ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fl 3 පරි. 26-39 පි.
  • විවාහ මංගල්‍යය දවසෙන් පසු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවාහ මංගල්‍යය දවසෙන් පසු
  • ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබ සුනම්‍ය ද?
  • ලිංගික කාරණා පිළිබඳ සමබර දෘෂ්ටියක්
  • එකඟ නොවුවත් එකඟ නොවන සුලු නොවන්න
  • අදහස් හුවමාරු කරන්න!
  • “නුඹේ ආහාර ජලය මතුපිට දමාපන්න”
  • විවාහය රැකගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ඔබගේ විවාහයට කදිම අත්තිවාරමක් දැමීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • ඔබ අසරණ වී නැත!
    2001 පිබිදෙව්!
තව තොරතුරු
ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
fl 3 පරි. 26-39 පි.

පරිච්ඡේද 3

විවාහ මංගල්‍යය දවසෙන් පසු

1. දේශනාකාරයා 4:9, 10 හි විස්තර කර තිබෙන ආකාරයේ සහයෝගය යමෙකුගේ විවාහයට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේ ද?

ඔබගේ විවාහ මංගල්‍යය අවසාන වී, නව පවුල් ඒකකයක් වශයෙන් ඔබත් ඔබේ කලත්‍රයාත් පවුල් ජීවිතයට හුරුපුරුදු වෙමින් සිටියි. ඔබගේ සන්තෝෂය සම්පූර්ණ ද? ඔබ තවදුරටත් තනි ව නොසිටියි; එහෙත් විශ්වාසය තැබීමට ද, ඔබගේ සතුට සහ ගැටලු හවුලේ බෙදා ගැනීමට ද සහකාරයෙක් හෝ සහකාරියක් සිටියි. ඔබ හා සම්බන්ධ ව බැලීමේ දී, දේශනාකාරයා 4:9, 10 සත්‍යයක් බව ඔබට පෙනී යන්නෙහි ද?—“එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය. ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.” මේ ආකාරයේ සහයෝගයකින් ඔබගේ විවාහය සඵල වෙනවා ද? ජීවිත දෙකක මෙවැනි සන්තෝෂවත් සම්මිශ්‍රණය වීමක් සිදු වීම සඳහා සාමාන්‍යයෙන් කාලයත් උත්සාහයත් වුවමනා කරයි. එහෙත්, බොහෝ විවාහයන් තුළ, එය කවදාවත් සිදු නොවීම දුකට කරුණකි.

2, 3. (අ) විවාහ මංගල්‍යයෙන් පසු, මුහුණ පෑ යුත්තේ ජීවිතයේ කුමන යථාර්ථයන්ට ද? (ආ) පුද්ගලයෙක් විවාහ වූ පසු, සකස්වීම් සිදු කළ යුතු බවට අපේක්ෂා කිරීම සාධාරණ දෙයක් වන්නේ මක්නිසා ද?

2 ආදර කතාවල දී, බොහෝ විට ගැටලුව වන්නේ ප්‍රේමයෙන් සිටින දෙදෙනා එක් කිරීම ය. එහෙත්, ඊට පසු ඔවුහු සදහට ම සන්තෝෂයෙන් ජීවත් වෙති. සැබෑ ජීවිතයේ දී, නියම අභියෝගය වන්නේ ඉන් පසු දවසක් දවසක් පාසා සන්තෝෂයෙන් ජීවත් වීම ය. විවාහ මංගල දිනයේ සතුටෙන් පසු, ජීවිතයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ පැමිණේ: කලින් නැගිටීම, රැකියාවට යෑම, සාප්පු යාම, ආහාර පිසීම, පිඟන් සේදීම, නිවස පිරිසිදු කිරීම සහ එවැනි තවත් දේවල් ය.

3 විවාහ සම්බන්ධය තුළ කාරණා සකස් කර ගැනීම අවශ්‍ය කරයි. ඉතා ප්‍රායෝගික නොවන්නා වූ ද, යථාර්ථානුරූපි නොවන්නා වූ ද, යම් අපේක්ෂාවන් සහ කල්පිතයන් ඇතුව ඔබ දෙදෙනා ම ඊට ඇතුළත් විය. මේවා ඉටු නොවූ විට, පළමු සති කිහිපයෙන් පසු, කලකිරීම් පැමිණිය හැක. එහෙත්, ඔබගේ ජීවිතයෙහි ඔබ විශාල වෙනසක් කර තිබෙන බව මතක තබා ගන්න. ඔබගේ මුළු ජීවිත කාලය තුළ ජීවත් වූ පවුලක් සමඟ හෝ තනි ව ම හෝ ඔබ තවදුරටත් ජීවත් වෙමින් නොසිටියි. ඔබ දැන් සිටින්නේ අලුත් කෙනෙකු සමඟ ය. ඔබ ඔහු ව හෝ ඇය ව දැන ගෙන සිටින්නේ යයි සිතූ තරමට ම ඔබ දැන නොසිටින බව ඔබට දැන් පෙනී යන්නට පුළුවන. ඔබගේ වැඩසටහන අලුත් ය. ඔබගේ රැකියාව අලුත් වන්නට පුළුවන. ඔබගේ අය-වැය වෙනස් ය. තව ද, දැන හඳුනා ගැනීමට අලුත් මිත්‍රයෝ සහ දෙපාර්ශ්වයේ ඥාතීහු සිටිත්. ඔබගේ විවාහයේ සාර්ථකකම සහ සන්තෝෂය රඳා පවතින්නේ කාරණා සකස් කර ගැනීමට ඔබ දක්වන කැමැත්ත අනුව ය.

ඔබ සුනම්‍ය ද?

4. සකස්වීම් සිදු කිරීමට විවාහ වූ කෙනෙකුට උපකාර විය හැක්කේ කුමන ශුද්ධ ලියවිලි ප්‍රතිපත්ති ද? (1 කොරින්ති 10:24; පිලිප්පි 4:5)

4 සමහරුන්ට, අහංකාරකම නිසා, සුනම්‍ය වීම දුෂ්කර බව හැඟෙයි. එහෙත්, බයිබලය පවසන්නාක් මෙන්: “විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.” දරදඬුකමේ එල්බ ගෙන සිටීම විපත්ති දායක විය හැක. (හිතෝපදේශ 16:18, නව අනුවාදය) “ඔබේ ඇතුල් වස්ත්‍රය ගන්ට කැමති කෙනෙක් සිටිත් නම්, ඔහුට ඔබ පිටත පළඳින වස්ත්‍රය ගන්ට අවසර දෙන්න” කියා ද, “යමෙක් එක සැතැප්මක් යන්ට ඔබට බල කරයි නම්, ඔහු සමඟ සැතැප්ම දෙකක් යන්න” කියා ද යේසුස් වහන්සේ පැවසූ විට, යමෙක් නැමීමට සහ යටත් වීමට කැමැත්තක් දැක්විය යුතු බවට උන් වහන්සේ නිර්දේශ කළ සේක. ඔබට කිට්ටු වූ කෙනෙකු සමඟ වාද කරනවා වෙනුවට, ප්‍රේරිත පාවුල් මෙසේ අසයි: “ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද?” (මතෙව් 5:40, 41, NW; 1 කොරින්ති 6:7) අන්‍යයන් සමඟ සමාදානය තබා ගැනීමට එවැනි අන්තයන් දක්වා යාමට ක්‍රිස්තියානින්ට හැකි නම්, තම අලුත් සම්බන්ධකම සාර්ථක කර ගන්නා පිණිස ප්‍රේමයෙන් සිටින විවාහ වූ පුද්ගලයන් දෙදෙනෙකුට සැබැවින් ම සකස් වීමට හැකි විය යුතු ය.

