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ කොහොමද? එයාලා යන්නේ මොන වගේ වෙබ් සයිට්වලටද? ගහන්නේ මොන වගේ ගේම්ද? කොච්චර වෙලාවක් ෆෝන් එක පාවිච්චි කරනවාද? දරුවන් අවබෝධයෙන් වැඩ කරන අයද? ෆෝන් එකක් දෙන්න කලින් ඒ ගැන හිතන්න.”—ලොරෙටා සහ එයාගේ සැමියා ඩේවිඩ්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න