ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 77
  • ඒගොල්ලෝ වඳින්නෙම නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒගොල්ලෝ වඳින්නෙම නැහැ
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ඔයා නමස්කාර කරන දෙවි කවුද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • එයාලා රූපයට වැන්දේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ගින්නට නොදැවුණු ඔවුන්ගේ ඇදහිල්ල
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • ‘අපේ දෙවිට අපව මුදාගන්ට පුළුවන්’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 77
ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ නෙබුකද්නෙෂර් රජුගේ රන් රූපයට නම්ස්කාර කරන්නේ නැතුව ඉන්නවා

කතන්දර 77

ඒගොල්ලෝ වඳින්නෙම නැහැ

අපි මේ තරුණයන් තුන්දෙනා ගැන කියවලා තියෙනවා කියලා ඔයාට මතකද? ඔව්, හොඳ නැති කෑම කන්න බැහැයි කියලා කිව්ව දානියෙල්ගේ යාළුවන් තමයි මේ. බබිලෝනිවරුන් ඒගොල්ලන්ට කිව්වේ ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ කියලයි. ඒ වුණාට දැන් ඒගොල්ලන් දිහා බලන්න. අනික් හැමදෙනාම කරනවා වගේ ඒගොල්ලන් මේ විශාල පිළිමය ඉදිරියේ වැඳ වැටෙන්නේ නැත්තේ ඇයි? අපි කියවලා බලමුද?

දස පනත කියලා හඳුන්වන යෙහෝවාම ලිව්ව නීති ටික ඔයාට මතකද? පළවෙනි එකෙන් කියන්නේ, ‘මා හැර වෙන කිසිම දෙවිකෙනෙකුට නමස්කාර කරන්න එපා’ කියලයි. මෙතන ඉන්න තරුණයන් ඒ නීතියට තමයි දැන් කීකරු වෙන්නේ. ඒ වුණාට එහෙම කරන එක ලේසි දෙයක් නම් නෙවෙයි.

බබිලෝනියේ රජු නෙබුකද්නෙශර්, එයා හදලා තියෙන මේ රූපයට ගෞරවය කරන්න, වැදගත් අය හුඟදෙනෙකුට අඬගහලා තියෙනවා. ‘හොරණෑවල, වීණාවල හා වෙනත් සංගීත භාණ්ඩවල ශබ්දය ඕගොල්ලන්ට ඇහෙද්දී, ඕගොල්ලන් මේ රත්තරන් රූපය ඉස්සරහ වැඳ වැටෙන්න ඕනේ. වඳින්නේ නැති ඕනෑම කෙනෙක්ව එවෙලේම ගිනි උදුනකට දානවා’ කියලා එයා හැමදෙනාටම කියනවා.

ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ වඳින්නේ නැහැයි කියලා නෙබුකද්නෙශර්ට දැනගන්න ලැබුණාම, එයාට හොඳටම කේන්ති යනවා. ඒගොල්ලන්ව එයා ළඟට ගෙන්නනවා. ඒගොල්ලන්ට වඳින්න තවත් අවස්ථාවක් එයා දෙනවා. ඒ වුණාට ඒ තරුණයන් යෙහෝවාව විශ්වාස කරනවා. ‘අපි සේවය කරන අපේ දෙවිට පුළුවන් අපිව බේරාගන්න. කොහොම වුණත් ඔහු අපිව බේරාගත්තේ නැතත්, අපි ඔබගේ රත්තරන් රූපෙ ඉස්සරහ කොහොමටවත් වැඳ වැටෙන්නේ නැහැ’ කියලා ඒගොල්ලන් නෙබුකද්නෙශර්ට කියනවා.

මේක ඇහුණාම, නෙබුකද්නෙශර්ට තවත් කේන්ති යනවා. ගිනි උදුනක් ළඟ තියෙනවා. ඉතින් එයා අණ කරනවා ‘ඒක තිබුණාටත් වඩා හත් ගුණයකින් රත් කරන්න!’ කියලා. ඊට පස්සේ එයාගේ හමුදාවේ ඉන්න ශක්තිමත්ම මිනිස්සුන්ට කියනවා ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝව ලණුවකින් බැඳලා උදුනට දාන්න කියලා. ඒ උදුන කොච්චර රස්නෙයිද කිව්වොත් ගිනි දළුවල රස්නෙන් අර ශක්තිමත් මිනිස්සු මැරෙනවා. නමුත් ඒගොල්ලන් උදුනට දැම්ම තරුණයන් තුන්දෙනාට මොනවාද වෙලා තියෙන්නේ?

රජු උදුන ඇතුලේ බලනවා. බලනකොට එයාට හොඳටම භය හිතෙනවා. ‘අපි මිනිස්සු තුන්දෙනෙක්ව නේද ගැටගහලා ගිනි උදුනට දැම්මේ?’

‘එසේය ස්වාමිනි’ කියලා එයාගේ සේවකයෝ උත්තර දෙනවා.

‘එහෙනම් මට මේ මිනිස්සු හතරදෙනෙක් ගින්න මැද ඇවිදිනවා පේන්නේ’ කියලා එයා කියනවා. ‘ඒගොල්ලන්ව ගැටගහලා නැහැ. ගින්නෙන් ඒගොල්ලන්ට කිසි හානියක් වෙන්නෙත් නැහැ. හතරවෙනි එක්කෙනා දෙවිකෙනෙක් වගේ.’ රජු උදුනේ දොර ළඟට ගිහිල්ලා, ‘ෂද්‍රක්! මේෂක්! අබේද්-නෙගෝ! මහෝත්තම දෙවිගේ සේවකයෙනි, එන්න එළියට!’ කියලා කෑගහලා කියනවා.

ඒගොල්ලන් එළියට ආවාම, ඒගොල්ලන්ට කිසි හානියක් වෙලා නැහැයි කියලා හැමදෙනාටම පේනවා. එතකොට රජ කියනවා: ‘ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝගේ දෙවිට ප්‍රශංසා වේවා! ඒගොල්ලන්ගේ දෙවිට හැර වෙන කිසිම දෙවිකෙනෙකුට වැඳ වැටෙන්නේ නැති නිසා ඔහු ඔහුගේ දූතයාව එවලා ඒගොල්ලන්ව බේරාගත්තා.’

අපිටත් එහෙම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න පුළුවන් නම් කොච්චර හොඳයිද නේද?

නික්මයාම 20:3; දානියෙල් 3:1-30.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න