5. යමෙකුට විවාහ කලත්‍රයා ගැන ඒකාන්ත ලෙස හෝ නිෂේධාත්මක ව කල්පනා කළ හැක්කේ කෙසේ ද?

5 සතුටු වීමට හෝ අසතුටු වීමට යමෙකුට සෑම තැන ම ප්‍රස්තාවන් තිබේ. ඔබ සෝදිසියෙන් සිටින්නේ කුමකට ද? ඒකාන්ත දෙය කෙරෙහි ඔබ අවධානය යොමු කරන්නෙහි ද? නැතහොත් නිෂේධාත්මක දෙය මත රැඳී සිටින්නෙහි ද? නව භාර්යාව මෙසේ සිතන්නට පුළුවන: ‘අපි දැන් විවාහ වී සිටින බැවින්, සිත්ගන්නා සුලු ස්ථානවලට මාව රැගෙන යමින් මා සමඟ කාලය ගත කළා වූ ඒ ප්‍රේමවන්තයා කොහේ ද? ඔහු දැන් ඒකාකාර ජීවිතයකට වහල් වෙලා. ඔහු මා සැහැල්ලුවට ගණන් ගනිමින් සිටියි. සැබෑවට ම මා කලින් දැනසිටී තැනැත්තා ඔහු නොවේ!’ නැතහොත්, තමාගේ පවුලට හොඳ සපයන්නෙක් වීමට ඔහු දැන් ඉතා මහන්සි වී වැඩ කරන බව ඈ වටහා ගෙන, එය අගය කරනවා ද? එමෙන් ම, ආහාර පිසීමට සහ පිරිසිදු කිරීමට තමාගේ භාර්යාව මහන්සි වී වැඩ කරන බව ද, සමහර විට ඉතා වෙහෙසට පත් වී සිටින බැවින්, රූමත් ලෙස පෙනීමට වෑයම් කිරීමට වැඩි කාලයක් නොතිබෙන බව ද, මෙම නව ස්වාමිපුරුෂයා සැලකිල්ලට ගන්නවා ද? නැතහොත්, ඔහු මෙසේ තමාට ම කියාගන්නවා ද: ‘මා විවාහ වූ ඒ ප්‍රියකරු තරුණ ස්ත්‍රියට සිදු වී ඇත්තේ කුමක් ද? ඈට දැන් පුරුෂයෙකු සිටින බැවින්, ඈ වෙනස් වෙලා වගේ’?

6. තම විවාහය සාර්ථක කිරීමට ස්වාමිපුරුෂයා සහ භාර්යාව සැබෑ ලෙස ම වීර්යය කරන විට, එකිනෙකා සමඟ තිබෙන සම්බන්ධතාවයට මෙය බලපාන්නේ කෙසේ ද?

6 විවාහයට පෙර, කළා වූ සියල්ල ම කිරීමට දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් කාලය හෝ ශ්‍රමය හෝ නැති බව දෙදෙනා ම මේරූකම ඇතුව වටහා ගත යුතුයි. ගැඹුරු තෘප්තියක් ගෙන දෙන්නා වූ විවාහ ජීවිතය සාර්ථක කිරීමේ වගකීම පිළිගැනීමට හා සුනම්‍යතාවය පෙන් වීමට කාලය දැන් ය. එක තැනැත්තෙකුට විවාහයක් විනාශ කළ හැක. එහෙත්, එය සාර්ථක කර ගැනීමට දෙදෙනෙකු අවශ්‍ය කරයි. විවාහය සාර්ථක කිරීමට සැලැස් වීම වනාහි ජයග්‍රහණයකි. ජයග්‍රහණයකින් අඟවන්නේ කරදර තිබුණත් යම් කිසිවක් ඉටු කිරීමකි. මෙම වෑයමේ දී ඔබ දෙදෙනා ම එකතු වූ විට, ජයග්‍රහණයට ඔබ දෙදෙනාගෙන් ම කොටසක් සම්මිශ්‍රණය වේ. අන්‍යෝන්‍ය නිෂ්ටාවක් ඇතුව, මෙම හවුල් උත්සාහය ඔබ දෙදෙනා ව ම එකට බැඳ තබයි; ඔබ දෙදෙනා ව එය සමීප ව බැඳ තබයි; එය ඔබ දෙදෙනා ව එක්කෙනෙකු කරවයි. විවාහ අපේක්ෂිත කාලයේ හැඟී ගිය කිසි ම දෙයකට වඩා ඉක්මවා යන ප්‍රේමයේ බැම්මක් කල්යත් ම ඇති වන අතර, මෙවැනි එකමුතු කර වන සන්තෝෂයක් මධ්‍යයෙහි එකිනෙකාගේ වෙනස්කම්වලට අනුකූල ව සකස් වීම ප්‍රියමනාප දෙයක් වනු ඇත.

7. තීරණ ගත යුතු ව තිබේ නම්, නම්‍ය බව දැක්වීම හොඳ වන්නේ කුමන විටක ද?

7 ප්‍රේමය වර්ධනය වන විට, උඩඟුකම පහ වී යයි. එමෙන් ම විශේෂයෙන් ප්‍රතිපත්ති නොව, නමුත් පුද්ගලික කැමැත්ත සම්බන්ධ වී තිබෙන විට, දීමෙන් පමණක් නොව, යටත් වීමෙන් ද නම්‍ය බව දැක් වීමෙන් සන්තෝෂය හට ගනී. නිවසට යම් භාණ්ඩයක් මිල දී ගැනීම හෝ නිවාඩුවක් ගත කරන්නේ කෙසේ ද යන්න විය හැක. අනිත් තැනැත්තාගේ සන්තෝෂය සඳහා සැලකිල්ලක් දක්වන විට, ප්‍රේරිත පාවුල්ගේ වචනවලට ගැළපීමට යුවළ පටන් ගනියි: “නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණ නොව අනුන්ගේ කාරණත් බලාපල්ලා [අනුන්ගේ කාරණා කෙරෙහි පුද්ගලික සැලකිල්ල දක්වන්න NW].”—පිලිප්පි 2:4.

ලිංගික කාරණා පිළිබඳ සමබර දෘෂ්ටියක්

8, 9. විවාහ සම්බන්ධකම් ගැන ශුද්ධ ලියවිලි දෘෂ්ටිය කුමක් ද?

