ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 96
  • යේසුස් ලෙඩුන්ව සුව කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ලෙඩුන්ව සුව කරයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යේසුස් රජෙකු මෙන් එයි
    මගේ බයිබල් කතන්දර පොත
  • වැඩවලටත් විවේකයටත් “නියමිත කාලයක් ඇත”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ක්‍රිස්තියානීන් සබත් දවස පවත්වන්න ඕනද?
    බයිබලයෙන් උත්තර
  • ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 96
අසනීප කාන්තාවක්ව යේසුස් සුව කරද්දී, ආගමික නායකයන් තරහෙන් බලාගෙන ඉන්නවා

කතන්දර 96

යේසුස් ලෙඩුන්ව සුව කරයි

යේසුස් රට පුරා ගමන් කරද්දී ලෙඩුන්ව සුව කරනවා. මේ ප්‍රාතිහාර්යයන් ගැන ආරංචි ගම්වල හා නගරවල හැම තැනම පැතිරෙනවා. ඉතින් මිනිස්සු කොර, අන්ධ, බිහිරි හා වෙන ලෙඩ තියෙන අයව යේසුස් ළඟට ගේනවා. මේ හැමදෙනාවම යේසුස් සුව කරනවා.

යොහන් යේසුස්ව බව්තීස්ම කරලා දැන් අවුරුදු තුනකටත් වැඩි කාලයක් පහු වෙලා. දැන් යේසුස් ඔහුගේ ප්‍රේරිතයන්ට කියනවා ඔහු ළඟදීම යෙරුසලමට යනවා කියලා. එහෙදී මිනිස්සුන් ඔහුව මරන්න යනවා කියලත්, ඊට පස්සේ ඔහු මරණින් නැවත නැඟිටිනවා කියලත් ඔහු කියනවා. ඒ අතරතුරේදී, යේසුස් ලෙඩුන්ව සුව කරනවා.

දවසක්දා යේසුස් සබත් දිනයක මිනිස්සුන්ට උගන්වනවා. සබත් දිනය කියන්නේ යුදෙව් ජාතිකයන්ට නිවාඩු දවසක්. එදාට ඒගොල්ලන් කිසිම වැඩක් කරන්නේ නැහැ. මේ පින්තූරයේ ඉන්න ස්ත්‍රිය ගොඩක් ලෙඩ වෙලයි ඉඳලා තියෙන්නේ. අවුරුදු 18ක් තිස්සේ ඇයට හරියට හිටගන්න බැරුව මෙහෙම දෙකට නැවිලා තමයි ඉඳලා තියෙන්නේ. නමුත් දැන් යේසුස් ඇය මත ඔහුගේ අත් දෙක තැබුවාම ඇය කෙළින් වෙන්න පටන්ගන්නවා. මෙන්න, දැන් ඇය සුව වෙලා!

මේක දැක්කාම ආගමික නායකයන්ට හරිම තරහයි. ‘අපිට වැඩ කරන්න දවස් හයක්ම තියෙනවා. සුව වෙන්න ඕනේ නම් ඒ දවස් හයෙයි එන්න ඕනේ. මොකද මේ සබත් දවසෙම එන්නේ’ කියලා එක නායකයෙක් කෑගහලා කියනවා.

හැබැයි යේසුස් මෙහෙම කියනවා: ‘නපුරු මිනිස්සුනි, ඔය හැමදෙනාම, සබත් දවසේදී ඕගොල්ලන්ගේ බූරුවෙකුට වතුර බොන්න දෙන්න ඕන වුණාම ඌව ලිහලා ගෙනියන්නේ නැද්ද? එහෙනම් මේ අවුරුදු 18ක් තිස්සෙ ලෙඩ වෙලා හිටපු අසරණ ස්ත්‍රියව සබත් දිනේ සුව කරන එක වැරදි දෙයක්ද?’ යේසුස් මෙහෙම කියනකොට මේ නපුරු මිනිස්සුන්ට ලැජ්ජා හිතෙනවා.

ඊට පස්සේ යේසුස් ඔහුගේ ප්‍රේරිතයන් එක්ක යෙරුසලම පැත්තට ගමන් කරනවා. ඒගොල්ලන් යෙරිකෝ නගරයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී අන්ධ හිඟන්නෝ දෙන්නෙක්ට ඇහෙනවා යේසුස් ළඟින් යනවා කියලා. ඉතින් ඒ දෙන්නා: ‘යේසුස්, අපට උදව් කරන්න!’ කියලා කෑගහනවා.

යේසුස් ඒ අන්ධ මිනිස්සුන්ට ළඟට එන්න කියලා ඒගොල්ලන්ගෙන් අහනවා ‘ඇයි, මගෙන් මොනවාද වෙන්න ඕනේ’ කියලා. ඒගොල්ලන් කියනවා ‘අනේ ස්වාමිනි, අපේ ඇස් ඇරෙන්න සලස්වන්නකෝ’ කියලා. යේසුස් ඒගොල්ලන්ගේ ඇස් ඇල්ලුවාම එකපාරටම ඒගොල්ලන්ගේ ඇස් ඇරෙනවා! යේසුස් මේ ප්‍රාතිහාර්යයන් ඔක්කොම කරන්නේ ඇයි කියලා ඔයා දන්නවාද? ඒ යේසුස් මිනිස්සුන්ට ආදරේ නිසායි. ඒත් එක්කම ඒගොල්ලන් ඔහු ගැන විශ්වාසය තබනවාටත් ඔහු කැමතියි. එහෙමනම් ඔහු රජ හැටියට පාලනය කරනකොට මේ ලෝකයේ ඉන්න කවුරුවත්ම ආයෙත් නම් ලෙඩ වෙන්නේ නැහැයි කියලා අපිට ස්ථීරයෙන්ම කියන්න පුළුවන් නේද?

මතෙව් 15:30, 31; ලූක් 13:10-17; මතෙව් 20:29-34.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශන

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න