ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 12
  • මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ඔවුන් තමුන්ටම කීර්තිමත් නාමයක් ඇති කරගත්තේ නැහැ
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බාබෙල් කොත
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • භාෂාවන් බිහි වුණේ බාබෙල් නුවරින්ද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 12
නුවර හදන අය වෙන වෙන භාෂාවලින් කතා කරපු නිසා අදහස් හුවමාරු කරගන්න බැරි වුණා

කතන්දර 12

මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි

අවුරුදු ගණනාවක් ගත වුණා. නෝවාගේ පුත්තුන්ට ළමයි ගොඩක් හිටියා. ඒ අය ලොකු වුණාට පස්සේ ඒගොල්ලන්ටත් ළමයි හිටියා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ලෝකය මිනිසුන්ගෙන් පිරුණා.

මේ අයගෙන් එක් කෙනෙක් තමයි නෝවාගේ පුතෙකුගේ මුනුබුරා. එයාගේ නම නිම්රොද්. එයා සතුන්වත් මිනිස්සුන්වත් දඩයම් කරලා මරලා දාපු නපුරු මිනිසෙක්. අනික් මිනිසුන්ව පාලනය කරන්න ඕන වුණ නිසා, එයා තමන්වම රජෙක් බවට පත් කරගත්තා. දෙවි නිම්රොද්ට කැමති වුණේ නැහැ.

බාබෙල් කොත

ඒ කාලයේ හිටපු හැමෝම කතා කළේ එක භාෂාවක්. ඒ හැමෝවම එකට තියාගෙන ඒ අයව පාලනය කරන්නයි නිම්රොද්ට ඕන වුණේ. ඉතින් එයා මොනවාද කළේ කියලා ඔයා දන්නවාද? නුවරක් හදලා ඒකේ ලොකු කොතක් හදන්න කියලා එයා මිනිස්සුන්ට කිව්වා. මිනිස්සු ගඩොල් හදන හැටි ඔයාට පින්තූරෙන් පේනවද?

යෙහෝවා දෙවි මේකට කැමති වුණේ නැහැ. දෙවිට ඕන වුණේ මිනිස්සු මුළු ලෝකයේම ජීවත් වෙනවටයි. හැබැයි ඒ අය කිව්වේ, ‘එන්න! අපි නුවරක් හදලා, අහස තරම් උසට කොතකුත් හදමු. එතකොට අපි හොඳට ප්‍රසිද්ධ වෙයි!’ කියලයි. ඒ අයට ඕන වුණේ, දෙවිට ගෞරවය දෙන්නේ නැතුව, තමන්ටම ගෞරවය ලබාගන්නයි.

ඉතින් දෙවි මේ කොත හදන එක නැවැත්තුවා. ඔහු ඒක කළේ කොහොමද කියලා ඔයා දන්නවාද? එකම භාෂාව කතා කරන එක නවත්තලා, එකපාරටම භාෂා කීපයක් කතා කරන්න සැලැස්සුවා. දැන් ඉතින් මේ නුවර හදන අයට, ළඟ ඉන්න එක්කෙනා කියන දේවත් තේරෙන්නේ නැහැ. මේ නිසා තමයි මේ නුවරට, බාබෙල්, නැත්නම් බබිලෝනිය කියන නම වැටුණේ. ඒකෙ තේරුම, “අවුල් කිරීම.”

මිනිස්සු, බාබෙල් නුවරින් යන්න පටන්ගත්තා. එකම භාෂාව කතා කරපු අය එකට හිටියා. ඊට පස්සේ, මෙහෙම හැදුණ කණ්ඩායම් ලෝකයේ වෙන වෙන තැන්වල ජීවත් වෙන්න පටන්ගත්තා.

උත්පත්ති 10:1, 8-10; 11:1-9.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න