8 ලිංගික සංවාසය ගැන බයිබලය නුවුවමනා ලජ්ජාවක් දක්වන්නේ නැත. ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට මෙය ගෙනා යුතු මහත් ප්‍රමෝදය කාව්‍යමය භාෂාව මගින් එය දක්වයි. ලිංගික සංවාසය ස්වාමිපුරුෂයා සහ භාර්යාවට පමණක් සීමා කළ යුතු බවත් එය අවධාරණය කරයි. හිතෝපදේශ 5:15-21 හි මෙම කොටස සොයාගත හැක:

“නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බීපන්න. නුඹේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යුතුද? ඒවා නුඹ සමග අන්‍යයන්ට නොව නුඹට පමණක්ම වේවා. නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙයන්න. ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සැමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත් වෙයන්න. එසේය, මාගේ පුත්‍රය, නුඹ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නේහිද? මක්නිසාද මනුෂ්‍යයාගේ මඟ ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.”

9 කෙසේ වෙතත්, විවාහ ජීවිතයක සාර්ථක බව යුවළගේ ලිංගික ජීවිතය මත රඳා පවතින බවත්, එය ම සම්බන්ධතාවයේ වෙනත් ක්ෂේත්‍රයන්හි බරපතළ අඩුපාඩුකම් පිරිමසා ගනී යයි සිතීම, එනම් වුවමනාවට වඩා ලිංගික සංවාසය අවධාරණයට ලක් කිරීම දෝෂයකි. පොත්පත්වලින්, චිත්‍ර පටිවලින් හා ප්‍රචාරක දැන්වීම්වලින් ව්‍යාප්ත කරවන ලිංගික තොරතුරු ප්‍රවාහය—ඉන් බොහොමයක් සලස්වා ඇත්තේ කාමාශාව ඇවිස්සීමටයි—ලිංගික අවශ්‍යතා සන්සිඳ වීම එතරම් අත්‍යවශ්‍ය බව පිළිබිඹු වෙයි. කෙසේ වුවද, දෙවියන් වහන්සේගේ වචනය මෙයට එකඟ නොවී, ජීවිතයේ සියලු ම ක්ෂේත්‍රයන්හි ආත්ම-දමනය ඇතුව සිටීමට නිර්දේශ කරයි. විවාහය තුළ දී පවා මුළුමනින් ම සංයමය ඉවත් කිරීම හේතු කොට ගෙන විවාහ සම්බන්ධතාවය බාල කර වන ක්‍රියාවන්ට තුඩු දිය හැක.—ගලාති 5:22, 23; හෙබ්‍රෙව් 13:4.

10. ලිංගික ලෙස හැඩගැසීම සඳහා විවාහ යුවළකට උපකාර විය හැකි සමහර දේවල් මොනවා ද?

10 ලිංගික ලෙස සකස් වීම බොහෝ විට අපහසු වන අතර, විවාහයෙන් පසු එසේ වීමට යම් කාලයක් ගත විය හැක. සාමාන්‍යයෙන් මෙය සිදු වන්නේ දැනුමේ ඌනතාවයක් සහ යමෙකුගේ සහකාරයාගේ හෝ සහකාරියගේ අවශ්‍යතාවයන් වටහා ගැනීමට අසමර්ථ වීම හේතුවෙනි. විවාහ වූ ගරු කළ හැකි මිත්‍රයෙකුට කල්තබා කතා කිරීම උපකාරවත් විය හැක. පුරුෂයා සහ ස්ත්‍රිය වෙනස් ලෙස සාදා තිබෙනවා පමණක් නොව, ඔවුන්ට හැඟෙන්නෙත් වෙනස් ලෙස ය. මුදු මොළොක් භාවය පිළිබඳ ස්ත්‍රියගේ අවශ්‍යතාවයට සැලකිල්ල දැක්වීම වැදගත් ය. එහෙත්, ලිංගික සංවාසය කෙසේ නමුත්, ලජ්ජාසහගත ය යන හැඟීමක් හෝ බොරු විනීතකමේ හෝ නුවුවමනා ලජ්ජාවේ නිෂේධාත්මක හැඟීමක් හෝ නොතිබිය යුතුයි. සමහර පුරුෂයන් සමඟ සිදුවන්නාක් මෙන්, එය ජය ගැනීමේ අවස්ථාවක් නොවිය යුතුයි. “පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා” කියා බයිබලය පවසයි, එමෙන් ම “එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා.” තව ද එසේ කිරීමේදී, මෙම බයිබල් ප්‍රතිපත්තිය සුදුසු ය: “කිසිවෙක් තමාගේම කාරණ නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා.” දෙපක්ෂයෙන් ම එවැනි ප්‍රේමයක් සහ සතුටු කිරීමට ආශාවක් තිබේ නම් හොඳ සකස් වීමක් සිදුවනු ඇත.—1 කොරින්ති 7:3; 10:24.

එකඟ නොවුවත් එකඟ නොවන සුලු නොවන්න

11-13. එකඟ නොවීම් තිබෙන විට, වෙනස්කම් බරපතළ භේද බවට වර්ධනය නොවන පිණිස, අප මතක තබා ගත යුත්තේ කුමක් ද?

11 පොළොවෙහි සිටින කිසි ම පුද්ගලයන් දෙදෙනෙක් හරියට ම එක සමාන නොවේ. සෑම කෙනෙක් ම පැහැදිලි ව ම එකිනෙකාට වෙනස් ය. සෑම දෙයක් ගැන ම පුද්ගලයන් දෙදෙනෙක් එකඟ නොවන බවත් මින් අදහස් කරයි. එකඟ නොවන දේවලින් වැඩි හරියක් ම ඉතා සුළු ඒවා විය හැකි නමුත්, ඒවායෙන් සමහරක් බරපතළ විය හැක. එකඟ නොවීම් නිසා ඉක්මනින් ම, කෑගැසීම්, තල්ලු කිරීම්, පහරදීම්, සහ දේවල් විසි කිරීම් වැනි දේවලට තුඩු දෙන්නා වූ නිවාස තිබේ; එක් සහකාරයෙක් හෝ අනික් තැනැත්තා දින හෝ සති ගණනකට නිවසෙන් බැහැර යන්නට පුළුවන. නැතහොත් ඔවුන් එකිනෙකා සමඟ කතා කිරීමෙන් වැළකී සිටීම සැබවින් ම කළ හැකි දෙයකි. එකඟ නොවුවත්, එවැනි තත්ත්වයක් වර්ධනය වීමට ඉඩ නොදී සිටින්නට පුළුවන. කෙසේ ද? එක්තරා මූලික සත්‍යයකට මුහුණ දීමෙන් ය.

