ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g24 අංක 1 10-12 පි.
  • පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!
  • 2024 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පවුලේ අයට ගරු කරන එක එච්චරම වැදගත්ද?
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • ගෞරවයට දිරි දෙන සෙනඟක්!
  • උපකාර ලබාගන්න පුළුවන්
    2020 පිබිදෙව්!
  • පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්
    2018 පිබිදෙව්!
  • මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 පිබිදෙව්!
g24 අංක 1 10-12 පි.
බිරිඳ කියන දේට කන් දෙන්නේ නැතුව තාත්තා කෙනෙක් ෆෝන් එක දිහා බලාගෙන කේන්තියෙන් ඉන්නවා. දරුවා ඒ දිහා බලාගෙන ඉන්නවා.

පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!

පවුලේ අයට ගරු කරන එක එච්චරම වැදගත්ද?

පවුලේ අය එකිනෙකාට ගෞරවය පෙන්නද්දී පවුල සතුටින් පිරුණ සුරක්ෂිත තැනක් වෙනවා.

  • එක පොතක කියනවා සැමියාට සහ බිරිඳට එකිනෙකා ගැන හිතේ ලොකු ගෞරවයක් තියෙනවා නම් ඒක පෙන්නන්න විශේෂ දවසක් එන කල් ඉන්නේ නැහැ. ඒ වෙනුවට “හැම දවසකම, හැම තත්පරයකම එයාලා ආදරය, ගෞරවය පෙන්නනවා.”—The Seven Principles for Making Marriage Work.

  • දරුවෙක් පොඩි කාලේ ඉඳන්ම අනිත් අයට ගෞරවය පෙන්නන්න ඉගෙනගද්දී එයා හොඳ පෞරුෂත්වයක් තියෙන, දෙමව්පියන් එක්ක කිට්ටුවෙන් ඉන්න කෙනෙක් වෙනවා. ඒ වගේ අය මානසික ගැටලුවලට මුහුණ දෙන්න තියෙන ඉඩකඩත් අඩුයි.

ඔයාට කරන්න පුළුවන් දේ

ගෞරවය පෙන්නන විදිහ ගැන පවුලේ අයත් එකක් විවෘතව කතා කරන්න. මුලින්ම “ගෞරවය” කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම්ගන්න. දෙවෙනියට පවුලේ එක් එක් කෙනාට ගෞරවය පෙන්නන්න කරන්න පුළුවන් දේවල් සහ කරන්න හොඳ නැති දේවල් ලියන්න. තුන්වෙනියට ඒ තොරතුරු ගැන පවුලක් විදිහට එකතු වෙලා කතා කරන්න.

“අනිත් අයගෙන් අදහස් අහන්නේ නැතුව වැඩ කරද්දී සැලසුම් අසාර්ථක වෙනවා. ඒත් උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී සැලසුම් සාර්ථක වෙනවා.”—හිතෝපදේශ 15:22.

ආදර්ශයක් වෙන්න. ඔයා පවුලේ අයගේ අඩුපාඩු ලොකු කරගන්නවාද? එයාලා අදහසක් කියද්දී ඒක විහිළුවට ගන්නවාද? නැත්නම් එයාලා කතා කරද්දී මැද්දට පනිනවාද?

යෝජනාවක්: ගෞරවය, පවුලේ අය දිනාගන්න ඕනෙ දෙයක් විදිහට නෙමෙයි එයාලට උරුම දෙයක් විදිහට දකින්න.

“කැමැත්තෙන්ම එක් එක් කෙනාට ගෞරවය පෙන්නන්න.”—රෝම 12:10.

එකඟ වෙන්න බැරි තැන්වලදීත් ගෞරවය පෙන්නන්න. උදාහරණෙකට “ඔයා හැම වෙලේම පරක්කුයි, ඔයා කවදාවත් මට උදව් කරන්නේ නැහැ” වගේ දේවල් කියන්න එපා. ඒ වෙලාවට පරණ කෝන්තර ඇදලා ගන්න එකෙන් වෙන්නේ හිත් පෑරෙන එක. මගෙන් වැඩක් නැහැ කියලා හිතෙන එක. ඒකෙන් කේන්තිය ඇවිස්සිලා කෙන්ද කන්ද වෙනවා.

