ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 13
  • ආබ්‍රහම්—දෙවිගේ මිත්‍රයෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආබ්‍රහම්—දෙවිගේ මිත්‍රයෙක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ආබ්‍රහම් සහ සාරා දෙවියන්ට කීකරු වුණා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහු කවුද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආබ්‍රහම්ගේ මෙන් ඇදහිල්ලක් ඔබට තිබෙනවාද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 13
තරු පිරුණු අහස දිහා ආබ්‍රහම් බලාගෙන ඉන්නවා

කතන්දර 13

ආබ්‍රහම්—දෙවිගේ මිත්‍රයෙක්

ජලගැල්මට පස්සේ මිනිස්සු ජීවත් වෙන්න ගිය තැන්වලින් එක තැනක් තමයි ඌර්. ඒ නගරය ලස්සන ගෙවල් තියෙන ප්‍රසිද්ධ නුවරක්. හැබැයි, එහේ හිටපු අය නමස්කාර කළේ බොරු දෙවිවරුන්ටයි. බාබෙල් නුවරේ ඉන්න කොටත්, ඒගොල්ලන් කළේ ඒකමයි. නෝවා ඒ වගේම එයාගේ පුතා ෂෙම් යෙහෝවාට දිගටම සේවය කළා. හැබැයි, ඌර්වලත් බාබෙල්වලත් ජීවත් වුණ අය ඒ වගේ නෙවෙයි.

ජලගැල්මෙන් අවුරුදු තුන්සිය පනහකට පස්සේ, දෙවිට විශ්වාසවන්තව හිටිය නෝවා මැරුණා. එදා ඉඳන් අවුරුදු දෙකක් ගත වුණාට පස්සෙයි, මේ පින්තූරයේ ඉන්න මිනිසා ඉපදුණේ. එයා දෙවිට හරිම විශේෂ කෙනෙක්. එයාගේ නම ආබ්‍රහම්. එයත් එයාගේ පවුලත් ජීවත් වුණේ ඒ ඌර් කියන නගරෙයි.

දවසක් යෙහෝවා ආබ්‍රහම්ට මෙහෙම කිව්වා: ‘ඌර් නුවරයි, ඔයාගේ නෑදෑයනුයි අත්හැරලා, මම ඔයාට පෙන්වන රටට යන්න.’ ආබ්‍රහම් දෙවිට කීකරු වෙලා ඌර්වල තිබුණ සැප පහසුකම් අත්හැරලා ගියාද? ඔව්, එයා එහෙම කළා. ආබ්‍රහම් දෙවිට හැම තිස්සේම කීකරු වුණ නිසයි, එයාව දෙවිගේ මිත්‍රයා හැටියට හැඳින්වූයේ.

ආබ්‍රහම් ඌර් අත්හැරලා යනකොට එයාගේ පවුලේ සමහර අය එයා එක්ක ගියා. එයාගේ තාත්තා ඒ කියන්නේ තේරා හා එයාගේ සහෝදරයාගේ පුතා ලොත් එයාට එකතු වුණා. ඒ වගේම ආබ්‍රහම්ගේ භාර්යාව සාරාත් එයා එක්ක ගියා. කාලයක් ගියාට පස්සේ ඒ හැමෝම හාරාන් කියන තැනට ආවා. තේරා මැරුණේ එහෙදීයි. මේ වෙද්දී ඒ අය ජීවත් වුණේ ඌර්වලට හුඟාක් ඈතින්.

ටික කාලෙකට පස්සේ, ආබ්‍රහම් එයාගේ ගෙදර අය එක්ක හාරාන්වලින් පිට වෙලා, කානාන් කියන දේශයට ගියා. එහේ ඉන්නකොට යෙහෝවා කිව්වා, ‘මේ දේශය තමයි මම ඔයාගේ ළමයින්ට දෙන්නේ’ කියලා. ආබ්‍රහම් කානාන්වල නැවතුණා. එයා එහෙ ජීවත් වුණේ කූඩාරම්වලයි.

දෙවි ආබ්‍රහම්ට උදව් කළා. මේ නිසා, එයාට බැටළු රැළවල්ද, වෙනත් සතුන්ද ගොඩක් හිටියා. එයාට, සේවකයන් සිය ගණනකුත් හිටියා. හැබැයි එයාටත් සාරාටත් ඒ අයගෙම කියලා ළමයි හිටියේ නැහැ.

ආබ්‍රහම්ට වයස අවුරුදු 99ක් වෙනකොට, යෙහෝවා මෙහෙම කිව්වා: ‘ඔයා ජාතීන් රාශියක පියා වෙන්න යනවා කියල මම පොරොන්දු වෙනවා.’ හැබැයි ආබ්‍රහම් හා සාරා දැන් හරිම වයසයි. ඉතින් ඒ අයට ළමයි ලැබෙන්න විදිහක් නැහැ. ඉතින් එහෙම දෙයක් වෙන්නේ කොහොමද?

උත්පත්ති 11:27-32; 12:1-7; 17:1-8, 15-17; 18:9-19.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න