12 අප සියලු දෙනා ම අසම්පූර්ණ ය, සියල්ලන්ට ම අඩුපාඩුකම් තිබේ, තව ද, උසස් ම අභිප්‍රායන් තිබුණත්, දුර්වලකම් ඉස්මතු වේ. තමා සම්බන්ධයෙන් ද මෙය සැබෑවක් බව ප්‍රේරිත පාවුල්ට පෙනී ගියේ ය: “මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.” (රෝම 7:19) අපගේ පළමු දෙමව්පියන්ගෙන් අපට පාපය උරුම වී තිබේ. පරිපූර්ණත්වය අපගේ බලය ඉක්මවා පවතී. එබැවින් “මම මාගේ සිත [හෘදය NW] පවිත්‍ර කොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමියි කියන්ට පුළුවන් කාටද?”—හිතෝපදේශ 20:9; ගීතාවලිය 51:5; රෝම 5:12.

13 අපි අපගේ ම දුර්වලකම් පිළිගෙන, ඒවාට නිදහසට කාරණා ඉදිරිපත් කරන්නෙමු. අපගේ විවාහ සහකාරයා හෝ සහකාරියගේ දුර්වලකම් පිළිගෙන, ඒවාට නිදහසට කරුණු දීමට අපට නොහැකි ද? අපි පව්කාරයන් බව කිසි ම සැකයක් නැතුව පහසුවෙන් ම පිළිගන්නා නමුත්, යම්කිසි පාපයක් පිළිගැනීමේ දී, ආත්ම ආරක්ෂිත පියවරවල් ගනිමින් අකමැත්තක් දක්වන්නෙමු ද? වරදෙහි සිටින බව පිළිගැනීමට තිබෙන මෙම අකමැත්ත, අපගේ විවාහ සහකාරයා හෝ සහකාරිය ඇතුළත් ව, මනුෂ්‍යයන් තුළ තිබෙන්නක් බව වටහා ගෙන, ඊට ඉඩ හැරීමට අපට තීක්ෂ්ණ බුද්ධියක් තිබෙනවා ද? “සිහිකල්පනාව [තීක්ෂ්ණ බුද්ධිය NW] ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය,” කියා දේවානුභාවයෙන් යුත් හිතෝපදේශය පවසයි. කිසි ම සැකයක් නැතුව, ඔබත්, අනිත් සැම කෙනෙකු මෙන්, “රන් අණ” ප්‍රතිපත්තියට එකඟ වෙනවා ඇත. සිය සුප්‍රකට කන්ද උඩ දේශනාවේ දී යේසුස් වහන්සේ එය සඳහන් කළ සේක: “එබැවින්, මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද, නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා.” වැඩි දෙනෙක් එය මුඛයෙන් ප්‍රකාශ කරති; එය පිළිපදින්නේ ස්වල්ප දෙනෙකි. එය අවංක ව අදාළ කිරීමෙන්, විවාහ ගැටලු ඇතුළු මනුෂ්‍ය සම්බන්ධකම්වල ගැටලු විසඳෙනු ඇත.—හිතෝපදේශ 19:11; මතෙව් 7:12.

14, 15. (අ) යමෙකුගේ විවාහ කලත්‍රයා තවත් කෙනෙකු සමඟ අසතුටු දායක ලෙස සන්සන්දනය කළ විට, ප්‍රතිඵලය කුමක් විය හැකි ද? (ආ) සමහර විට එවැනි සැසඳීම් අඥාන ලෙස කරනු ලබන්නේ කුමන කාරණා සම්බන්ධයෙන් ද?

14 පුද්ගලයෙකු වශයෙන් කල්පනා කොට, සලකනු ලබනවාට අපි සෑම කෙනෙකු ම කැමති වන්නෙමු. යමෙක් අප ව අසතුටු දායක ලෙස වෙනත් කෙනෙකු සමඟ සන්සන්දනය කරන කල්හි, සමහර විට අපගේ ගුණාංග හෝ හැකියාවන් පහත් ලෙස සලකන්නේ නම්, අප දක්වන ප්‍රතිචාරය කුමක් ද? සාමාන්‍යයෙන් අපට වේදනාවක් හෝ අමනාපයක් දැනෙනු ඇත. ඇත්ත වශයෙන් ම, අප මෙසේ පවසනවාක් මෙන් ය, ‘එහෙත් මම ඒ තැනැත්තා නොවෙමි. මා මම ය.’ අවබෝධයකින් යුක්ත ව අප කෙරෙහි සැලකිල්ල දැක්වීම අපට ඕනෑ කරන නිසා එවැනි සැසඳීම් සාමාන්‍යයෙන් පොලඹවන සුලු ඒවා නොවේ

15 මෙම කාරණය නිදර්ශනය කිරීමට: ස්වාමිපුරුෂයා වන ඔබ, ඔබගේ භාර්යාව සූදානම් කරන ආහාර සඳහා අගය ප්‍රකාශ කරන්නෙහි ද නැතහොත් ඔබගේ මව මෙන් ඈට ආහාර පිසීමට නොහැකි බවට ඔබ පැමිණිලි කරන්නෙහි ද? ඔබගේ මව විවාහ වූ අලුත ඇයට කොපමණ හොඳින් ආහාර පිසීමට හැකි වූයේ දැයි ඔබ දන්නේ කෙසේ ද? ඔබගේ භාර්යාව, ඇය අලුත කළාට වඩා හොඳින් කරනවා විය හැක. ඇගේ අලුත් යුතුකම් තුළ වර්ධනය වීමට ද ඒවායෙහි ප්‍රවීණතාවයක් දැක්වීමට ද ඔබගේ භාර්යාවට අවස්ථාව දෙන්න. එමෙන් ම, භාර්යාව වන ඔබ ඔබගේ පියා නිවසට රැගෙන එන වේතනය, ඔබගේ අලුත් ස්වාමිපුරුෂයා රැගෙන එන්නේ නැති බවට පැමිණිලි කරන්නෙහි ද? ඔබගේ පියා විවාහ වූ අලුත දී ඔහු ඉපයූ වේතනය කුමක් ද? එය පවා සැලකිය යුත්තක් නොවේ. සැලකිය යුතු වන්නේ, ඔබ ඔබගේ ස්වාමිපුරුෂයාට දෙන උපකාරයයි. ඔහුගේ උත්සාහයන්ට සහයෝගය දෙමින් ඒවා අගය කරන බව ඔහුට හැඟෙන පිණිස ඔහු රැකියාවට යාමට පෙර ඔබ නැගිට ඔහු සඳහා උදෑසන ආහාරය පිළියෙළ කරන්නෙහි ද? විවාහයේ ඥාතීන් පිළිබඳ ව ඔබ දෙදෙනාගෙන් එක් කෙනෙක් අනික් තැනැත්තා සමඟ නිතර අඬ දබර කරන්නෙහි ද? නැතහොත්, වර්ධනය කළ යුතු මිත්‍රත්වයන් පිළිබඳ ව හෝ යෙදිය යුතු විනෝදාංශ පිළිබඳ ව හෝ එකඟ නොවෙන්නෙහි ද? මේවා සහ වෙනත් එකඟ නොවීම් ඇති විය හැක. ඒවා ඔබ විසඳනු ඇත්තේ කෙසේ ද?

