ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 47
  • ඉශ්‍රායෙලයේ හොරෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉශ්‍රායෙලයේ හොරෙක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෝෂුවා පොතෙන් විශේෂාංග
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝෂුවාගේ මතක සටහන්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොෂුවා 1:9 - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 47
ආකාන් ලස්සන සළුවකුයි රත්තරන් කුට්ටියකුයි රිදී කෑලි ටිකකුයි එයාගේ කූඩාරමේ හංගනවා

කතන්දර 47

ඉශ්‍රායෙලයේ හොරෙක්

මේ මිනිසා එයාගේ කූඩාරමේ වළලන බඩු දිහා බලන්න! එයා හංගන්නේ ලස්සන සළුවකුයි රත්තරන් කුට්ටියකුයි රිදී කෑලි ටිකකුයි. එයා මේ බඩු අරන් තියෙන්නේ යෙරිකෝ නගරයෙන්. ඒ වුණාට යෙරිකෝ නගරයේ තිබුණ දේවල්වලට කරන්න කිව්ව දේ ඔයාට මතකද?

ඒවා විනාශ කරන්න කියලයි කිව්වේ නේද? රත්තරන්වලින් හරි රිදීවලින් හරි හැදුව බඩු තිබුණොත් ඒවා යෙහෝවාගේ මණ්ඩපයේ ගබඩාවට දෙන්න කියලයි කිව්වේ. ඉතින් මේ මිනිස්සු දෙවිට අකීකරු වෙලා. දෙවිට අයිති දේවල් ඒගොල්ලන් හොරකම් කරලා. මේ මිනිසාගේ නම ආකාන්. එයාත් එක්ක ඉන්නේ එයාගේ පවුලේ අය. බලමු මොනවාද වෙන්නේ කියලා.

ආකාන් මේ බඩු හොරකම් කළාට පස්සේ, යෝෂුවා මිනිස්සු කණ්ඩායමක් යවනවා හායි කියන නගරයේ ඉන්න මිනිස්සුත් එක්ක යුද්ධ කරන්න. ඒ වුණාට ඒගොල්ලෝ යුද්ධයෙන් පරදිනවා. ටිකදෙනෙක් මැරෙනවා, අනික් අය පැනගන්නවා. යෝෂුවාට මේ ගැන හරිම දුකයි. එයා මුණින් වැටිලා යෙහෝවාට මෙහෙම යාච්ඤා කරනවා: ‘අනේ ඇයි අපිට මෙහෙම වෙන්න ඉඩ දුන්නේ?’

යෙහෝවා මෙහෙම උත්තර දෙනවා: ‘නැඟිටින්න! ඉශ්‍රායෙල්වරු පව් කරලා. විනාශ කරන්න නැත්නම් යෙහෝවාගේ මණ්ඩපයට දෙන්න තිබුණු දේවල්වලින් සමහර දේවල් ඒගොල්ලන් අරගෙන. ලස්සන සළුවක් හොරකම් කරලා. ඒ දේවලුයි ඒවා ගත්ත කෙනාවයි විනාශ කරන තුරු මම ඕගොල්ලන්ට ආශීර්වාද කරන්නේ නැහැ.’ ඒ නරක මිනිසා කවුද කියලා යෝෂුවාට පෙන්වනවා කියලා යෙහෝවා කියනවා.

ඉතින් යෝෂුවා හැමදෙනාවම එක තැනකට ගේනවා. ආකාන් කියන නරක මිනිසාව යෙහෝවා තෝරනවා. එතකොට ආකාන් කියනවා: ‘මම පව් කළා. ලස්සන සළුවකුයි රත්තරන් කුට්ටියකුයි රිදී කෑලි ටිකකුයි මම දැක්කා. මම ඒවාට කොච්චර ආස වුණාද කිව්වොත් ඒවා මට ගන්න හිතුණා. ඒවා මගේ කූඩාරමෙයි වළලලා තියෙන්නේ.’

මේ දේවල් හොයල යෝෂුවාට ගෙනත් දුන්නාම එයා ආකාන්ට කියනවා ‘ඇයි ඔයා මේ කරදර අපි පිටට ගෙනාවේ? දැන් යෙහෝවා ඔයාට කරදර ගෙනෙයි!’ කියලා. එතකොට හැමදෙනාම ආකාන්ටයි එයාගේ පවුලේ අයටයි ගල් ගහලා මරනවා. අපිට අයිති නැති දේවල් අපි කවදාවත් ගන්න හොඳ නැහැයි කියල මේකෙන් පේනවා නේද?

ඊට පස්සේ ඉශ්‍රායෙල්වරු ආයෙත් යනවා හායි නගරයේ ඉන්න මිනිස්සුත් එක්ක යුද්ධ කරන්න. මේ වතාවේ නම් යෙහෝවා ඔහුගේ සෙනඟට උදව් කරනවා. ඒගොල්ලන් යුද්ධයෙන් ජයගන්නවා.

යෝෂුවා 7:1-26; 8:1-29.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න