ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 45
  • යොර්දාන් ගඟ හරහා යෑම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොර්දාන් ගඟ හරහා යෑම
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් යොෂුවාව තෝරගත්තා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ගිවිසුම් පෙට්ටිය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • යෝෂුවා පොතෙන් විශේෂාංග
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහා ජලගැල්ම
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 45
ඊශ්‍රායෙල් සෙනඟ යොර්දාන් ගඟ හරහා යයි

කතන්දර 45

යොර්දාන් ගඟ හරහා යෑම

මේ බලන්න! ඉශ්‍රායෙල්වරු යොර්දාන් ගඟ හරහා ගමන් කරනවා! ඒකේ වතුරට මොකද වුණේ? මේක සිදු වුණේ අවුරුද්දේ වැඩියෙන්ම වහින කාලයේදීයි. ඒ නිසා විනාඩි කීපයකට ඉස්සෙල්ලා මේ ගඟ පිරිලයි තිබුණේ. ඒ වුණාට දැන් ඒකේ වතුර බිඳක්වත් නැහැ! ඉශ්‍රායෙල්වරු රතු මුහුද හරහා ගියා වගේම මෙතනත් කරන්නේ ඒකමයි! වතුර ඔක්කොම කොහෙද ගියේ කියලා බලමුද?

ඉශ්‍රායෙල්වරුන්ට යොර්දාන් ගඟ හරහා යන්න කාලය ආවාම, යෙහෝවා යෝෂුවාට කිව්වා මිනිස්සුන්ට මෙහෙම කියන්න කියලා: ‘අපි යන්න ඉස්සෙල්ලා පූජකවරු ගිවිසුම් පෙට්ටිය අරං යන්න ඕනේ. පූජකයන් යොර්දාන් ගඟට අඩිය තිබ්බ ගමන්ම වතුර ගලන එක නැවතෙන්න යනවා.’

ඉතින් පූජකවරු ගිවිසුම් පෙට්ටිය අරන්, මිනිස්සුන්ට ඉස්සරහෙන් ඒක උස්සාගෙන යනවා. යොර්දාන් ගඟ ළඟට ආවාම, පූජකවරු ගඟට අඩිය තියෙනවා. මේ ගඟේ වතුර වේගයෙන් ගලනවා, ඒ වගේම ගඟ හරිම ගැඹුරුයි. ඒ වුණාට ඒගොල්ලන් අඩිය තිබ්බ ගමන්ම වතුර ගලාගෙන එන එක නවතිනවා. මේක නම් හරිම පුදුමයක්! ගඟ උඩහෙන් එන වතුර පාර යෙහෝවා නවත්තලා. ඉතින් වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ගඟේ වතුර හිඳෙනවා!

ගිවිසුම් පෙට්ටිය උස්සගෙන යන පූජයන් හිඳුණු ගඟ මැද්දේ ඉන්නකොට සෙනඟ ගඟ හරහා යනවා

ගිවිසුම් පෙට්ටිය උස්සාගෙන යන පූජකවරු මේ හිඳුණ ගඟ මැද්දටම යනවා. ඔයාට ඒගොල්ලන්ව පින්තූරයේ පේනවාද? ඒගොල්ලන් එතන හිටගෙන ඉන්න අතරතුරේදී ඉශ්‍රායෙල්වරු හැමදෙනාම හිඳුණ ගඟ හරහා ඇවිදගෙන යනවා!

යොෂුවා

හැමදෙනාම ගියාට පස්සේ යෙහෝවා යෝෂුවාට කියනවා ශක්තිමත් මිනිස්සු 12දෙනෙකුට මෙහෙම කියන්න කියලා: ‘ගිවිසුම් පෙට්ටිය උස්සගෙන ඉන්න පූජකවරු ඉන්න තැනට යන්න. එතනින් ගල් 12ක් අරං ඔය හැමෝම අද රෑ ඉන්න තැන ඒවා ගොඩගහන්න. අනාගතයේදී, මේ ගල්වල තේරුම මොකක්ද කියලා ඕගොල්ලන්ගේ ළමයින් ඕගොල්ලන්ගෙන් ඇහුවාම, කියන්න යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය යොර්දාන් ගඟ හරහා ගියාම ගඟේ වතුර ගලන එක නැවතුණා කියලා. ඒ ගල් දකිද්දී මේ ප්‍රාතිහාර්යය වුණ හැටි ඕගොල්ලන්ට මතක් වෙයි!’ පූජකවරු ගංපතුලේ හිටගත්ත තැනත් යෝෂුවා ගල් 12ක් තැබුවා.

අන්තිමට යෝෂුවා ගිවිසුම් පෙට්ටිය උස්සාගෙන ඉන්න පූජකවරුන්ට කියනවා ‘යොර්දාන් ගඟෙන් පිටතට එන්න’ කියලා. ඒගොල්ලන් එනවත් එක්කම ගඟ ආයෙත් ගලන්න පටන්ගන්නවා.

යෝෂුවා 3:1-17; 4:1-18.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න