16. දුෂ්කරතාවයන් විසඳීමේ දී සැහැසි දබර කිරීම උපකාර වන්නේ යයි යන මතයෙහි ඇති වරද කුමක් ද?

16 කරදර විසඳීමේ දී දබර කිරීම් ප්‍රයෝජනදායක වන බවට සමහර නවීන මනෝ විද්‍යාඥයෝ තරයේ කියා සිටිති. ඔවුන්ගේ මතය වනාහි කලකිරීම් වර්ධනය වීමෙන්, පීඩනය හට ගෙන, අන්තිමේ දී සැහැසි දබරයකින් පිපිරෙන බවයි. කෝපය හුවමාරු කර ගැනීමේ එවැනි උණුසුම් අවස්ථාවල දී, කාලයක් තිස්සේ රඳවා ගෙන තිබූ අමනාපයන් දොඩවා, ඉස්මතු කර, අත්හැර දමනු ලබයි, යනුවෙන් මතය පවසයි. මෙය සිදු වන තෙක්, කෝපය යටපත් වී, කැකෑරෙමින් පවතී, එවිට පසු වතාවක දී, එය උතුරා පහව යන්නේ ය. නමුත් මෙවැනි කුපිත පිපිරවීම් ඇති වන අවස්ථාවල දී, ඔබ අදහස් නොකරන දේවල් පැවසීමට හේතු කර විය හැකි අතිමහත් අන්තරාවක් තිබේ. එමෙන් ම සුව කිරීමට බැරි තරම් තුවාල ඇති විය හැක. ඔබ අනික් තැනැත්තාට කොපමණ දැඩි ලෙස වරදක් කළා ද කියතොත්, ඉන් පසු ඔබට බිඳිය නොහැකි බාධාවක් ද පවා ඉස්මතු වනු ඇත. හිතෝපදේශ 18:19 හි [NW] අවවාද කරන්නාක් මෙන් ය: “සහෝදරයෙකුට විරුද්ධ ව අයුතුකමක් කෙරේ නම්, ඔහු බලවත් නුවරකට වඩා දැඩි ය; වාස බලකොටුවක අගුල් වැනි විරෝධතා පවතින්නේ ය.” බයිබලයෙහි දී තිබෙන ඥානවන්ත උපදේශය වනාහි: “තරඟය ඇවිස්සෙන්නට පළමුවෙන් එය අත්හැරපන්න.”—හිතෝපදේශ 17:14.

අදහස් හුවමාරු කරන්න!

17. කෙනෙකු තුළ එකඟ නොවීම් වර්ධනය වීම සහ වහා කිපෙන සුලු තත්ත්වයකට තුඩු දීම වැළැක් වීමට කළ හැක්කේ කුමක් ද?

17 වහා කිපෙන සුලු තත්ත්වයකට තුඩු දෙන තරමට එකඟ නොවීම් ඔබ තුළ වර්ධනය වීමට ඉඩ දෙනවාට වඩා ඒවා ඇති වන විට දී ම සාකච්ඡා කිරීම වඩාත් හොඳ ය. වරදක් ගැන නිතර ම අමනාපයෙන් කල්පනා කරමින් සිටීම, බොහෝ විට එය නියම ලෙස පවතිනවාට වඩා නරක ලෙස පෙනෙන්ට සලස්වයි. එය දැන් ම සාකච්ඡා කරන්න නැතහොත් එය අමතක කරන්න. එය අනියම් ලෙස ප්‍රකාශ කළ දෙයක් පමණ ද? එය පහව යන්ට ඉඩ හරින්න. එය සාකච්ඡාවට ලක් කිරීම අවශ්‍ය ද? ඔබට ශෝකය ගෙන දෙන යම් කිසිවක් ඔබගේ කලත්‍රයා කර තිබේ ද? එකවර ම රළු ලෙස දෝෂාරෝපණය නොකරන්න; ප්‍රශ්න අසන ආකාරයකින් කාරණය මතු කිරීමට තැත් කරන්න, නැතහොත් සාකච්ඡා කිරීම සඳහා මාර්ගය විවෘත කරන යෝජනාවක් කරන්න. උදාහරණයක් වශයෙන්, ඔබට මෙසේ පැවසිය හැක: ‘සොඳුර, මට නොතේරෙන යම්කිසිවක් තිබේ. මට උපකාර කරන්ට ඔබට හැකි ද?’ ඊළඟට සවන් දෙන්න. අනික් තැනැත්තාගේ දෘෂ්ටි කෝණය තේරුම් ගැනීමට වෑයම් කරන්න. හිතෝපදේශ 18:13 හි අනතුරු ඇඟවීම කල්පනාවට ගන්න: “අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.” යමෙකු අප ගැන වැරදි නිගමනවලට බසිනවාට අප කිසිවෙක් කැමති නැත. එබැවින් ඉක්මනින් ප්‍රතික්‍රියා කරනවා වෙනුවට, ක්‍රියාව පිටුපස ඇත්තා වූ චේතනාව හෝ අරමුණ වටහා ගැනීමට උත්සාහ කරන්න. හිතෝපදේශ 20:5 හි අවවාද කරන්නාක් මෙන් කරන්න: “මනුෂ්‍යයෙකුගේ සිතේ [හෘදයේ NW] තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය; එහෙත් [විනිවිද NW] ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය.”

18. නිෂේධාත්මක චිත්ත ස්වභාවයක් ඉවත් කිරීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක් ද?

18 ඔබගේ සිතේ ස්වභාවයේ බලපෑමට ඔබ නිතර ම යටත්වන්නෙහි ද? අස්ථිර චිත්ත ස්වභාවයක් ඇති තැනැත්තෙකු සමඟ ජීවත් වීම අපහසු ය. මොළයේ ඇත්තා වූ රසායන ද්‍රව්‍යයන් මගින් පාලනය වන බැවින්, අපගේ සිතේ ස්වභාවයන් අපට පාලනය කළ නොහැකි යයි සමහරු තර්ක කරති. එය එසේ වුවත් නැතත්, හැඟීම් බෝවන සුලු ය. අප අවට සිටින තැනැත්තන් අනුව අප සතුටට හෝ අසහනයකට පත් විය හැක. අප තුළ නොයෙක් ආකාරයේ චිත්ත ස්වභාවයන් ඇති කිරීමට සංගීතයට පුළුවන. කතන්දරවලටත් මෙසේ කළ හැක. අපගේ මනස් තුළ අප රඳවා ගන්නා වූ අදහස් අපට හැඟෙන ආකාරය මත බලපෑම් කරයි. ඔබ නිෂේධාත්මක දේවල් ගැන කල්පනා කොට කනස්සල්ලෙන් පසු වෙනවා නම්, ඔබ අසහනයට පත්වනු ඇත; අධිෂ්ඨානයේ ක්‍රියාවක් මගින් ඒකාන්ත යහපත් අදහස් කල්පනා කිරීමට මනස බල කිරීමට ඔබට හැක. ඒවා ගැන සිතන්න. (පිලිප්පි 4:8) මෙය කිරීමට ඔබට අපහසු නම්, යම් ප්‍රබල ශාරීරික ක්‍රියාවක යෙදෙන්න—වල්පැලෑටි උදලු ගෑම හෝ බිම පිරිසිදු කිරීම වැනි යම් වෙහෙස ගෙන දෙන වැඩක වුවත් යෙදෙන්න; නිවසෙන් ඉවතට ගොස්, වන ලැහැබක ඇවිදින්න නැතහොත් හෙමින් හෙමින් දුවන්න, ඊටත් වඩා හොඳ දෙයක් නම්, යමෙකු සඳහා උපකාරවත් වන යම් දෙයක් කිරීම ය—ඔබගේ අවධානය සහ ශ්‍රමය වෙනත් දිසාවකට යොමු කරන ඕනෑ ම දෙයක් මෙයට අඩංගු ය. නරක ස්වභාවයක් වර්ධනය කර සිටිනවාට වඩා යහපත් ස්වභාවයක් පෝෂණය කිරීම වඩාත් හොඳ ය. තව ද, එය ඔබටත් ඔබගේ කලත්‍රයාට සැබවින් ම වඩාත් විනෝද දායක ය!

