ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 3 10-13 පි.
  • බයිබලේ කියන දේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලේ කියන දේ
  • 2021 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලේ කියන්නේ නැත්තේ මොනවාද?
  • දෙවියන් විශ්වය නිර්මාණය කරන්න පටන්ගත්තේ කවදාද?
    බයිබලයෙන් උත්තර
  • උත්පත්ති පොතේ වාර්තාව විද්‍යාවට පටහැනිද?
    2006 පිබිදෙව්!
  • විශ්වයේ ආරම්භය ගැන නොදත් කතාව!
    2014 පිබිදෙව්!
  • විද්‍යාව සහ උත්පත්ති වාර්තාව
    සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 3 10-13 පි.

බයිබලේ කියන දේ

මේ පෘථිවිය ඇති වුණ විදිහ ගැන බයිබලේ හරිම කෙටියෙන් මෙහෙම කියනවා. “අහසත් පොළොවත් නිර්මාණය කළ දවස ගැන මෙම වාර්තාවේ සඳහන් වේ.” (උත්පත්ති 2:4) බයිබලේ කියන දේ විද්‍යාවට එකඟද? උදාහරණ කීපයක් බලන්න.

පටන්ගැන්මේදී: අහසත් පොළොවත් නිර්මාණය කළා

විශ්වයට පටන්ගැන්මක් තිබුණාද?

උත්පත්ති 1:1 මෙහෙම කියනවා. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”

1950 විතර වෙන කල්ම හුඟක් ප්‍රසිද්ධ විද්‍යාඥයන් හිතුවේ විශ්වයට පටන්ගැන්මක් තිබුණේ නැහැ කියලා. ඒත් නව සොයාගැනීම් නිසා හුඟක් විද්‍යාඥයන් දැන් පිළිගන්නවා විශ්වයට පටන්ගැන්මක් තියෙන්නම ඕනෙ කියලා.

පොළොව මුලින්ම තිබුණේ කොයි විදිහටද?

උත්පත්ති 1:2, 9 කියන්නේ පොළොව නිර්මාණය කරද්දී ඒක “හිස්ව, පාළුව,” සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා තිබුණා කියලා.

බයිබලේ කියන ඒ දේට හුඟක් විද්‍යාඥයන් එකඟ වෙනවා. ජීව විද්‍යාඥයෙක් වන පැට්‍රික් ෂී මෙහෙම කියනවා. “මුලදී අපේ පෘථිවියේ හුස්ම ගන්න ඔක්සිජන් පොදක්වත් තිබිලා නෑ. ඒ කාලේ පොළොව ගහක් කොළක් නැති මුඩු බිමක්.” තාරකා විද්‍යාව ගැන සඳහන් සඟරාවක මෙහෙම කියනවා. “පෘථිවිය මුලින්ම තිබුණේ සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා කියලත් ගොඩබිමක් පේන්න තිබිලා නෑ කියලත් මෑතකදී කරපු පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා.”—Astronomy.

කාලයත් එක්ක වායුගෝලය වෙනස් වුණේ කොහොමද?

උත්පත්ති 1:3-5 තියෙන තොරතුරුවලින් පේනවා මුලින්ම පෘථිවියට තිබුණේ ඝන වායුගෝලයක් කියලා. ඒක හරහා කිසිම ආලෝකයක් පොළොවට වැටිලා නැහැ. පස්සේ කාලෙක තමයි ඉර, හඳ වගේ ආලෝක වස්තූන් පොළොවේ ඉඳන් පැහැදිලිව දකින්න පුළුවන් වෙලා තියෙන්නේ.—උත්පත්ති 1:14-18.

පෘථිවියේ තියෙන දේවල් නිර්මාණය කරලා තියෙන්නේ පැය 24 දවස් හයකින් කියලා බයිබලේ කියන්නේ නැහැ

පරිසරය ගැන අධ්‍යයනය කරන එක ආයතනයක් කියනවා අපේ වායුගෝලය හරහා මුලින්ම පොළොවට වැටුණේ හරිම අඩු ආලෝකයක් කියලා. එයාලා මෙහෙම කියනවා. “ඒ කාලේ පොළොව තිබිලා තියෙන්නේ මීතේන් වායුවෙන් හැදුණ ඝන මීදුමකින් වැහිලා. කාලෙකට පස්සේ ඒ මීදුම ඉවත් වුණ නිසයි අහස නිල් පාටින් පේන්න පටන් අරන් තියෙන්නේ.”—Smithsonian Environmental Research Center.

