ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 3
  • පළමු මිනිසා හා ස්ත්‍රිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පළමු මිනිසා හා ස්ත්‍රිය
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • දෙවියන් පළවෙනි පුරුෂයාවයි ස්ත්‍රියවයි හැදුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • අන්තිම සතුරා වන මරණය නැති කරයි
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදම් පව් කළේ ඇයි?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුල් මිනිස් යුවළගෙන් අපට පාඩමක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 3
ඒදන් උයනේ ඉන්න ආදම් සහ ඒව

කතන්දර 3

පළමු මිනිසා හා ස්ත්‍රිය

මේ පින්තූරයේ තියෙන වෙනස මොකක්ද? ඔව්, ඒකේ ඉන්න මිනිස්සු දෙන්නා නේද? මේ දෙන්නා තමයි පළමු මිනිසා හා ස්ත්‍රිය. ඒගොල්ලන්ව මැව්වේ කවුද? ඒක කළේ දෙවියි. දෙවිගේ නම ඔයා දන්නවාද? ඔහුගේ නම යෙහෝවා. මේ මිනිසාගේ නම ආදම්, ස්ත්‍රියගේ නම ඒව.

යෙහෝවා දෙවි ආදම්ව මැව්වේ මෙන්න මෙහෙමයි. ඔහු පොළොවෙන් දූවිලි ටිකක් අරගෙන ඒකෙන් පරිපූර්ණ ශරීරයක්, ඒ කියන්නේ මිනිසෙකුගේ ශරීරයක් හැදුවා. ඊට පස්සේ ඔහු ඒ මිනිසාගේ නහයට හුස්ම පිම්බාම, ආදම් ජීවත් වෙන්න පටන්ගත්තා.

යෙහෝවා දෙවි ආදම්ට කරන්න වැඩක් දුන්නා. ඔහු ආදම්ට කිව්වා හැම ජාතියෙම සතෙකුට නමක් දෙන්න කියලා. හැම සතෙකුටම හොඳම නම තෝරාගන්න, ආදම් මේ සතුන්ගේ හැසිරීම දිහා කාලයක් තිස්සේ බලා ඉන්න ඇති. ආදම් සතුන්ට නම් දාන කොට, එයාට මොකද්දෝ වෙනසක් දැනුණා. ඒ මොකක්ද කියලා ඔයා දන්නවාද?

සත්තු ඔක්කොම හිටියේ ජෝඩු හැටියට. අලියන්ගේ පිරිමි සතා වගේම ගෑනු සතාත් හිටියා. සිංහයන්ගෙත් පිරිමි සතායි ගෑනු සතායි හිටියා. ඒ වුණාට, ආදම්ට නම් කව්රුත් හිටියේ නැහැ. ඉතින් යෙහෝවා, ආදම්ව බර නින්දකට වැටෙන්න සැලැස්සුවා. ඊට පස්සේ, යෙහෝවා එයාගේ එක පැත්තකින් ඉල ඇටයක් අරගෙන ආදම්ට ස්ත්‍රියක් මවලා දුන්නා. ඇය තමා ආදම්ගේ භාර්යාව වුණේ.

ආදම්ට දැන් කොච්චර සන්තෝෂද! ඒ වගේම මෙච්චර ලස්සන උයනක ජීවත් වෙන්න පුළුවන් වුණ එක ගැන, ඒව කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද කියලා හිතන්න! දැන් ඒගොල්ලන්ට ළමයින් ලැබුණාම සන්තෝෂයෙන් එකට ජීවත් වෙන්න පුළුවන්.

යෙහෝවාට ඕන කළේ ආදම් හා ඒව සදාකල් ජීවත් වෙලා මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන කරනවා දකින්නයි. මේ ගැන හිතද්දී, ආදම් හා ඒව කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද! ඔයත් ඒ කාලේ හිටියා නම්, ඔයා කැමති වෙනවද පොළොව ලස්සන උයනක් කරන්න උදව් වෙන්න? නමුත් ආදම් හා ඒවගේ සන්තෝෂය වැඩි කාලයක් තිබුණේ නැහැ. ඒ ඇයි කියලා අපි බලමු.

ගීතාවලිය 83:17; උත්පත්ති 1:26-31; 2:7-25.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න