ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 16
  • ඊසාක්ට හොඳ භාර්යාවක් ලැබෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඊසාක්ට හොඳ භාර්යාවක් ලැබෙයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යන්න මම කැමතියි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • රෙබෙකා—යුහුසුලුව කටයුතු කළ දේවභයැති කාන්තාවක්
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිගේ සිත සතුටු කළ රෙබෙකා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ හිත සතුටු කරපු රෙබෙකා
    දූපුතුන්ට කියා දෙන්න
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 16
ඊසාක් රෙබෙකාව මුල්ම වතාවට දකිනවා

කතන්දර 16

ඊසාක්ට හොඳ භාර්යාවක් ලැබෙයි

මේ පින්තූරයේ ඉන්න ස්ත්‍රිය කවුද කියලා ඔයා දන්නවාද? ඇගේ නම රෙබෙකා. ඇය එන්නේ ඊසාක්ව හමු වෙන්නයි. ඇය, එයාගේ භාර්යාව වෙන්න යනවා. මේක වුණේ කොහොමද?

ආබ්‍රහම්ට ඕන වුණේ එයාගේ පුතා, ඒ කියන්නේ ඊසාක්ට හොඳ භාර්යාවක් හොයල දෙන්නයි. කානාන්වල මිනිස්සු බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු නිසා, එහෙ ඉන්න ස්ත්‍රියක්ව ඊසාක් විවාහ කරගන්නවට ආබ්‍රහම් කැමති වුණේ නැහැ. ඉතින් ආබ්‍රහම් එයාගේ සේවකයාට කතා කරලා මෙහෙම කිව්වා: ‘මගේ නෑදෑයන් ඉන්න හාරාන් දේශයට ගිහිල්ලා, මගේ පුතා ඊසාක්ට භාර්යාවක් තෝරාගෙන එන්න.’

කිව්ව ගමන්ම, ඔටුවන් දහදෙනෙකුත් අරගෙන ආබ්‍රහම්ගේ සේවකයා ඒ දුර ගමන යන්න පටන්ගත්තා. ආබ්‍රහම්ගේ නෑදෑයන් ජීවත් වුණ ප්‍රදේශය ළඟ තිබුණ ළිඳක් ළඟයි එයා නැවතුණේ. දැන් ටිකක් හවස් වෙලා. මේ වෙලාවට තමයි ඒ නගරයේ ස්ත්‍රීන් ළිඳෙන් වතුර ගන්න එන්නේ. ඒ නිසා ආබ්‍රහම්ගේ සේවකයා යෙහෝවාට මෙහෙම යාච්ඤා කෙරුවා: ‘මටත් මේ ඔටුවන්ටත් වතුර ඇදලා දෙන ස්ත්‍රිය, ඊසාක්ගේ භාර්යාව වෙන්න ඔබ තෝරාගන්න කෙනාම වෙන්න ඕනේ.’

වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා වතුර ටිකක් ගන්න ආවේ රෙබෙකා කියන ස්ත්‍රියයි. සේවකයා ඇගෙන් බොන්න වතුර ඉල්ලුවාම, රෙබෙකා එයාට වතුර දුන්නා. ඊට පස්සේ, තිබහෙන් හිටපු ඔටුවන්ටත් ඇති වෙන්න වතුර ඇදලා දුන්නා. ඔටුවෝ හුඟාක් වතුර බොන නිසා මේක ලේසි පහසු වැඩක් නෙවෙයි.

රෙබෙකා වතුර ඇදල ඉවර වුණාම, ආබ්‍රහම්ගේ සේවකයා ඇගෙන් ඇහුවා ඇගේ තාත්තාගේ නම මොකක්ද කියලා. රෑට ඒගොල්ලන්ගේ ගෙදර නවතින්න පුළුවන්ද කියලාත් එයා ඇහුවා. ‘මගේ තාත්තාගේ නම බෙතුයෙල්. ඔයාට අපිත් එක්ක ඉන්න පුළුවන්’ කියලා ඈ කිව්වා. ආබ්‍රහම්ගේ සේවකයා දැනගෙන හිටියා බෙතුයෙල් කියන්නේ ආබ්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ පුතා කියලා. ඉතින්, ආබ්‍රහම්ගේ නෑදෑයන් ගාවට එයාව ගෙනගියාට, එයා දණගහලා යෙහෝවාට ස්තූති කළා.

එදා රෑ, ආබ්‍රහම්ගේ සේවකයා එයා ආපු කාරණය ගැන බෙතුයෙල්ටයි රෙබෙකාගේ සහෝදරයා වන ලාබන්ටයි කිව්වා. රෙබෙකාව එයත් එක්ක යවන්නත්, ඊසාක්ව විවාහ කරගන්නවාටත් ඒ දෙන්නා කැමති වුණා. රෙබෙකා කැමතිද කියලා ඇගෙන් ඇහුවාම, ඇය මොනවාද කිව්වේ? ‘ඔව්, මම යන්න කැමතියි’ කියලා ඇය කිව්වා. ඉතින් ඊළඟ දවසේම, ඔටුවන් පිට නැඟලා ආයෙත් කානාන් දේශයට යන දුර ගමන පටන්ගත්තා.

ඒගොල්ලන් එහෙට යනකොට හවස් වෙලයි තිබුණේ. ඒ වෙලාවේ කෙතේ මිනිසෙක් ඇවිදිනවා රෙබෙකා දැක්කා. ඒ ඊසාක්. රෙබෙකාව දැකලා එයා ගොඩක් සන්තෝෂ වුණා. ඊසාක්ගේ අම්මා සාරා මැරිලා තාම අවුරුදු තුනයි. ඉතින් එයා මේ ගැන ඒ වෙද්දිත් දුකෙන් හිටියේ. ඒ වුණාට, දැන් රෙබෙකාට හුඟක් ආදරේ කරන්න ඊසාක් පටන්ගත්තා. ඒ නිසා, එයා ආයෙත් කාලය ගත කළේ සන්තෝෂයෙන්.

උත්පත්ති 24:1-67.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න