පොළොවේ ජීවීන් ඇති වුණේ මොන අනුපිළිවෙලටද?

1—පළවෙනි දවස: පේන විදිහට වායුගෝලය හරහා හරිම අඩු ආලෝකයක් පොළොවට පතිත වෙලා තියෙනවා.—උත්පත්ති 1:3-5

2—දෙවෙනි දවස: වායුගෝලය ජලයෙන් සහ ඝන මීදුමෙන් වැහිලා තිබුණා. ඊටපස්සේ ඝන මීදුම සහ පොළොවේ ජලය අතර හිස් අවකාශයක් ඇති කළා.—උත්පත්ති 1:6-8

3—තුන්වෙනි දවස: පොළොවේ තිබුණ වතුර එක තැනකට රැස් වෙලා වියළි බිම මතු වුණා.—උත්පත්ති 1:9-13

4—හතරවෙනි දවස: පොළොවේ ඉඳන් ඉරයි, හඳයි අහසේ දකින්න පුළුවන් වුණා.—උත්පත්ති 1:14-19

5—පස්වෙනි දවස: තමන්ගේ වර්ගයා බෝ කරන්න පුළුවන් විදිහට ජලජ ජීවීන්ව සහ පියාසර කරන ජීවීන්ව දෙවියන් නිර්මාණය කළා.—උත්පත්ති 1:20-23

6—හයවෙනි දවස: පොළොවේ ජීවත් වෙන ලොකු කුඩා සතුන්ව නිර්මාණය කළා. අන්තිමට මුල් මිනිස් යුවළව නිර්මාණය කළා.—උත්පත්ති 1:24-31

උත්පත්ති 1:20-27 කියන්නේ මාළුන්ව, කුරුල්ලන්ව, ගොඩබිමේ ජීවත් වෙන සතුන්ව සහ අන්තිමේදී මිනිසුන්ව නිර්මාණය කළා කියලා. විද්‍යාඥයනුත් විශ්වාස කරනවා මුල්ම මාළුවා ඇති වෙලා හුඟ කාලෙකට පස්සේ ක්ෂීරපායි සතුන් ඇති වුණා, ඊට කාලෙකට පස්සේ මිනිසා ඇති වුණා කියලා.

කාලයත් එක්කම ජීවීන්ගේ යම් වෙනස්කම් වෙන්නේ නැහැ කියලා බයිබලේ කියන්නේ නැහැ

“හැම දෙයක්ම නිර්මාණය කරපු විදිහ ගැන උත්පත්ති 1වෙනි පරිච්ඡේදයේ කෙටියෙන් විස්තර කරලා තියෙනවා. ඒ තොරතුරු මෑතකදී විද්‍යාවෙන් කරපු සොයාගැනීම් එක්කත් එකඟයි. ඒක නම් හරි පුදුම දෙයක්.”—භෞතික විද්‍යාඥයෙක් වන ජෙරල්ඩ් ෂ්‍රෝඩර්.

බයිබලේ කියන්නේ නැත්තේ මොනවාද?

විද්‍යාඥයන් හොයාගෙන තියෙන දේවල්වලට බයිබලය එකඟ නැහැ කියලා සමහර අය කියනවා. ඒත් එයාලා එහෙම කියන්නේ බයිබලේ කියලා තියෙන දේවල් වැරදියට තේරුම් අරන් තියෙන නිසයි.

බයිබලේ කියන්නේ නැහැ විශ්වයවත් පෘථිවියවත් හදලා තියෙන්නේ අවුරුදු 6,000කට කලින් කියලා. ඒ වෙනුවට බයිබලේ කියන්නේ “පටන්ගැන්මේදී” විශ්වය සහ පෘථිවිය නිර්මාණය කළා කියලා. (උත්පත්ති 1:1) ඒ කොච්චර කාලෙකට කලින්ද කියලා බයිබලේ හරියටම කියන්නේ නැහැ.

බයිබලේ කියන්නේ නැහැ පෘථිවියේ තියෙන දේවල් නිර්මාණය කරලා තියෙන්නේ පැය 24 දවස් හයකින් කියලා. දීර්ඝ කාල පරිච්ඡේදයක් ගැන කියද්දීත් බයිබලේ “දවස” කියන වචනය පාවිච්චි කරනවා. උදාහරණෙකට නිර්මාණය සඳහා ගත වුණ “දවස්” හය ඇතුළුව පෘථිවියත් ඒකේ ඉන්න ජීවීන්වත් නිර්මාණය කරන්න ගත වුණ සම්පූර්ණ කාලයම බයිබලේ හඳුන්වන්නේ දවසක් විදිහට. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “යෙහෝවාa දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ දවස ගැන මෙම වාර්තාවේ සඳහන් වේ.” (උත්පත්ති 2:4) එහෙනම් දෙවියන් මේ පොළොව ජීවත් වෙන්න සුදුසු තැනක් කරලා ජීවීන්ව නිර්මාණය කරන්න ගත වුණ “දවස්” හය හුඟක් දිග කාල පරිච්ඡේද හයක් කියලා පැහැදිලියි.