19. යමෙකුගේ විවාහ කලත්‍රයාගේ චිත්ත ස්වභාවය සමඟ අවබෝධයෙන් යුක්ත ව යමෙකුට ක්‍රියා කළ හැක්කේ කෙසේ ද?

19 කෙසේ වුවද, යම් සිද්ධීන් නිසා ඔබට දැඩි ලෙස දුක ගෙන දෙන හෝ බරපතළ අසනීපයෙන් සහ වේදනාවෙන් හෝ ඔබ පෙළෙන අවස්ථා ඇති විය හැක. නැතහොත් ඔබගේ භාර්යාව සම්බන්ධයෙන් නම්, මාසික චක්‍ර සහ ගැබ් ගැනීම් නිසා බලවත් හෝමෝනවල වෑස්සීම බොහෝ සෙයින් වෙනස් කරවන අතර ස්නායු පද්ධතියට සහ චිත්ත වේගයට බලපෑමක් ඇති කරයි. ස්ත්‍රියක ඔසප් වීමට පෙර නොදැනුවත් ව ම වාගේ පීඩාකාරී වෙහෙසක් අත්දකිනු ඇත. එය වනාහි ස්වාමිපුරුෂයා මනසේ තබා ගත යුතු ප්‍රධාන සාධකයක් වන අතර, කිපෙනවා වෙනුවට තීක්ෂ්ණ බුද්ධිය සහිත ව ක්‍රියා කරන්ට ඔහුට හැක. එවැනි විශේෂ තත්ත්වයන්හි දී ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනා ම චිත්ත ලීලාවේ යම් වෙනසක් ඇති වී තිබීමට හේතුව කුමක් දැයි වටහා ගෙන, වර්ධනය ගෙන දෙන අන්දමකින් ප්‍රතිචාරය දැක් විය යුතුයි. “ප්‍රඥාවන්තයාගේ හෘදය තමාගේ මුඛයෙන් තීක්ෂ්ණ බුද්ධිය පෙන්වීමට සලස්වයි. තව ද, ඔහුගේ තොල්වලට එය ඒත්තුගන්වන සුලු භාවය එකතු කරයි.” තව ද, “සැබෑ මිත්‍රයෙක් සෑම කල්හි ම ප්‍රේමාන්විත ය, සහෝදරයෙක් ඉපද සිටින්නේ විපත්තියේ දී පිහිට වීමට ය.”—හිතෝපදේශ 16:23, NW; හිතෝ 17:17, NW.

20-22. (අ) අනවශ්‍ය ඊර්ෂ්‍යාව මඟ හැරිය යුත්තේ මක්නිසා ද? (ආ) යමෙකුගේ විවාහ කලත්‍රයාට සුරක්ෂිතකමේ හැඟීමක් ලබා දීමට කළ හැක්කේ කුමක් ද?

20 ඔබගේ විවාහ සහකාරිය හෝ සහකාරයා ඊර්ෂ්‍යා සහගත ද? තමාගේ කීර්තිය ගැනත් තමාගේ විවාහය ගැනත් යමෙකු ඊර්ෂ්‍යා සහගත වීම සුදුසු දෙයකි. ඇඩ්‍රෙනලීන් මගින් හෘද ස්පන්දනය නැවත වරක් පටන් ගැනීමට සලස්වන්නාක් මෙන්, අගය කළා වූ යම් කිසිවක් ආරක්ෂා කිරීමට ඊර්ෂ්‍යාව ප්‍රාණය අවුස්සවයි. ඊර්ෂ්‍යාවේ විරුද්ධ දෙය නම් උදාසීනකම ය. අපගේ විවාහයට අප උදාසීන නොවිය යුතුයි.

21 එහෙත් තවත් ආකාරයක ඊර්ෂ්‍යාවක් තිබේ, එය වනාහි අස්ථිරකම මගින් පොලඹවනු ලබන මනඃකල්පිතයෙන් පෝෂණය වන එකකි. එවැනි අසාධාරණ, පමණට වඩා ආරක්ෂා සහිත ඊර්ෂ්‍යාවක් තුළින් විවාහය විශ්වාසය සහ සැබෑ ප්‍රේමය පැවතිය නොහැකි අප්‍රිය බන්ධනාගාරයක් බවට පත් කරනු ඇත. එවැනි ආකාරයෙන් “ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත.” තව ද පීඩාකාරී ඊර්ෂ්‍යාව “ඇටවලට දිරවීමක්ය.”—1 කොරින්ති 13:4; හිතෝපදේශ 14:30.

22 ඊර්ෂ්‍යාව නිසා අස්ථිරභාවයක් දැනීමට සාධාරණ හේතුවක් ඔබගේ කලත්‍රයාට තිබේ නම්, වහා ම එම හේතුව ඉවත් කර දමන්න. නියම හේතුවක් නොතිබේ නම්, ඔබගේ වචනවලින් ද ඊටත් වඩා වැදගත් ලෙස ඔබගේ ක්‍රියාවලින් ද ඊර්ෂ්‍යාව ඇති තැනැත්තාගේ විශ්වාසය වර්ධනය කිරීමට ඔබට හැකි සියල්ල ම කරන්න. හෘදය තුළට කිඳා බසින්න!

23. විවාහක ගැටලු විසඳීමේ දී පිටත සිටින අයගේ උපකාරය සෙවීමට යමෙකු නැඹුරු වන විට, ප්‍රයෝජනදායක ලෙස සලකා බැලිය හැක්කේ කුමක් ද?

