ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 69
  • දැරියක් බලවත් මිනිසෙකුට උදව් කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැරියක් බලවත් මිනිසෙකුට උදව් කරයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ඇයට ඕනේ වුණේ උදව් කරන්නයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • කීකරු වෙන්න ඉගෙනගන්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනික් අයගේ දේවල්වලට ආස වෙන්න එපා
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 69
අනාගතවක්තෘ එලිෂා ගැන නාමන්ගේ බිරිඳත් එක්ක ඊශ්‍රායෙල් දැරිය කතා කරමින්

කතන්දර 69

දැරියක් බලවත් මිනිසෙකුට උදව් කරයි

මේ දැරිය මොනවාද කියන්නේ කියලා ඔයා දන්නවාද? එලිෂා කියන යෙහෝවාගේ අනාගතවක්තෘවරයා ගැන තමයි ඇය ඒ ස්ත්‍රියට කියන්නේ. යෙහෝවා එලිෂාට පුදුම දේවල් කරන්න උදව් කරනවා. ඇය මේ ගැනත් කියනවා. ඒ ස්ත්‍රිය ඉශ්‍රායෙල් ජාතික කෙනෙක් නෙවෙයි. ඉතින් ඇය යෙහෝවා ගැන දන්නේ නැහැ. එහෙනම් මේ ගෑනු ළමයා ඒ ස්ත්‍රියගේ ගෙදර ඉන්නේ ඇයි කියලා බලමු.

මේ ස්ත්‍රිය සිරියානු ජාතික කෙනෙක්. ඇගේ පුරුෂයාගේ නම නාමන්. එයා තමයි සිරියානු හමුදාවේ නායකයා. සිරියානුවන් මේ ගෑනු ළමයාව අල්ලාගෙන, නාමන්ගේ භාර්යාවගේ වැඩකාරියක් වෙන්න ඇයව ගෙනාවා.

දැන් නාමන්ට ලාදුරු රෝගය කියන භයානක ලෙඩක් හැදෙනවා. මේ රෝගය නිසා සමහර වෙලාවට කෙනෙකුගේ මස් කුණු වෙලා වැටිලා යන්නත් පුළුවන්. ඉතින් නාමන්ගේ භාර්යාවට ගෑනු ළමයා මෙහෙම කියනවා: ‘අනේ, මගේ ස්වාමියා ඉශ්‍රායෙල් දේශයේ ඉන්න යෙහෝවාගේ අනාගතවක්තෘවරයා ගාවට ගියා නම් කොච්චර හොඳද! එයාට පුළුවන් ස්වාමියාගේ ලාදුරු රෝගය සුව කරන්න.’ පස්සේ මේක මේ ස්ත්‍රියගේ පුරුෂයාට දැනගන්න ලැබෙනවා.

නාමන් ලෙඩේ හොඳ වෙනවට ගොඩක් කැමතියි. ඉතින් ඉශ්‍රායෙල් දේශයට යන්න එයා හිතාගන්නවා. එයා එහේ ගියාම, එයා එලිෂාගේ ගෙදරට යනවා. එලිෂා එයාගේ සේවකයාව එළියට යවලා කියනවා නාමන්ට යොර්දාන් ගඟට ගිහින් එයාගේ ඇඟ හත් වරක් හෝදාගන්නයි කියලා. මේක ඇහුණාම නාමන්ට ගොඩක් තරහ යනවා. එයා කියනවා: ‘අපේ රටේ ගංගා ඉශ්‍රායෙලයේ තියෙන හැම ගඟකට වඩා හොඳයි!’ මෙහෙම කියලා නාමන් එහෙන් පිටත් වෙනවා.

ඒ වුණාට එයාගේ සේවකයෙක් කියනවා: ‘ස්වාමිනී, එලිෂා කිව්වානම් ඔබට අමාරු දෙයක් කරන්න කියලා ඔබ ඒක කරාවි. ඉතින් ඇයි එයා කිව්ව හැටියට නිකම් හෝදාගන්න බැරි?’ නාමන් එයාගේ සේවකයා කිව්ව දේට ඇහුම්කම් දීලා යොර්දාන් ගඟට යනවා. එහෙදී එයා හත් වරක් ඇඟ හෝදාගන්නවා. එයා එහෙම කළාම මෙන්න, එයාගේ හම හරි ගැහිලා සුව වෙනවා!

නාමන්ට දැන් හරිම සන්තෝෂයි. එයා එලිෂා ළඟට ආයෙත් ගිහින් කියනවා: ‘දැන් මම හොඳටම දන්නවා මුළු ලෝකයේම එකම සැබෑ දෙවි ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවි කියලා. ඉතින් කරුණාකරලා, මගෙන් මේ තෑග්ග ගන්න.’ ඒ වුණාට එලිෂා කියනවා: ‘නැහැ, මට ඒක එපා.’ නාමන්ව සුව කළේ යෙහෝවා නිසා, එයා ඒ තෑග්ග ගන්න එක වැරදියි කියලා එලිෂා දන්නවා. ඒ වුණාට ගෙහාසී කියලා ඉන්න එලිෂාගේ සේවකයාට ඕනේ වෙනවා ඒ තෑග්ග ලබාගන්න.

ඉතින් මෙන්න මේකයි ගෙහාසී කරන්නේ. නාමන් හැරිලා ගියාට පස්සේ, ගෙහාසී එයා පස්සේ දුවනවා. ‘එලිෂාව බලන්න දැන් යහළුවො කට්ටියක් ඇවිත්. ඒගොල්ලන්ට තෑග්ගක් හැටියට දෙන්න ඔයාගේ තෑග්ගෙන් ටිකක් ඉල්ලගෙන එන්න කියලා මාව එව්වා’ කියලා ගෙහාසී කියනවා. මේක නම් ලොකු බොරුවක්. ඒ වුණාට නාමන් දන්නේ නැහැනේ මේක බොරුවක් කියලා. ඉතින් එයා බඩු ටිකක් ගෙහාසීට දෙනවා.

ගෙහාසී ආයෙත් ගෙදර යනවා. එලිෂා දන්නවා එයා කරලා තියෙන්නේ මොනවාද කියලා. යෙහෝවා තමයි එලිෂාට මේක කියලා තියෙන්නේ. ඉතින් එයා කියනවා: ‘ඔයා මේ කරපු නරක දේ නිසා, නාමන්ගේ ලාදුරු රෝගය ඔයාට හැදේවි.’ ඒ වෙලාවේම ඒක එයාට හැදෙනවා!

මේ කතන්දරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වෙන්නේ මොකක්ද? පළමුවෙනි එක නම්, අපිත් අර ගෑනු ළමයා වාගේ යෙහෝවා ගැන කතා කරන්න ඕනේ. ඒකෙන් ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා නේද? දෙවෙනි එක තමා, නාමන් මුලදී හිටියා වාගේ අපි ආඩම්බර වෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට, අපි දෙවිගේ සේවකයන්ට කීකරු වෙන්න ඕනේ. තුන්වෙනි දේ තමයි ගෙහාසී වගේ අපි බොරු කියන්න හොඳ නැහැ. ඇත්තටම, බයිබලය කියවනකොට අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් නේද?

2 රාජාවලිය 5:1-27.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න