බයිබලේ කියන්නේ නැහැ කාලයත් එක්කම ජීවීන්ගේ යම් වෙනස්කම් වෙන්නේ නැහැ කියලා. බයිබලේ කියන්නේ සතුන්ව නිර්මාණය කළේ “ඒ ඒ වර්ගයට අනුව” කියලා. (උත්පත්ති 1:24, 25) “වර්ගය” කියන ඒ වචනය විද්‍යාවෙන් හඳුන්වන විශේෂය කියන වචනයට සමාන නැහැ. “වර්ගය” කියන වචනයට තියෙන්නේ ඊට වඩා පුළුල් අදහසක්. මොකද එකම “වර්ගයට” අයිති සතුන් අතරත් විවිධ විශේෂයන් දකින්න තියෙනවා. බයිබලේ “වර්ගය” කියලා පාවිච්චි කරලා තියෙන වචනයෙන් පැහැදිලි වෙන්නේ කාලයත් එක්කම සත්ව විශේෂයක් තුළ යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් කියන එකයි.

ඔයා හිතන්නේ මොකක්ද?

අපි කලින් බලපු විදිහට මේ විශ්වය ඇති වුණ විදිහ, පෘථිවිය කලින් තිබුණ විදිහ සහ ඒකේ ජීවීන් ඇති වුණ විදිහ බයිබලේ නිවැරදිව, සරලව කියලා තියෙනවා. එච්චර දේවල් හරියටම කියලා තියෙනවා නම් ඒ දේවල් නිර්මාණය කළේ කවුද කියලත් බයිබලේ කියලා තියෙන්න ඕනෙ නේද? විශ්වකෝෂයක මෙහෙම කියනවා. “ජීවයේ ආරම්භය පිටිපස්සේ මිනිසුන්ට වඩා බලවත් කෙනෙක් ඉන්න ඕනෙ කියලා මෑතකදී විද්‍යාවෙන් හොයාගෙන තියෙන දේවල්වලින් පැහැදිලි වෙනවා.”—Encyclopædia Britannica.b

මේ ගැන හිතන්න:

උත්පත්ති 1:1–2:4 දක්වා කියවන්න. ඊටපස්සේ නිර්මාණය ගැන බයිබලේ කියලා තියෙන දේ මිනිසුන්ට තිබුණ මිථ්‍යා මතවලට වඩා කොච්චර වෙනස්ද කියලා හිතලා බලන්න. උදාහරණෙකට අතීතයේ හිටපු බැබිලෝනිවරු විශ්වාස කළා විශ්වයයි මිනිස්සුයි ඇති වෙලා තියෙන්නේ දේවතාවියකගේ මළ සිරුරෙන් සහ දෙවි කෙනෙක්ගේ ලේවලින් කියලා. ඒ වගේම ඊජිප්තුවරු විශ්වාස කළා රා කියන දෙවියන් එයාගේ කඳුළුවලින් මිනිසුන්ව නිර්මාණය කළා කියලා. පෘථිවියේ තියෙන මූලද්‍රව්‍ය ඇති වුණේ යෝධයෙක්ගේ මළ සිරුරකින් කියලත් මිනිස්සු ඇති වුණේ ඒ මළ සිරුරට වහපු මැක්කන්ගෙන් කියලත් චීනයේ හිටපු සමහර අය විශ්වාස කළා. නිර්මාණය ගැන බයිබලේ කියන දේත් ඒ වගේ මිථ්‍යා විශ්වාසයක් කියලා ඔයා හිතනවාද? නැත්නම් ඒක විද්‍යාවට එකඟයිද?

‘විශ්වය බිහි වුණේ කොහොමද?’ කියන විනාඩි හතරක වීඩියෝ එක බලන්න. ඒක jw.org වෙබ් අඩවියේ තියෙනවා.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

b ජීවය දෙවියන් නිර්මාණය කළා කියලා ඒ විශ්වකෝෂයේ සඳහන් වෙන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න