23 විවාහකයන් අතර ඇති එකඟ නොවීම් විසඳීමේ දී, පිටත සිටින්නන් උපකාරයක් වනු ඇත් ද? සමහර විට එසේ විය හැක. එහෙත්, විවාහකයන් දෙදෙනා ම එකඟ වූවොත් මිස එසේ නොකළ යුතු ය. පළමු ව, “නුඹේ අසල්වාසියා සමගම නුඹේ කාරණය කථාකරපන්න, [අයදින්න, NW ] අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.” (හිතෝපදේශ 25:9) බේරුම් කර ගැනීමට විවාහයේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටීමේ දී විශේෂ අන්තරාවක් තිබේ. ඔවුන් බොහෝ විට අපක්ෂපාතී නොවීමට ඉඩ ඇත. ඥානවන්ත ලෙස බයිබලය මෙසේ පවසයි: “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය.” (උත්පත්ති 2:24) තම දෙමව්පියන් හා ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් භාර්යාවට ද මෙම දෙය ම අදාළ වේ. එක කලත්‍රයෙකුට විරුද්ධ ව අනෙකාගේ පැත්ත ගනිමින්, විනිශ්චය කිරීමට දෙමව්පියන්ගෙන් හෝ විවාහයේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටිනවා වෙනුවට, ගැටලු තමන්ගේ ම ඒවා ලෙස සලකමින්, ඔවුන් එකතුව ඊට පිළියමක් සෙවීමේ අවශ්‍යතාවය වටහා ගෙන, ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකිනෙකාට ඇලුම් ව සිටිය යුතුයි. අනික් තැනැත්තාගේ අවසරය නොමැති ව පිට අයගේ උපකාරය ඇයැදීමෙන් අන්‍යයන්ගේ ඇස් ඉදිරියෙහි දෙදෙනා ම, අගෞරවයට ලක්වනු ඇත. විවෘත ලෙස අවංක ලෙස සහ ප්‍රේමනීය ලෙස ඔබ දෙදෙනා අදහස් හුවමාරු කරන්නේ නම්, ඔබ දෙදෙනාට ම එම ගැටලුව විසඳා ගත නොහැකි වීමට කිසි ම හේතුවක් නැත. උපදෙස් ලැබීමට වෙනත් මේරූ අයගෙන් විමසීමට පුළුවන, එහෙත් අන්තිම පිළියම රැඳී තිබෙන්නේ ඔබත් ඔබගේ සහකාරියත් මත ය.

24, 25. විවාහයේ ගැටලුවක් විසඳා ගැනීමට උඩඟුකම බාධාවක් වේ නම්, යමෙකුට කුමක් කළ හැකි ද?

24 “ඔබ අහංකාර හෝ සුදුසු තරමට වඩා ඔබ ගැන ම උසස් අන්දමින් සීතිමෙන් වලකින්න” යයි ප්‍රේරිත පාවුල් උපදෙස් දෙයි. (රෝම 12:3, න ඉංග්ලිෂ් බයිබල්) ඔහු ඊළඟට මෙසේ පවසයි: “එකිනෙකාට ගෞරව කිරීමෙහි පෙරමුණ ගන්න.” (රෝම 12:10 NW) අපේ ආඩම්බරයට පහර ලැබෙන සමහර අවස්ථාවන්හි දී සැබෑ ලෙස ද අප එතරම් විශාල නැති බව වටහා ගැනීම උපකාරවත් දෙයකි. ඒකාන්ත ලෙස ම පොළොව සමඟ සැසඳීමේ දී අප විශාල නැත, එමෙන් ම, සූර්යයා ඇතුළු සූර්ය ග්‍රහමණ්ඩලය හා සැසඳීමේ දී පෘථිවිය ඉතා කුඩා ය. අනෙක් අතට එම සූර්ය ග්‍රහමණ්ඩලය විශ්වය තුළ ඉතා කුඩා ය. යෙහෝවඃ වහන්සේගේ ඇස් ඉදිරියෙහි “සියලු ජාතිහු . . . කිසිත් නැතිකමමෙන්ය; ඔව්හු උන්වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති.” (යෙසායා 40:17) දේවල් නිසි තැන තබා ගැනීමට ද, එකඟ නොවීම් එතරම් වැදගත් දේවල් හා සම්බන්ධ නොවිය හැකි බව දැක ගැනීමට ද මෙවැනි අදහස් උපකාර වේ.

25 අප ව තරමට වඩා බැරෑරුම් ලෙස සැලකීමෙන් වළක්වාලීමට සමහර විට හාස්‍යතාවය දැක්වීම අපට උපකාර විය හැක. ඔබ දෙස ම බලා සිනාසීමට හැකි වීම වනාහි මේරූභාවයේ ලක්ෂණයක් වන අතර, එය ජීවිතයෙහි රළු තැන් බොහොමයක් සමතලා කරයි.

“නුඹේ ආහාර ජලය මතුපිට දමාපන්න”

26, 27. සාමකාමි ලෙස වෙනස්කම් විසඳා ගැනීමට ගන්නා උත්සාහයන්ට යමෙකුගේ විවාහ කලත්‍රයා ප්‍රතිචාරය නොදක්වන විට, කුමන බයිබල් ප්‍රතිපත්ති අදාළ කළ යුතු ද, තව ද මක්නිසා ද?

26 වෙනස්කම් සාමකාමි ලෙස විසඳා ගැනීමට ඔබ ගන්නා උත්සාහයන්ට ඔබගේ කලත්‍රයා ප්‍රතිචාරය නොදක්වන්නේ නම් කුමක් ද? බයිබලයේ උපදේශය අනුගමනය කරන්න: “කාටවත් නපුරට නපුර නොකරල්ලා.” අනුකරණය කිරීමට අපට තිබෙන ආදර්ශය වනාහි යේසුස් වහන්සේ ය: “උන්වහන්සේ නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළසේක.” එකට එක කිරීම මනුෂ්‍යයන් අතර සාමාන්‍ය පුරුද්දකි. එහෙත් මෙම ක්‍රියා මාර්ගය ඔබ ගන්නේ නම්, ඔබ ව හැඩගැස්සීමට හා ගොඩනැගීමට ඔබ අන්‍යයන්ට ඉඩ හරිනු ඇත. සැබෑ ලෙස ම ඔවුන් සිටින ආකාරයට ඔවුහු ඔබ ව හැඩගස්වති. මෙය සිදුවීමට ඉඩ හැරීමෙන් ඔබ ව ම ප්‍රතික්ෂේප කිරීමක් ද, ඔබ විසින් රැකගත් හා අගය කළ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමක් ද සිදු වේ. ඒ වෙනුවට, අවට සිටියා වූ අයගේ දුර්වලකම් මගින් වෙනස් නො වී, තමා සිටී ආකාරයට ස්ථිර ව සිටියා වූ, යේසුස් වහන්සේ අනුකරණය කරන්න: “අප අවිශ්වාසවන්ත වුවත්, උන් වහන්සේ විශ්වාසවන්ත ව සිටින සේක, මන්ද, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය.”—රෝම 12:17; 1 පේතෘස් 2:23; 2 තිමෝති 2:13, න. අ.