“කාරුණික උත්තරයකින් කේන්තිය නිවිලා යයි. ඒත් සැරපරුෂ වචනයකින් කේන්තිය ඇවිස්සෙයි.”—හිතෝපදේශ 15:1.

තරුණියක් jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ එකක් බලනවා.

ගෞරවයට දිරි දෙන සෙනඟක්!

පවුලේ අයට ගෞරවය පෙන්නන්නේ කොහොමද කියලා සාක්ෂිකරුවන් අනිත් අයට උගන්නනවා. ඒක කරන විදි ගැන එයාලාගේ ලිපි, පොත් පත්, වීඩියෝවල හුඟක් තොරතුරු තියෙනවා. කැමති අයට කිසිම මුදලක් ගෙවන්නේ නැතුව ඒවා ලබාගන්න පුළුවන්.

විවාහක යුවළයන්ට: පවුලේ හැමෝටම මඟ පෙන්වීම් කියන ලිපි මාලාව සැමියාට සහ බිරිඳට මේ දේවල් කරන්න උදව් වෙයි.

  • ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න

  • ගොළුවත අත්හැරලා කතා කරන්න

  • වාද කරන එකෙන් වළකින්න

(jw.org වෙබ් අඩවියට ගිහින් “පවුලේ හැමෝටම මඟ පෙන්වීම්” කියලා සර්ච් කරන්න)

දෙමාපියන්ට: පවුලේ හැමෝටම මඟ පෙන්වීම් කියන ලිපි මාලාව මේ පැතිවලින් දරුවන්ව පුහුණු කරන්න උදව් වෙයි.

  • කීකරු වෙන්න

  • ගෙදරදොරේ වැඩවලට උදව් කරන්න

  • “තැන්ක් යූ” කියන්න හුරු කරන්න

(jw.org එකට ගිහින් “දරුවන් ඇතිදැඩි කිරීම” සහ “යෞවන දරුවන්ව පුහුණු කරන්න” කියලා සර්ච් කරන්න)

‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වන පොතේ උපග්‍රන්ථයේ තියෙන “දෙමාපියන්ට පැනනඟින ගැටලු” කියන කොටස බලන්න. (jw.org එකට ගිහින් “දෙමාපියන්ට පැනනඟින ගැටලු” කියලා සර්ච් කරන්න)

යෞවනයන්ට: jw.org වෙබ් අඩවියේ යෞවනයන් සහ තරුණයන් කියන කොටසේ තියෙන ලිපි, වීඩියෝ සහ වැඩ පිටු මේ දේවල් කරන්න යෞවනයන්ට උදව් වෙයි.

  • පවුලේ අය එක්ක පෑහිලා වැඩ කරන්න

  • නීති ගැන ගෞරවයෙන් කතා කරන්න

  • දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න

(jw.org එකට ගිහින් “යෞවනයන් සහ තරුණයන්” කියලා සර්ච් කරන්න)

jw.org වෙබ් අඩවිය පාවිච්චි කරන්න කිසිම මුදලක් ගෙවන්න ඕනෙ නැහැ. ඒ වගේම සාමාජිකත්වය ලබාගන්න එකවත්, පෞද්ගලික තොරතුරු ලබා දෙන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ.

ජෝසෆ් එරෙන්බෝගන්.

තව දැනගන්න

ජෝසෆ් එරෙන්බෝගන් විවාහ වෙද්දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ හරිම දරුණු කෙනෙක්. හැබැයි සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරද්දී එයාගේ පවුල් ජීවිතේ ලස්සන වුණා. ඒ ගැන දැනගන්න jw.org වෙබ් අඩවියේ තියෙන “කාන්තාවන්ටයි මගේම ජීවිතේටයි ගරු කරන්න මං ඉගෙනගත්තා” කියන ලිපිය කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න