27 යහපත මගින් නපුරුකමේ ක්‍රියාවලියක් නැවත්වීමට තරම් ශක්තියක් ඔබට තිබේ නම්, යහපතේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ද ඔබට හැකි වෙයි. “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි.” (හිතෝපදේශ 15:1) මෘදු උත්තරයක් පැමිණෙන්නේ දුර්වලකමකින් නොව, එහෙත් ශක්තියකින් බැවින් ඔබගේ කලත්‍රයාට මෙය දැනෙනු ඇත. බොහෝ දෙනෙක් එකට එක කරන බැවින් ඔබ යහපත්කමින් කටයුතු කිරීමෙන්, නපුරු ක්‍රියාවලිය යහපත්කමට හැරවීමට ඔබට හැකි වනු ඇත. සමහර ශුද්ධ ලියවිලි මෙය අඟවයි. “අන්‍යයන්ට නොමසුරු ලෙස පැන් ඉසින තැනැත්තාට නොමසුරු ලෙස පැන් ඉසිනු ලබන්නේ ය.” “නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලබන්නේය.” “නුඹේ ආහාර ජලය මතුපිට දමාපන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.” (හිතෝපදේශ 11:25, NW; ලූක් 6:38; දේශනාකාරයා 11:1) ඔබගේ යහපත්කම කරණ කොට ගෙන ඔබගේ කලත්‍රයාගෙන් යහපත් අස්වැන්නක් ලබා ගැනීමට කාලය ගත විය හැක. ඔබ එක දවසක බීජ වපුරා ඊළඟ දවසේ දී අස්වැන්න කපාගන්නේ නැත. එහෙත් “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය. . . . තවද යහපත්කිරීමට මැළි නොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.”—ගලාති 6:7-9.

28. සන්තෝෂවත් විවාහ ජීවිතයක් ඇති කිරීමට උපකාර විය හැකි හිතෝපදේශ පොතෙහි ඇත්තා වූ සමහර කදිම ප්‍රතිපත්ති මොනවා ද, එමෙන් ම ඒ කෙසේ ද?

28 විවාහකයන්ට සලකා බැලීමට සුදුසු ශුද්ධ ලියවිලි පද හා ප්‍රශ්න සමහරක් පහත සඳහන් වේ:

හිතෝපදේශ 14:29: “කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.” කෝපවීමට කිසි ම හොඳ හේතුවක් නැති බව, ටිකක් කල්පනා කර බැලීමෙන් ඔබට පෙනී යනවා නොවේ ද?

හිතෝපදේශ 17:27: “තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඤාණවන්තයෙක්ය.” ඔබේ ස්ප්‍රීතුව සන්සුන් ව තබා ගෙන, ඔබගේ කලත්‍රයාගේ ස්ප්‍රීතුව කුපිත කළ හැකි වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින්නෙහි ද?

හිතෝපදේශ 25:11: “කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බු මෙනි.” එක වතාවකට සුදුසු වචනය තවත් වතාවකට නුසුදුසු විය හැක. කලට සුදුසු වචනය කුමක් ද යන්න ගැන ඔබ කල්පනාකාරී ව සිටින්නෙහි ද?

හිතෝපදේශ 12:18: “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; [නොසැලකිලිමත්කමින් කතා කරන්නෙක් සිටියි, NW] එහෙත් ඤාණවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” ඔබ කතා කිරීමට පෙර, ඔබගේ කලත්‍රයා කෙරෙහි ඔබගේ වචනවල ඇති බලපෑම ගැන කල්පනා කර බලන්නෙහි ද?

හිතෝපදේශ 10:19: “වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.” සමහර විට අපි කලබල වූ කල්හි, අපි අදහස් නොකළ දේවල් පවසන්නෙමු. පසු ව ඒ ගැන කනගාටු වන්නෙමු. ඔබ මෙයින් වැළකී සිටින්නෙහි ද?

හිතෝපදේශ 20:3: “තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි; එහෙත් හැම මෝඩයෝම ඩබර කරති.” වාද කිරීමට දෙදෙනෙකු වුවමනා ය. එය නවත්වන තැනැත්තා වීමට තරම් ඔබ මේරූකමින් යුක්ත ව සිටින්නෙහි ද?

හිතෝපදේශ 10:12: “වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.” ඔබ නොකඩවා ම පරණ වාද නැවත මතු කරන්නෙහි ද, නැතහොත් ඒවා ඉවත දැමීමට තරම් ඔබගේ කලත්‍රයාට ඔබ ප්‍රේම කරන්නෙහි ද?

හිතෝපදේශ 14:9, “න ඉංග්ලිෂ් බයිබල්”: “වරද හරිගැස්සිය නොහැකි තරමට ම මෝඩයෙකු අහංකාර ය; සමගි කිරීමෙන් අඟවන්නේ කුමක් දැයි නිර්දෝෂ අය දැන සිටිති.” අනික් තැනැත්තාගේ වාසියට ඉඩ හැර, ඔබගේ විවාහය තුළ සාමය සෙවිය නොහැකි තරමට ඔබ අහංකාර ද?

හිතෝපදේශ 26:20: “දර නැති තැන ගින්න නිවීයයි.” වාද කිරීම ඔබට නැවැත්විය හැකි ද, නැතහොත් අන්තිම වචනයත් ඔබ ප්‍රකාශ කළ යුතු ම ද?

එපීස 4:26: “ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා.” වෙනස්කම් ගැන සැමවිට කල්පනා කරමින් ඒ මගින් ඔබටත් ඔබගේ කලත්‍රයාටත් දුක්ඛිතකම දිග්ගස්සන්නෙහි ද?

29. සන්තෝෂවත් විවාහයක් පවත්වා ගෙන යෑමට වෑයම් කරන විට, මතක තබා ගත යුතු සමහර මූලික දේවල් මොනවා ද?

29 ඥානවන්ත උපදේශයෙත් ප්‍රයෝජනයක් තිබෙන්නේ එය ක්‍රියාවට යෙද වූ විට පමණකි. එය ක්‍රියාවේ යොදවා බලන්න. සමාන ව ම, ඔබගේ කලත්‍රයා ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කර බැලීමට කැමැත්ත දක්වන්න. එය ක්‍රියාත්මක වන්නේ දැයි බලන්න. යම්කිසිවක් වැරදුණොත් දොස් තැබිය යුත්තේ කවරෙකු මත ද? එය වැදගත් නැත. වැදගත් දෙය නම් දේවල් නිවැරදි කළ හැක්කේ කෙසේ ද යන්නයි. සුනම්‍ය වන්න. වෙනස්කම් හෙළි කරන්න. ඒවා ගැන සාකච්ඡා කරන්න, ඔබව ම වුවමනාවට වඩා බැරෑරුම් ලෙස නොසලකන්න. අදහස් හුවමාරු කරන්න! ‘ඔබට මෙන් ඔබගේ කලත්‍රයාට ඔබ ප්‍රේම කරන්නෙහි’ නම්, විවාහ සම්බන්ධතාවයට හැඩගැසීම සහ එය සන්තෝෂවත් එකක් කිරීම එතරම් අපහසුවක් නොවිය යුතු ය.—මතෙව් 19:19.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න